නොපෙනෙන ලෝකය

85 වසරකට පෙර කල බන්දනයෙන් නිවස ගින්නෙන් දැවෙයි


පසුගිය දිනක නිමිත්තක් බලන්නට එක් පුද්ගලයෙක් පැමිණියා.

තම නිවසේ ඔහුගේම කාමරය සම්පුර්ණයෙන්ම ගිණිගෙන විනාශයට පත්වෙලා. ඒ ගින්නේන් සමස්ත නිවසම භාවිතා කල නොහැකි ලෙසින් විනාශ වී ගොසින්.

ඔහුට අවශ්‍ය වෙලා තිබුනේ ගේ ගිණි ගැනීමට හේතුව කුමක්ද කියන එක දැන ගන්න.

ඔහු නිමිත්ත තිබ්බම ඒ තුලින් මට පෙන්වන්නේ ප‍්‍රබල මලගිය ආත්මයක බලපෑමක්…..

නමුත් ගෙයක් ගිණි තියන්න සමත් මලගිය ආත්මයක් සිටිය හැකිද යන්න පිළිබදව මටත් පොඩි සැකයක් ඇති කලා…

මේ නිසාම මම භාවනාව තුළින් මේ පිළිබදව වැඩි තොරතුරු සොයන්නට පටන් ගත්තා….

මම එකින් එක් දකින තොරතුරු ඔහුගෙන් විමසුවා.

එ සියල්ල අවසානයේ ඔහුගේ බුදු කාමරයට කෙලින් අල්ලපු වත්තේ ඇති මඩුවක දොරටුව හරහට වාඩිවී ඉන්න ආත්මයක් මට දැක ගන්න පුලූවන් වුණා……

එ ආත්මය දක්ෂ යකදුරෙක්……..

මම ඔහු සමග සන්නිවේදනය කරන්න උත්සහ කලා නමුත් ඒ ආත්මය එයට සුදානම් නෑ……

උත්සහය පැත්තකින් තියලා මම මේ ආත්මය නිමිත්ත තැබු පුද්ගලයා සමග ඇති ගැටලූව සොයන්න උත්සහ කලා…..

මම තේරුම් ගත්තා මේක වසර 85 සිට දිගින් දිගට එන ගැටලූවක් බව…. ඒ කියන්නේ මේ මුල් ඉඩමට ඇති කල බන්දනයක්….

කිසිම විදියකින් ඒ බන්ධනය ඉවත් කල නොහැකියි. යම් යකදුරෙක් එය ඉවත් කරන්නට මතුරනවනම් බන්ධනය කර ඇති යකදුරා එයට ප‍්‍රතිවිරුද්ධ මංත‍්‍ර ජපකරනවා…. අවසානයේ සිද්ධ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්නයි….

මම මේ තොරතුරු ටික නිමිත්ත බැලූ පුද්ගලයට පැවසුවා.

ඔව් මහත්තයෝ ඔය මහ ඉඩම නඩු කාරයෙක්ගේ ඉඩමක්..

ඒ ඉඩම වෙන්දේසි කරා ඒ සියලූම ගෙවල් මේ පිඩනයෙන් දුක් විදිනවා… ගොඩක් තැන් වලින් ඉඩමට කල බන්දනයක් ගැන කියලා තියෙනවා… ඒ අය එක එක දේවල් කරනවා . කරලා ගිය ගමන් තිබ්ටත් වැඩිය ප‍්‍රශ්ණ වැඩි වෙනවා….

ඔහොම ආත්මයක් ගැන දැනගත් පලමු අවස්ථාව……

ඔබ ගිණිගත් දිනයේ මොකද්ද විශේෂයෙන් කල දෙය.

මැණි කෙනෙක් මගේ ප‍්‍රධානින්ව නම්ම ගන්න මතුරා දුන් යන්ත‍්‍ර වගයක් මම ගින්නට දැම්මා.

සියල්ල පැහැදිලිය.

මම නිවසේ දැනට තියෙන පරණ යන්ත‍්‍ර මන්ත බලයන් ඉවත් වෙන්න විසදුමක් දෙන්නම්.

එත් මම හිතන්නේ නෑ ඔබට මේ බන්දනයෙන් මිදෙන්න පුලූවන්වෙයි කියලා.

අපි විශ්වයට එය බාරදෙමු.

මා ඔහුට විශ්ව පිළියමක් දුන්නේය. එම ආත්මය කිසිවක් නොකියා මා දෙස බලා සිටින අයුරු මා දුටුවේය. එම ආත්මය කිසිවක් නොකියා මා දෙස බලා සිටින අයුරු මා දුටුවේය.
…………………………………………………………………….

ඔහු ආශ‍්‍රමයෙන් නික්ම යන විට ඔහු තාවකාලිකව නැවතී සිටි නැගණියගේ නිවසේ සිටි ඇගේ මාමණ්ඩිය මිය ගොස්ය.

මළ කිල්ල ඔහුගේ පිලියම කරන්නට අවකාශ සැලසුවේ නැත.

මට මෙතෙක් හමුවු ප‍්‍රබලම ආත්මය එයයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close