මලයක්ෂ ආත්මයෙන් භූතාත්මයට ...
පසුගිය කාලයේ දිනක ආශ‍්‍රමයට කලින් පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වු වෙනස් කම් කිහිපයක් හේතුවෙන් නිමිත්තක් බලන්නට පැමණියා.
නිමිත්ත තුළින් මම දුටුවා ඔහුට යම් හදිහුනියම් ආකාරයේ බලපෑමක් ක‍්‍රීයාත්මක වෙමින් පවතින බව…..
ඒ හේතුවෙන්ම මා භාවනාව තුළින් මෙහි අභ්‍යන්තරය සෙයා බලන්නට වුණා.
මම එකින් එක මා දකින විස්තර ඔහුට පැවසුවත් ඔහු එහි යම් යම් ස්ථාන පිලිබදව නිසි හදුනා ගැනීමක් කලේ නෑ.
ඔහු දැනට අලූතින් ඉදිකරගෙන යන නව නිවස පවතින ප‍්‍රදේශය අවට ප‍්‍රදේශයක් විය යුතු බව ඔහුගේ අදහස විය. එයට හේතු වුයේ ඔහුගේ නිවස පැවති ස්ථානය පිලිබදව මා පැවසූ ඉගි ඔහු හදුනා ගැනීමයි…
ඔහුගේ ගැටලූව උදෙසා මා භාවනාව තුළින්ම විශ්ව කැපිල්ලක් ලබා දුන්නා…
මා ලබා දුන් නැකත් අනුව ඔහු පිලියම සිදු කර තිබුණා….
ඔහුගේ එතෙක් පැවති ගැටලූ ටික සෙමෙන් සෙමෙන් විසදෙන්නට වුණා.
පසුගිය සතියේ ඔහු යලිත් ආශ‍්‍රමයට පැමිණියා.
ඔහුගේ අලූතින් ඉදිකරගෙන යන නිවස ආසන්නයේ වු ගසක් ගිණිගෙන….
මෙම සිදුවීම ඔහුගේ මනස පිඩාවට පත් කොට තිබුණා….
යලිත් මේ පිලිබදව ගැඹුරින් සොයා බලනු ලැබුවා.
මා පෙර සේම යම් ස්ථාන කිහිපයක් හා පුද්ගල චරිත කිහිපයක් පිලිබදව විමසා සිටියා…
මහත්තයෝ එදා කිව්වෙත් ඔය තැනමයි.
මට ගෙදර ගියාට පස්සේ මතක් වුණා. ඔය පෙන්වන කෙනාගේ එක් නිවසක් තමයි එතන තියෙන්නේ….
ඒ නිවස ඔහුන් අතහැර දැම්මා… තොවිල් පවිල් කරත් එහි තියෙන කුමක් හෝ ගැටලූවක් විසද ගන්න බැරි වුණා….
මොහු ජිවත් වුයේද ඒ ඉඩමේම කොටසකය.
පලමු පිලියමෙන් ඒ ඉඩමට කර තිබු බන්ධනයෙන් මලයක්ෂ ආත්මය නිදහස් වී සාමාන්‍ය භූත ආත්මයක් බවට පත්ව ඇත .
ගහ ගිණිගෙන ඇත්තේ එය පෙන්වා ලීම වුදෙසාය.
ඒ මලගිය ආත්මයද ඒ භූමියෙන් ඉවත්ව යන්නට බොහොම සරල ඉල්ලීමක් ඉදිරිපත් කලේය.
ඔහු එයද ඉටු කරනු ඇත .
මෙවන් අයුරින් මලයක්ෂ භන්ධනයක සිරවී සිටින ආත්මයක් ඒ සැණින් සාමාන්‍ය මලගිය ආත්මයක් බවට පත්වු අවස්ථා පිලිබදව මා ලත් දෙවන අත් දැකීම මෙය විය.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74