නොපෙනෙන ලෝකය

පොරොන්දුව සොයා ආ අම්මා ...


ඉංග‍්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා පොරෙන්දු කියන්නේ වචන විතරයි කියලා.

එය ඇත්තක් නොවන බවට හේතු කාරණා අපේ ජිවිත වල ඕන තරම් තියෙනවා. පසුගිය දිනක පෙරෙන්දුවක් වසර ගණනක් තිස්සේ ජිවිත ගණනක් පිඩාවට ලක්කල අවස්ථාවකට මැදි වෙන්න අවස්ථාව උදාවුණා…..

විදෙස්ගතව සිටින එක්තරා යුවලක් ආශ‍්‍රමයට පැමිණියා ඔහුන්ට අවශ්‍ය වුනේ නිමිත්තක් බලන්න….

නිමිත්ත විග‍්‍රහ කිරිම මදකට පසෙකින් තැබු මා ඔහුන්ගේ ප‍්‍රධානම ගැටලූව ලෙසින් දුටුවේ මලගිය ආත්ම දෙකක් ඔහුන්ව පිඩාවට පත්කිරීම බව පැවසුවා.

ඔහුන් කිව්වා ඔව් අපි ආවේ එයට තමයි කියලා. මේහෙදි විතරක් නොවෙයි විදේශයේදිත් මේ මලගිය ආත්මය ඔහුන්ට දැඩි ලෙස පිඩා ඇති කරන බව පැවසුවා.

මම නිමිත්ත පසෙකින් තබා භාවනාවට පිවිසියා

නා ගස් පාර දිගට තියෙන ටිකක් නාගරික පරිසරයක තියෙන පන්සලකට නිතර යන වයසක කන්තාවක් හිටියද ?

ඔව් ඒ අපේ අම්මා ඔය ….. පන්සල අම්මා හැමතිස්සේම පන්සලේමයි…

අම්මා බුදු පිලිමයක් පුජා කරන්න හිතා හිටියද ?

එකනම් දන්නේ නෑ මහත්තයෝ අපි රට ඉන්න නිසා…. අම්මා හැම දාම පිං කම් කරනවා….

මොකද්ද අම්මගේ වළලූ දෙකේ ප‍්‍රශ්ණේ …..?

ප‍්‍රශ්ණයක්නම් උනේ නෑ . අම්මා මගෙන් කලින් අපු වෙලාවක මාලයකුයි වලලූ දෙකකුයි ඉල්ලූවා. එදා මම මාලේ අරන් දුන්නා. ආයිත් ආවම වලලූ දෙක අරන් දෙන්නම් කිව්වා. එත් ඊට කලින් අම්මා නැති වුණා……

ගැටලූව තියෙන්නේ එතනයි. අම්මා වලලූ දෙක දෙනකන් බලාගෙන ඉන්නවා. එක පරක්කු වෙන කොටයි . ඒ රටටත් ඇවිත් තියෙන්නේ. ඇවිත් බෙල්ල මිරිකන්නේ….

මම අම්මගේ රූපයට පහනක් පත්තු කරන්න ගත්තා ඉන් පස්සේ තමයි කරදර කරන්න පටන් ගත්තේ. පිරිත් දැම්මම මොකුත් නෑ. නොදැම්ම දවසට බෙල්ල මිරිකනවා….

තම පිඩාකාරි ආත්මයෙන් මිදෙන්නට අවශ්‍ය කුමක්දැයි කියා මා ඒ ආත්මයෙන් විමසුවා.

පෙරහැරින් ගොස් බුදුපිලියමක් පන්සලට පුජා කරන්න.

පුජා කරලා ඉවර වෙලා රෙදි කෑල්ලක තියලා වලලූ දෙක පහන් පත්තු කරන මේසය උඩින් තියන්න….

සිදුවීම සටහන් කර ඉවරයි.

පසු සටහනක් ලිවිය යුතුයි.

මෙය එක් සිදුවීමක් පමණයි.

පසුගිය වසර දහය තුළ මලගිය ආත්ම හරහා පිඩා විදි මිනිසුන් දෙස හැරී බලන විට ඒ මිනිසුන්ව කොතරම් මින්සුන් මුලා කර තියෙනවද කියන කාරණය හොදින්ම තේරෙනවා. දින විසි එකේ බෝධි පුජා දින විසි නවයේ වන්දනා සති තුනේ පහන් පුජා බෝතල් වල දාලා මුහුදට දාන එවා කි නොකි හැම දේම………

ආත්මයක් යමෙක්ට ඇතිකරන බලපෑමෙන් මිදවීම බොහොම සරලයි. එයට කිසිදු වියදයක් හෝ දිගු වැඩපිලිවෙලක් ගත වෙන්නේ නෑ…

හැබැයි එය ඒ ආත්මය නිදහස් කිරීමම නොවන්න පුලූවන්….

ඒ ආත්මය චුත වෙනවද වෙනත් ආත්මයකට යනවද කියන එක විශ්වීය කාරණාවක් … එයට අපට මැදිහත් වෙන්න බෑ… අපට කල හැක්කේ  අප ලගට එන පුද්ගලයාට ඇතිකරන බලපෑම පාලනය කර දීම පමණයි.

මෙය හොදින් තේරුම් ගන්න.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close