නොපෙනෙන ලෝකය

මග නොදැන වද දෙන නැන්දනිය .......

පසුගිය දිනක හදිසියේ රෝගාතුර වු ගුරුවරියක් ආශ‍්‍රමයට පැමිණියා. ඇය සමග ඛථා කරමින් ඉන්න විට මම දුටුවා යම් ආත්මයක් ඇය හා සම්භන්ධව ඇති බව. ඒ ආත්මය මැදිවිය ඉක්මවු කාන්තාවක් ලෙසින් පෙනී සිටියා. ඇයගේ කොන්ඩය කැරලි ගතියක් තිබුණා. ඇය බතික් වැඩ කරපු අයෙක්.

මම මේ පිලිබදව ගුරුවරියගෙන් විමසුවා.

එත් ඇයට එ පිළිබදව හැගීමක් තිබුනේ නෑ. එ නිසාම මම මේ මලගිය ආත්මයේ මුලයන් සොයා යන්නට වුණා. මම දකින සිදුවීම් පෙලින් පෙල කියාගෙන ගියා.

සමාන්තරව තියෙන කදු දෙකක් තියෙනවා . එක කන්දකින් තාර දාපු පාරක් යනවා. අනික් කන්ද භාගයක් රබර් වවලා. අනික් කොටසේ රබර් ගලවලා දාලා. කදු දෙක අතර තියෙන්නේ පටු වෙලක්……..

ඔය මහත්තයෝ ගාල්ලේ අපේ ගම…

ඒ වෙළ ගාව පුවක් වැටියක් එක්ක තියෙන ලොකු ඉඩම කාගේද ?

එ ඉඩම අපේ ලොකු නැන්දගේ

ඒ ඉඩමේ උඩහට වෙන්න තිබ්බ පරණ ගෙය කාගෙද ?

අපේ තාත්තගේ

එතකොට වත්ත පහල තව ගෙයක් තිබුණ ද?

ඔව් ඒ තාත්තගේ කඬේ

කවුද තාත්තගේ ගේ කඩා දැම්මේ ?

ලොකු නැන්දලාට තාත්තා ගමේ නැති කාලේ ගේයි කඩෙයි බලා ගන්න පවරලා තිබුනේ ඒඅ ය ගේයි කඩෙයි කඩලා ඉඩම බලෙන් අල්ල ගත්තා.

ඒ පවුලේ කවුද බතික් වැඩ කලේ…..

ලොකු නැන්දගේ දුව

එයා ලග ඉදලා නැතිවුණ කැරලි කොන්ඩයක් තියෙන වයසක ගැණු කෙනා කවුද ?

පොඩි නැන්දා

අන්න එයා තමයි ඔබට බලපෑම් ඇති කරමින් ඉන්නේ.

හැබැයි එයා හිතනවා ඒ ඉඩම් වල හරි අයිතිය ඔබට හිමි විය යුතුයි කියලා.

අවසානයේ මා එම ආත්මය මිදෙන්නට ඉල්ලා සිටින්නේ කුමක්දැයි කියා විමසුවේය.

මට ගමට යන්න පාර පෙන්වන්න කියන්න.

ඒ ආත්ම යමට පටු යකඩ පාලමක් පෙන්නුවේය. ඇයට යා යුත්තේ එතනට පමණි. ඇය එතනින් එහාට යා යුතු අයුරු හොදින් දනියි.

මම මේ පිලිබදව ගුරුවරියගෙන් විමසුවේය.

ඔය අපේ ගමට ඇතුලූවෙන තැන තියෙන පරණ පාලම. පොඩි නැන්දා අන්තිම කාලේ හිටියේ කඩුවෙල .ලොකු නැන්දගේ දුව හිටියේ එහේ… දුවගේ ගෙදර තමයි එයා හිටියේ.

ආත්මය රුගෙන යා යුතු වේලාව හා ගෙනයා යුතු ආකාරය මා ගුරුවරියට කියා දුන්නේය.

මට හමුවු මෙවන් ඉල්ලීමක් කල දෙවන ආත්මය මෙය ලෙසින් මගේ මතකයට එක් වුණි.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

2 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x