නොපෙනෙන ලෝකය

හෝටලයේ භූතයාගෙන් මතුවුණ සිව් වසරක පටලැවිල්ල ......

පසුගිය දිනක යුවලක් ආශ‍්‍රමයට පැමිණියා. ඔහුනගේ ව්‍යාපාරික ස්ථානය දැඩි ගැටලූවකට මැදි වෙලා තිබුණා. ඒ ව්‍යාපාරික ස්ථානයේ මලගිය ආත්ම කිහිපයක් වරින් වර පෙනෙන තත්වයක් ඇති වෙමින් පැවතියා.

මා නිමිත්ත තුළින් ද දුටුවා මලගිය ආත්ම තුනක් ඔහුනගේ ව්‍යාපාරය තුළ සිටින බව….

එහෙත් නිමිත්ත තුළින් මෙය මලගිය දෝසයකට වඩා ගැඹුරක් සහිත ගැටලූවක් බව පෙන්වන්නට වුණා…..

එයට හේතුව වුයේ මේ ආත්ම ඔහුන්ගේ ජිවිතයේ ප‍්‍රධාන තැන් තුනක් තුළ ක‍්‍රීයාත්මක වීමයි.

තම ස්ථාවරත්වය උදේසා මුල පිරීම ව්‍යාපාරික සබදතා හා ව්‍යාපාරයේ ආදායම යන කරුණු තුන මේ ආත්ම විසින් සිරකොට තැබුණා…..

මාගේ අත්දැකීම තුළ මා දැන සිටියා බන්ධනයක් තුළට සිරකරනු ලබන ආත්මයන්ට මිස වෙනත් ආත්මයන්ට මෙවන් ප‍්‍රධාන නිශ්චිත අරමුණු තුළ කටයුතු කල නොහැකි බව……

ඒ නිසාම මා භාවනාව තුළින් මේ ගැටලූවේ ගැඹුර සොයන්නට පටන් ගත්තා…..

මේ ප‍්‍රශ්ණය ඇරඹෙන්නේ මේ ව්‍යාපාරික ස්ථානයෙන් නොවෙයි. ටිකක් කල්පනා කරලා බලන්න අදින් වසර හතරකට පමණ පෙර ඔබ යම් කෙනෙක් සමග ගැටලූවක් ඇති කර ගත්තද ?

ඒ ගැටලූවට සම්භන්ධ කෙනාගේ ගෙය හෝ ව්‍යාපාරික ස්ථානය ඉදිරියේ තට්ටු දෙකටම උස කනු තියෙන කාපෝච් එකක් තියෙනවා…. වාහනය දොර ලගටම ගන්න පුලූවන් ලෙස හදපු තැනක්….

මතක විදියටනම් එහෙම දෙයක් වුනේ නෑ.

හොදින් කල්පනා කරලා බලන්න පාරෙන් පහලට බෑවුම් වෙච්ච ඉඩමක් මේ ප‍්‍රශ්ණයට සම්භන්ධයි…

ආ…. ඔව් මම ඉඩමක් මිලදි ගන්න ගිහින් ප‍්‍රශ්ණයක් වුනා……. ( ඔහුන් එ ප‍්‍රශ්ණය විස්තර කල අතර එය බරපතල වු ගඨ්ටනයකි *

මේ ප‍්‍රශ්ණ සියල්ල නිර්මාණය කර ඇත්තේ ඒ සිදුවීමේ ප‍්‍රතිඑලයක් ලෙසිණි. ඔහුන් එදා මිලදි ගත් භූමියේ ඉදිකරන්නට ගත් නිවසද තවමත් අතර මග අතහැර දැමු අයුරින්ම පවති.

ව්‍යාපාරික ස්ථානයෙන් මේ ප‍්‍රශ්ණය විසදන්න බෑ.

මේ ගැටලූවේ මුල තියෙන්නේ ඔය ගොල්ලෝ මිලදි ගත් ඉඩමේ…..එතනින් පමණයි මෙය විසදිය හැක්කේ….

ඔහුන් අවස්ථා කිහිපයකදීම විවිධ ක‍්‍රම හරහා ව්‍යාපාරික ස්ථානයේ ගැටලූවට පිලියම් යොදා තිබුනද විසදුමක් නොලැබීමට හේතුවද එයයි….. මා ඔහුනට එයට කලයුතු පිලියම කියා දුන්නේය….

අප දෙයක් මතුපිටින් දකින ආකාරයම තුළ එය තේරුම් ගන්නට උත්සහ දැරුවහොත් සිදුවන්නේ රුවටීමකට ලක්වීමය….

දීක්ෂා ගුරුවරයෙකුගේ කාර්්‍යභාරය වනුයේ දකින දෙයින් ඔබ්බෙහි වු යථාර්තය අවබෝධ කර දීමය….

යම් ශාස්ත‍්‍රවේදියෙක් මේ ගැඹුර නොදකින්නේද ? ඔහු තමාටම මෙන්ම සමාජයටදප අවැඩක් සිදුකරනු ලබයි.

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x