නොපෙනෙන ලෝකය

දුවගෙන් පලිගත් අනියම් බිරිද

මෙය ටිකක් වෙනස් සිදුවීමක්…

පසුගිය කාලයේ දිනක එක් තරුණියක් තම මවත් සමග ආශ‍්‍රමයට පැමිණියා…

බැලූ බැල්මෙන්ම ඇය සාමාන්‍ය පංතියේ දරුවෙක් නොවන බව පෙනෙන්නට වුණා… සිංහල භාෂාව පිලිබදව හැගීමක්වත් ඇයට තිබුනේ නෑ….

ඇය පැමිණියේ නිමිත්තක් බලන්න…

ඇය නිමිත්ත තැබු පසු මා ඇයගේ ගැටලූව කුමක්දැයි කියා බැලූවා…

මා දුටුවා විශාල පොල් වත්තක් එහි පහල දිය පහරක් ඒ පොල් වත්ත ආසන්නයේ කෑලෑව වැවුණු තවත් ඉඩමක් ඒ කෑලෑව තුළ නිල් පැහැති ඩෙනිම් කලිසමක් මා සුදු කලූ ඉරි තියෙන ඇගට තද බ්ලවුසයක් ඇදි තරුණියක් වේගයෙන් දුවයනු මා දුටුවා.

ඇය කැළෑව තුළට ගොස් පොඩි බෝතලයක තිබුණු යම් දෙයක් බිව්වා.

ඒ එක්කම වගේ පිරිමි දෙන්නෙක් ඇයව හොයමින් පැමිණෙන අයුරින් ඒ තැනට පැමිණියා. එක් අයෙක්ගේ අතේ පිහියක් තිබුණා. මම මේ සිදුවීම තේරුම් ගත්තේ යමෙක් මේ තරුණියව මරන්න ඉන්න බව දැනගෙන ඇය එයට පෙර වස බිවු බවයි.

මම දකින ටික ඇයට විස්තර කර දුන්නත් ඒ පිලිබදව ඇයට හැගීමක් තිබුණේ නෑ. හැබැයි ඇගේ මව මේ සියල්ල තේරුම් අරන් තිබුණා….

ඔය පෙන්වන්නේ අපේ ගමේ ඉඩම්…. ඔය සිදුවීම නම් මම දන්නේ නෑ… නමුත් පරිසරය අපේ ගමේ ඉඩමට සමානයි…

මා මේ ගැටලූවේ මුලය හෙයන්නට වුණා…

ඔය ඉඩම තියෙන පැත්තේ කන්දක් උඩ තියෙන පාසලක් තියෙනවද ? එකේ ලොකු පිට්ටනියක් තියෙනවා… පාරෙන් යනවිට කනද මැද හරියේ ලස්සනට මේ පිට්ටනිය පේනවා..

ඔව්…. ඒ ගමේ පාසල

ඔබේ සැමියා ඉන්නවද ?

නැහැ…

එයා හදිසියේද මැරුණේ….

ඔව්…

අන්තිම දවස් වල එයා ගොඩක් බයෙන් හිටියද ?

ඔව්… තනියෙන් ඉන්න බෑ කියනවා දවල්ටත්…

මොකක්දෝ බයකින් හිටියා…

එයා සාමාන්‍යයෙන් ඒහෙම නෑ නේද ?

නැහැ.. කාටවත් බය නෑ.. වත්තට කවුරුත් අඩියවත් තියන්නේ නෑ. දැක්කොත් අත පය කඩනවා…

කවුද කාකි කොට් එකක් අදින කෙනෙක් හැම තිස්සෙම මෙයා එක්ක හිටියේ…

ඒ මුරකාරයගේ පුතා…

එයත් මැරුණා නේද ?

ඔව් මහත්තයා මැරෙන්න ටික දිනකට කලින් හොරු වත්ත පහලදී කපලා මරලා තිබ්බා…

මරපු අය අහුනුණාද ?

නෑ…..

තම සැමියට වෙනත් සබදතා තිබුණද ?

ඔව් එයා සල්ලිවලින් කලේ එවා තමයි…

තමන්ගේ සැමියගේන් අමාරුවේ වැටුණු ගමේ තරුණියක් වහ බීලා මැරිලා… එයාගේ දරුවා ඔය පාසලේ ඉගෙන ගන්නවා දැන වයස 12 විතර ඇති ඒ දරුවට සාධාරණයක් නොවීම ගැන ඒ ආත්මය තරහින් ඉන්නේ….

තමන්ගේ දුව සමහර වෙලාවට යකෙක් වගේ හැසිරෙනවා නේද ?

ඔව්… වියරුවෙන් හැසිරෙනවා එයා දන්නෙත් නෑ එයා කරන දේවල්…..

හොදයි මම පිලියමක් දෙන්නම් . හැබැයි මෙය පහසු නෑ … මේ ආත්මය මිදෙන්න කැමති කෙනෙක් නොවෙයි. ඒ නිසා එයාව ඉවත් කල යුතුයි. මොකද එයා කලිනුත් අසාධාරණයට ලක් වු කෙනෙක්…….

එය ජල තීන්දුවකි.

එම තරුණිය ඉණ දක්වා ජලයේ බැස විශ්වය දුන් කැපිල්ල සිදුකල යුතු විය. ගැටලූවෙන් මිදෙන්නට විශ්වය දුන් පිලියම පහසු එකක් නොවුවද ඔහුන් එය සම්පුර්ණ කලේය….

දීක්ෂා ගුරු
වෛදීක ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close