නොපෙනෙන ලෝකය

පිං කරන්නෙත් බලාගෙනයි ...


අපි විවිධාකාරයේ පිංකම් සිදුකරනවා. ඒ පිංකම් වල අවසන් පරමාර්ථය නිවන්මග අවබෝධ කර ගැනීම උදෙසා මාර්ගය විවරකර ගැනීම වෙන්න පුලූවන්. කොහොම වුණත් පිංකම් පිටුපස භෞතිකමය අරමුණුත් ඕන තරම් තියෙනවා…

අපි සරලව හිතමු ….

පිනක් කරගන්නේ ගැටලූ ගොඩක් එකතු කර ගන්න නම් නොවෙයි. තියෙන් ප‍්‍රශ්ණ ටිකක් හරි විසදෙයි කියන සිතුවිල්ල වගේම මානසික සහනයකුත් ඕනම කෙනෙක් බලා පොරොත්තු වෙනවා.

කොතරම් පිං දහම් කරත් තමන් තුළ ඇති පිඩාවන් නිමා නොවන අය වගේම පිං කම් තුළින්ම පිඩා ඇති කර ගන්න අයත් මට ඕන තරම් හමුවෙලා තියෙනවා. ආශ‍්‍රමයට පැමිණි එවන් කිහිප දෙනෙක්ගේ සිදුවීම් ලියන්න හිතුවා. යම් සිදුවීම් කලින් ලියලත් ඇති නමුත් මෙය හෙදින් වටහා ගන්න.

වසර කිහිපයකට කලින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට සම්භන්ධ කාන්තාවක් ආශ‍්‍රමයට පැමිණියා. ඒ කාන්තාව දිගු කාලයක ඉදන් ශරිර අභ්‍යන්තරයේ ඇති රෝගී තත්වයක් හරහා පිඩා විදිමින් සිටිනවා. කොහොම හරි මම ඇගේ මේ රෝගයේ මුලය භාවනාව හරහා සොයාබලන විට ගැටලූ කිහිපයක් හදුනා ගත්තා. මම හ්ප ිලිබදව ඇගෙන් ඇසුවා.

ඔය ගොල්ලො කොහේටද ලොකු ධර්මාසනයක් පුජා කලේ… එක ගොඩක් දුෂ්කර පැත්තක වගේ මට පේන්නේ .. අලි ඉන්න පැත්තක්….

ඔය කියන්නේ ………………… ආරණ්‍ය සේනාසනය.. අපි අවුරුදු දහයක විතර ඉදන් බොහෝ දේ එහෙට කරලා තියෙනවා. පුටුව තමයි අන්තිමට දුන්නේ….

එකත් එහෙමද ?

ඇයි එහෙම එතනටම පුජා කරන්නේ…..

අපි පුරුද්දක් විදියට කරණවා….

අසනීපත් ඒ කාලේ ඉදලම නේද ?

ඔව්…….

එ භූමියට සම්භන්ධ මලගිය කෙනෙක්ගේ බලපෑමක් තමන්ට තියෙනවා. ඒකයි ඔය තත්වය ඇති වෙන්නේ….
මා ඒ ආත්මයේ බලපෑමෙන් මිදෙන්නට අවශ්‍ය පිලියම මා කියලා දුන්නා. නමුත් මා දන්නවා ඇයට එය කරගන්න අවස්ථාව නොලැබෙන බව….

රාත‍්‍රී ආලෝකය පැටුණට පසු දල්වන ලද චිමිණි ලාම්පුවක් පන්සලට අරගෙන ගිහින් එය පන්සලේ තියලා යලි එන්න…..
මහත්තයෝ හවස හතරෙන් පස්සේ ඒහෙට යන්න බෑ. හතරට යන්නෙත් හමුදා වාහනේ විතරයි. එහේ පාරෙත් අලි ඉන්නවා.

එය එක් සිදුවීමක්…………………….

දෙවැන්න එයට ටිකක් වෙනස්….

පසුගිය දිනක එක් පුද්ගලයෙක් ආශ‍්‍රමයට පැමිණියා. ඔහුගේ පසුපසින් යම් අදුරු ආත්ම කිහිපයක් සිටින අයුරු මා දුටුවා. මා එක් එක් ආත්මය වෙන් කර හදුනා ග්නනට උත්සහ කරා… එක් ආත්මයක් මොහුගේ ශරිරයට සම්භන්ධ වෙන්නේ වසර හය හතකට පෙරදියි. මට පෙන්වන්නේ මොහු වතුර ටැංකියක් හයිකරන තැනක්. මම ඒ වට පිටාව පිලිබදව ඔහුගෙන් ඇසුවා .

ඔහු හදුනා ගත්තා ඒ ඔහු ජලටැංකියක් පුජාකල භාවනා මධ්‍යස්ථානය බව. ඒ සමගම ඒ ස්ථානයේ සිටි මලගිය ආත්මයක් ඔහු හා සම්භන්ධ වෙනවා. එදා ඉදන් වසර හය හතක්ම ඔහු ඒ පිඩාව විදිනවා. බැරූරුම්ම කාරණය එය නොවෙයි. ඔහු මේ ආත්මය ඔහු භාවනා කරන විට කිහිප අවස්ථාවක්ම දැක තිබීමයි.

තුන්වැන්න එයටත් වෙනස් සිදුවීමක්….

ලංකාවේ තියෙනවා රුල්ලට යන අසපු සංස්කෘතියක්….

මේ රුල්ලට බොහෝ අය තමන්ගේ ඉඩම් පුජා කරනවා. සාසනයට ඉඩමක් පුජා කිරීම මහත් එල මහත් ආනිසංස හිමිවන කරුණක්නම් තමයි. එත් සාසනය කියන්නේ හාමුදුරුවන්ගේ පෞද්ගලික නම් වලට පුජා කිරීමක්නම් නොවෙයි. එය වෙනම කාරණයක්…..

මැදිවිය පසුකල යුවලක් නිමිත්තක් බලන්නට ආවා. ඔහුනගේ දිගින් දිගටම එන අසනීප තත්වයන් සම්භන්ධව. මම බලන කොට මට පේන්නේ රෙද්ද හැට්ටේ ඇදපු සුදු දිග කොන්ඩයක් තියෙන වයසක ගැහැණු කෙනෙක්ගේ ආත්මයක්…

ඇය එක් අවස්ථාවක උණ පදුරක් තියෙන ඉඩමක් අසල පෙන්වනවා. අනික් පාර කුඩා ඇල පාරක් හරහා තියෙන ඇල පාරකින් ගමන් කර පොල්ගස් තියෙන ඉඩමකට එනවා.

මම මේ ගැන ඇසුවා.

ඔය පෙන්වන්නේ අපේ ගේ තියෙන තැනයි අම්මගේ මහ ගෙදරයි. අම්මා මැරුණට පස්සේ අම්මගේ ගේයි ඉඩමයි අසපුවට පුජා කලා…. අම්මට පිනක් වෙයිනේ එක…

අම්මා එකට කැමති නෑ. තමන්ගේ උරුමේ දරුවන් ප‍්‍රයෝජනයකට නොගත්ත එක ගැන එයා තරහින් ඉන්නේ…
එයාට ඒ පිං ගන්න බෑ.

ඒ ආත්මය මිදෙන්න බලාපොරොත්තුවකුත් තවම නෑ. එ වගේම ඇයගේ ඉල්ලීම ඉටුකරන්නත් බෑ. මොකද ඇයගේ අපේක්‍ෂාව ඇගේ ඉඩකඩම් වලින් දරුවන් ප‍්‍රයෝජනයක් ගනු දැකීමයි.

මේ සිදුවීම කඩවත පැත්තේ සිදුවුණ සිදුවීමක්…

එක් පුද්ගලයෙක් නිමිත්තක් බලන්නට පැමිණියා. ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ පරම්පරා ගත් ඉඩමකින් කොටසක් පන්සල ලොකු කරන්නට දීලා ඉතිරි කොටස විකුණා දමන්න… මොහු මේය සැලසුමු කරන හැම දාම කුමක් හෝ ගැටලූවක් නිර්මාණය වී එය පස්සට කල් යනවා… මේ නිසාම මොහු නිමිත්තක් බලන්නට පැමිණියා…..

කවුද ඔය ඉඩමට සම්භන්ධ කෙට්ටු උස අත් ටිකක් දිග වයසක පිරිමි කෙනෙක් හිටියේ හැම දාම පුවක් එකතු කරලා ඒ වත්තේ තියෙන වතුර වලට දාන කෙනෙක් …

ඒ අපේ සීයා. එයාගේ තමයි මේ ඉඩම….

එයා දැන් ටිකක් දරුණු ආත්මයකට පත්වෙලා ඉන්නේ.. එයා කැමති නෑ මේ ඉඩම පන්සලට දෙනවට… ඉන්නකනුත් පන්සලත් එක්ක ගැටලූ තිබ්බා නේද ?

ඔව්…. කවදාවත් එයා පන්සල් ගියේ නෑ.. මම හේතුව නම් දන්නේ නෑ…

සීයා පුවක් එකතුකල වතුර වල තාම තියෙනවද ?

ඔව් …. එක ඔවිටක් එක්ක තියෙන ඉඩමක් ..එකේ වතුර හිදෙන්නේ නෑ..

දැම්මම පන්සලට දෙන තීරණ ගන්න එපා. සිකුරාදා හවසට හවසට ටික කාලයක් ගිහින් පුවක් ටික එකතු කරලා වතුර වලට දාලා එන්න… එයා ඉන්නේ පුවක් ටික එකතු නොකරන තරහින්….

මේ සිදුවීම් ටික හොදින් කියෙව්වොත් තේරේවි අපි පිනක් බලාගෙන කරන සමහර දේවල් නිසා අපි නොහිතාම කොතරම් ගැටලූ ඇති කර ගන්නවද කියලා. මට ප‍්‍රසිද්ධියේ ලියන්න බැරි කාරණා ගොඩක අත්දැකීම් තියෙනවා.

සමහර මිනිසුන් දන්නේ නෑ තමන් පිං කරනවා නොවෙයි යමෙක් තමනුත් නොදැනුවත්වම පිං කරවා ගන්නවා කියලා. ඒ කියන්නේ ඉහල තියෙන සරුංගලය පහල ඉදන් නූලකින් අදිනවා වගේ…..

පිං කල යුතුයි. හැබැයි බොහොම කල්පනාවෙන්………………….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Blog Comments

?????

ඉතාම වටිනා ලිපියක් ගුරුතමනි!!!

හොදින් පැහැදිලි උනා ගුරුතුමනි
???

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close