නොපෙනෙන ලෝකය

කිලි දා මල යක් බැල්මට මැදි වු තරුණිය. . .


එදින ආශ‍්‍රමයේ විවේකී දිනයක්…

රුකියාවක උසස් වීමක් ලද තරුණයෙක් එයට පිටව යන්නට පෙර අවසර ගැනීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා..

ඔහු සමග ඔහුගේ පෙම්වතියත් පැමිණ තිබුණා. නිරන්තරව ආශ‍්‍රමයට යනෙන දරුවන් දෙදෙනෙක් වු මොහුන් දෙදෙනා එදින ආශ‍්‍රමයට පැමිණෙන ආකාරයේ වෙනසක් දක්නට ලැබුණා.

තරුණිය තරමක අපහසුවෙන් ආශ‍්‍රමය ඉදිරියෙන් ඇති මාර්ගයේ එක් පසේක ඇති තාප්පය අල්ලමින් තරමක් අකමැත්තක් තුළ පැමිණෙන ආකාරයක් දක්නට තිබුණා. තරුණයා ඇයව ඇදගෙන එන අයුරින් ආශ‍්‍රමය තුළට රුගෙන ආවා.

පෙර දිනයේදි ඔහුන්ගේ මෝටර් රථය අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහුනට නිමිත්තක් බැලීමේ අවශ්‍යතාවයකුත් මතුව තිබුණා.
ආශ‍්‍රමය තුළට ඇතුලූ වු පසු තරුණියට හිස කෙලින් කරන් ඉන්නට නොහැකිව ඉතා අපහසුවෙන් පසුවන බව තේරුණ නිසාම ඉක්මණින් ඔහුන්ගේ නිමිත්ත බැලීමට මා ඔහුන්ව කැදවුවා…

ප‍්‍රබල මලගිය ආත්ම හයක්…..

මා ආශ‍්‍රමයේ අම්මට කිව්වා නිමිත්තට පෙර මේ දරුවට ශාන්තියක් කරන්න කියලා…

ඒ සැණින්ම එම තරුණියව මලගිය ආත්මයක් විසින් ඔහුගේ ග‍්‍රහණයට ගත්තා.. එතනින් පසු කථා කරන්නට වුනේ එම ආත්මය…
එම ආත්මය වසර සිය ගණනක සිට ඇය පසුපස එන කෙනෙක්ලූ.. ඇයට කැමැත්තෙන් .. එත් ඇයව අයිති කර ගන්න බැරි වුණාලූ… වැදුම් පිදුම් නිසා මේ ආත්මයේදිවත් ලංවෙන්න බැරි වුණාලූ…

ඒ ආත්මයට අවශ්‍ය මේ දෙන්නව වෙන් කරන්න කොහොම හරි එක කරනවා කියලා කිව්වා…

මට ඒ ආත්මයෙන් විමසුවා එහෙනම් කොහොමද මේ ශරිරයට ඇතුලූ වුණේ කියලා…

අමුතු විදියට හිනා වුණා… හිනාවෙලා මෙහෙම කිව්වා…

මේකිගේ පන්තිය තියෙන පාරේ බෝක්කුවක් තියෙනවා. මම එක උඩට වෙලා තමයි හැමදාම මේකි එනකන් බලා ඉන්නේ … කවදාවත් මේකිට ලංවෙන්න බෑ.. ඒ කිගේ බලේ වැඩියි…

එදා ඒකි ලගට දෙයියන්ටවත් ලංවෙන්න බැරි දවසක්… ෆෝන් එකත් කණේ ගහගෙන මෙලෝ කල්පනාවක් නැතිව මේකි එතනින් යන්න ආවා… මට මේක හොදම වෙලාව බව තේරුණා… මම එකපාරට බඩ ඇතුලට රිංගුවා…..

මේ මල යක්ෂ ආත්මය ප‍්‍රබල ආත්මයක් වීම තුළම පරිවාර පිරිසක්ද විය.

එකින් එක එකින් එක දිග ඇදි ඇදි මේ සිදුවීම ගලා යන්නට විය.

අවසානයේ පැය දොලසකට පසු මේ සියලූ ආත්මයන් ඔහුනගේ කැමත්තෙන්ම මේ තරුණියගේ ශරිරයෙන් පිටව ගියේය.

මේ සිදුවීම තුළ කිවයුතු ප‍්‍රධානම කරුණක් ඇත . තරුණියන්ට අසුභයැයි සම්මත දින කිහිපයේදි ඉතා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්ය. පැරුන්නේ කිලි දිනට තරුණියකට තුන් වරක් තම නිවසේ කඩුල්ල නොපැණිය යුතුයැයි පැවසුවේද මේ නිසාමය. කිලි කාලයේ දිය තොටට නොයෑ යුතුයැයි ඔහුන් පැවසුවේද ඒ නිසාමය.

අද දුවරු තබා මව් වරුද කිල්ල යනු කුමක්දැයි නොදනිති.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x