නොපෙනෙන ලෝකය

මිය ගිය දිල්කි 27 වසරකට පසු නලින්ද සොයා එයි

නලින්ද දක්ෂ ක‍්‍රීඩකයෙකි. ඔහුගේ කඩවසම් පෙනුමට හා ජව සම්පන්න බවට දිල්කිගේ සිත ඇදී ගියේ නිරායාසයෙනි. නලින්ද සහභාගිවන එකඳු තරගයක් හෝ ඇය අතහැරියේ නැත. කාලයාගේ ඇවෑමෙන් නලින්දගේ හිත දිනාගැනීමට දිල්කිට හැකි වූයේ ඇගේ මනබඳින රූපය නිසා වන්නට ඇත. ඔවුන්ගේ මිතුරුකම ආදරයකටත්, ආදරය විවාහය දක්වාත් රැුගෙන යෑමට වැඩි දායකත්වයක් දැරුවේ දිල්කි යැයි පැවැසුවහොත් එය නිවැරැුදිය.
බොහෝ ආර්ථික ප‍්‍රශ්නවලින් හෙම්බත්ව සිටි නලින්ද, දිල්කි හා විවාහ වන්නට සිතුවේද ඇයගේ මිල මුදල් තුළින් හෝ තම ප‍්‍රශ්නවලින් ගොඩයෑමට හැකි වනු ඇතැයි යනුවෙන් තීරණය කළ නිසාය. දිල්කි-නලින්ද විවාහ ජීවිතය ආරම්භයේ සිටම සාර්ථක එකක් නොවීය. එයට හේතුවුයේ විවාහයෙන් පසුවද තම නිදහස් ජීවිතය එලෙසින්ම ගතකිරීමට දිල්කි උත්සහදැරීම නිසාය.
දිල්කි තුළ විවාහය පිළිබඳ කිසිදු හැඟීමක් නොවුණි. ඇයට අවශ්‍ය වූයේ තමා කැමැති දේ තමා සතු කරගැනීමේ ආශාව පමණි. එය තමා සතුවීමෙන් පසු කඩෙන් මිලදී ගන්නා පිළිමයක් ගෙදර ගෙනැවිත් තැබූ පසු එය අමතක වී යන්නා සේ, නලින්ද පිළිබඳ වැඩි උනන්දුවක් ඇය තුළ පැවැතියේ මුල් මාස කිහිපය තුළ පමණි. ඉන්පසු ඇයගේ ජීවිතය සුපුරුදු ලෙස යහළු යෙහෙළියන් ඇසුරේ ගෙවීයන්නට විය.
ගතවුයේ මාස කිහිපයකි. දිල්කි ගැබ්ගෙන ඇති බව ඔහු දැනගැනීමත් සමඟම සියල්ල මොහොතකින් පුපුරායන්නට විය. මේ දරුවා තමාගේ යැයි පිළිගන්නට ඔහු සූදානම් වූයේ නැත. එයට ප‍්‍රධානම හේතුව වූයේ ඒ වනවිට දිල්කි ගතකළ ජීවිතය පිළිබඳ ඔහු දැඩි කලකිරීමකින් පසුවීමයි.
ඔහු තම විවාහ ජිවිතය පිළිබඳ අවසන් තීරණයකට එළැඹියේය. සියල්ල හැරදා විදෙස් ගතවීමට ඔහු තීරණය කළේ මේ නිසාය.
මේ සිදුවීම සිදුවූයේ අදින් වසර විසි හතකට පමණ පෙරදීය. පසුගිය දිනක නලින්ද මා සොයා පැමිණියේ ඔහුගේ කේන්ද්‍රය පරීක්ෂාකර ගැනීම සඳහාය. ඔහු පැමිණියේ ඔහුගේ බිරිඳ යැයි පැවැසූ කාන්තවක සමඟය.
ඔහුගේ කේන්ද්‍රය තුළින් තම ක‍්‍රියාකලාපය පිළිබඳ වෛරයෙන් පසුවන මළගිය ආත්මයක බලපෑමක් දැකගත හැකි විය. මෙම ආත්මය විසින් ඔහුගේ ආදායම් මෙන්ම සමාජ සබඳතා සියල්ල විනාශ කර දමන බව අවබෝධ කරගැනීම එතරම් අපහසු කාර්යයක් නොවීය.
”ඔය ගොල්ලන්ගේ කවුරු හරි ඉන්නවද තරුණ ගැහැනු ළමයෙක් තරුණ වයසේදි නැති වෙච්ච?”
ඔවුන් කිසිවක් පැවැසුවේ නැත.
”සුදු, ලස්සන කොණ්ඬේ බොකුටු වුණු එච්චර උස නැති මුහුණ රවුම් ගැහැනු ළමයෙක්. ඇඳලා ඉන්නේ සුදුපාට පසුබිමේ රතුයි, කොළයි, ලොකු මල් තියෙන අත් නැති හීනි පටි තියෙන ගවුමක්”
”ඒ මෙයාගේ කලින් වයිෆ්” නලින්ද සමඟ පැමිණි කාන්තාව පැවැසුවාය.
”ගෙදරක කැටයම් කරපු ප‍්‍රධාන දොරකින් ඇතුළු වුණාට පස්සේ වම් පැත්තේ උස ජනෙල් හතරක් තියෙනවා. මේ ජනෙල් ටිකක් වෙනස්. උඩ අඩ රවුමක් වගේ තියෙන්නේ මේ කොහෙද?”
”ඒ දැන් අපි ඉන්න ගෙදර”
”ඒ ගෙදර ජනේලය ළඟ ඒ ආත්මය ඉන්නවා. ඔයගොල්ලත් එක්ක තරහින් ඉන්නේ. පසුගිය කාලේ ගොඩක් ගැටලූ ඇතිවෙන්න ඇති.”
නලින්දගේ කලින් සඳහන් කළ ජීවිතකතාව ඔහු පැවැසුවේ ඉන් අනතුරුවය.
එදා ඉරිදා දිනයකි. එදින රාත‍්‍රිය මුළුල්ලේ සිදුකෙරෙන ආරක්ෂා කටයුතු උදෙසා සියල්ල ලකලැහැස්ති වී පැවැතුණි. දොළ තටු හයක් පෝලිමට තබා ඇත. ඒ එකින් එක ඉදිරියේ ඒ ඒ පවුල්වල අය වාඩි වී සිටිති. දොළ තටුවේ සිට අදින ලද ගොක් කොළ සැමදෙනා අල්ලා සිටියි. ශාලාවේ සියලූ විදුලි පහන් නිවා දමා ඇත. දොළ තටුව මැද තබා ඇති පහන් ආලෝකයෙන් පමණක් ශාලාව ආලෝකමත්ව ඇත.
සෑම තටුවක් ළඟම කපු මහතකු වාඩි වී ජප කරමින් සිටියි. මධ්‍යම රාත‍්‍රී දොළහ එළඹීමත් සමඟම ගුප්ත බව බිඳ දමමින් යක් බෙරයක් හඬ දෙන්නට විය. ලොකු කපුමහතා සුදු සරමක් ඇඳ එයට උඩින් රතු රෙදි කඩක් ඔතා බිමට ගෑවෙන දිගට රතු සාටකයක් දමාගෙන ආවේශ වී ශාලාවට පිවිසියේය. වේගයෙන් කැරකෙමින් වට හතක් පමණ දොළ තටු වටා ගමන් කළේ මහසෝන් අවතාරයක් පරිද්දෙනිි. වේගයෙන් කැරකෙන අතරතුර එක් එක් තටුව ළඟින් අතට ගන්නා පුහුල් ගෙඩිය වේගයෙන් හිස වටා කරකවමින් ජප කර වේගයෙන් ඉහළට විසිකර දමයි. ඉන්පසු උදාවූයේ උද්වේගකර අවස්ථාවකි. එක් එක් තටුව අසලට පැමිණෙන කපුමහතා මළගිය ආත්මවල නම් හා ඔවුන්ගේම කට හඬින් හා ශරීර ලක්ෂණයන් පෙන්වමින් කතා කරයි. නලින්ද හා ඔහුගේ පවුලේ අය වාඩි වී සිටි දොළ තටුව අසලට කපු මහතා පැමිණියේය. ඉන්පසු ඔවුන් දෙස බලාගෙන ගැහැනු කටහඬකින් කතාකරන්නට පටන් ගත්තේය.
”තමුසේ තාම හොඳින් ඉන්නවා නේද?” මගේ ජීවිතේ විනාශ කරලා මගේ දරුවව අමතක කරලා වෙන ගෑනියෙක් එක්ක හොඳින් ඉන්නවා නේද? මම උඹට හොඳින් ඉන්න දෙන්නේ නෑ.”
තටුව අසල සිටි අනෙක් කපු මහතා ප‍්‍රශ්න කරන්නට විය.
”ඔහේ කවුද?”
”මම මෙයාගේ කලින් ගෑනි, මෙයා මාව අතහැරලා දාලා වෙන ගෑනියෙක් එක්ක ගියා.”
නලින්ද ඇයව අතහැර යෑමෙන් වසර 3-4කට පසු දිල්කි සමඟ සබඳතා පැවැත්වු තරුණයකුගේ ප‍්‍රශ්නයක් හේතුවෙන් ඒ දෙදෙනාටම අමානුෂික ලෙස මිය යන්නට සිදුව ඇත. සබඳතා කිහිපයක් පැවැතියද අවසන් සිතුවිල්ල වෛරයක් ලෙසින් ඇති වී ඇත්තේ නලින්ද පිළිබඳය. අවසානයේ පෙරේත තටුවට ආත්මය ගැට ගැසීමට මොහොතකට පෙර ඇයගේ ආත්මයේ අෙ`දා්නාව අසා සිටි සැමටම වේදනාකාරී විය.
”මට වතුර ටිකක් දීපල්ලා…. මාව පිච්චෙනවා…. මට වතුර තිබහයි….. ඒත් බොන්ඩ බෑ…. අනික් උන් වතුර බොනකොට උන් එක්ක මට තරහයි….. මට නිදහස් වෙන්ඩ ඕනේ… මාස භාගයයි මට මෙහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ මගේ ඇඳුම් නැතිවෙනවා. මට ඒ ලැජ්ඡුාව ඉවසගන්න බෑ…. මට යන්න බෑ…. බෑ…. මගේ ළමයා…….”

0 0 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x