පලාමිටිය සොයා ගම් වැදුණු පලා වෙළෙන්දා .......
පසුගිය දිනක සිදුවුණු පුංචි සිදුවීමක් ලිවිය යුතුයි කියලා මට හිතුණා. එහි ලොකු විශේෂත්වයක් නෑ…. ආශ‍්‍රමයට එය බොහෝ සමාන්‍ය සිදුවීමක් නමුත් මට මේ සිදුවීම තුළින් සමාජයට කිවයුතු කරුණනම් ගොඩක් වටිනවා….
මේ සිදුවීමට මුල් වෙන්නේ නිමිත්තක් බලන්න ආපු කාන්තාවන් දෙදෙනෙක්
ඔහුන් මා ඉදිරියට පැමිණ නිමිත්ත බලන්න බුලත් තැබුවා.
මා නිමිත්ත තුළින් ඔහුනගේ දියුණුවට බාධා ඇති කරමින් ක‍්‍රීයාත්මක වන මලගිය ආත්මයක් දුටුවා. ඒ නිසාම මම ඒ මලගිය ආත්මය සම්භන්ද කරගන්න උත්සහ කලා.
ඔබලගේ ගේ ඉස්සරහින් නිතරම කුඩයක් අතේ තියාගෙන යන එන සීයා කෙනෙක් හිටියද ?
ඔව් මහත්තයෝ …..
ඔයා මැරිලා කොච්චර කාලයක් වෙනවද?
අවුරුද්දක් විතර වෙනවා
ඒ සියා තමන්ගේ නිවසට ඉදිරියෙන් තියෙන පාරේ ඉදන් තමන්ගේ නිවස දිහා බලා ඉන්නවා. එ නිසයි ගොඩක් ප‍්‍රශ්ණ ඇති වෙන්නේ…
මගේ මල්ලි දින කිහ්පයක්ම කිව්වා පාරේ සුදු ජායාවක් අපේ ගේ දිහා බලා ඉන්නවා වගේ දැක්කා කියලා. එයා බයවෙලත් තිබුණා.
ඒ සියාගේ ආත්මය වත්ත ඇතුලට එන්නේ නැහැ . නමුත් එයා බලා ඉන්න එක ගැටලූවක්….. එයා ඉල්ලන දෙයක් දිලා එයාව ඉවත් කරන එකයි සුදුසු…
…………………………………..
වැල් ගොටුකොල මිටියකුයි රතු තම්පලා මිටියකුයි පන් බැග් එකකට දාලා ඔය ගොල්ලන්ගේ ගෙවල් පහලින් තියෙන බෝක්කුව අයිනෙන් තියන්න….
මහත්තයෝ ඒ සීයා ඉන්නකන් කලේ පලා වවලා මිටි හදලා පොළට ගෙනියන එකයි. ඔය කියන බෝක්කුව ගාව ගෙදර තමයි සීයා හිටියේ … අවුරුදු අනුගානක් වෙලත් පලා එකතු කරගෙන පොළට ගෙනිච්චා… අනික ඒ සීයා පලා ගෙනිච්චේ පන් මල්ලකට තමයි….
එහෙමද…
එහෙනම් පලා වවන්න බැරි නිසා ගමෙන් එකතු කරනවා ඇති….
කමක් නෑ…. ඔය පලා මිටි දෙක දෙන්න ගැටලූව විසදේවි….
……………………………………………….
මට මේ සිදුවීම කියන්න අවශ්‍ය වුනේ මෙන්න මේ නිසයි.
අපි එක් එක් පුරුදු තුළ ඇලි ගැලී සිටිනවා. පලා එකතු කිරීම මේ සියගේ රුකියාව තමයි . එත් ඒ සීයා එක අන්තිම කාලෙත් කරලා තියෙන්නේ එ දරුවන්ගේ අකමැත්ත උඩමයි. එ කියන්නේ පුරුද්ද නිසා නිකන් ඉන්න කම්මැලි කමට වගේ…
අවසානයේ මරනයෙන් පසුවත් ඒ පුරුද්ද තුළම සිරවෙලා බලා ඉන්නවා…
ඉතින් අපි ඇලිලා ඉන්න සමහර පුරුදු ජිවිතයෙන් ටිකක් ඈත් නොකලොත් මැරුණට පස්සෙවත් අපට නිදහසක් ලැබෙන්නේ නෑ …
එක හොදින් මතක තියා ගන්න…
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74