නොපෙනෙන ලෝකය

පැන් වැඩීම පමණක් මිදීමට ප‍්‍රමාණවත් ද ?

අපේ බෞද්ධ සම්ප‍්‍රධාය තුළ අප යම් අයෙක් මියගිය විට පැන් වැඞීම සිදු කර මියගිය පුද්ගලයාව සුගතියකට යෑවීමට උත්සහ දරති. එය සිතුවිල්ලක් ලෙස ඉතා යහපත් කර්ත්‍යවයකි. එහෙත් ඇත්තෙන්ම පැන් වැඞීම හත් දවසේ දානය තුන්මාසේ දානය තුළින් පමණක්ම මිය ගිය කෙනෙක්ගේ ආත්මය මිදීමක් නොලබන බව මාගේ අත්දැකීමයි.

විවිධ පදනම් තුළ සිටගෙන මේ පිලිබදව විවිධ තර්කයන් ඉදිරිපත් ක්රන්නට ඔබට හැකියාව ඇත .

ඒ ඔබ ලිඛිත සාදකයන් තුළ ගොඩනගනු ලබන තර්කයන් පමණක් වේවි. එහෙත් මා වසර දහයක් තිස්සේ ලද අත්දැකීම් තුළ එය මා පසක් කොට ගෙන ඇත.

පසුගිය දිනක තරුණ යුවලක් ආශ‍්‍රමයට පැමිණියා. මාස කිහිපයකට පෙර ඔහුගේ පියා හදිසි අනතුරකින් මියගොස් තිබුණා. ඔහුට අවශ්‍ය වුනේ ඔහුගේ පියා දැන් සිටින තත්වය කෙබදුද කියන එක

මම භාවනාව තුළින් ඔහුගේ පියා පිලිබදව බලන්න උත්සහ කලා..

සරමක් කමිසයක් ඇදි තරමක ශරිරයක් ඇති පියකරු පුද්ගලයෙක්ව මම දුටුවා හැබැයි එක් ගැටලූවක් තිබුණා වරින් ව රස්ථාන දෙකකයි ඔහුව පෙන්වන්නේ….

මා මේ පිලිබදව ඒ යුවලගෙන් ඇසුවා…

ඔය කියන විදියට ඔය මුල්තැන අපේ මහ ඉඩම එක විකුණුවා තාත්තා නැතිවෙන්න අවුරුද්දකට දෙකකට විතර කලින්…
අනෙක් තැන අලූතින් ගත්ත ගෙදර….

එම ආත්මය ඒ තැන් දෙක අතර ගමන් කරමින් සිටියත් මාර්ගයෙන් ඉඩම් දෙක තුළටම යන්න පුලූවන් කමක් ඒ ආත්මයට තිබුනේ නෑ….

මා ඒ ආත්මයෙන් ඇසුවා ඔහුට මිදෙන්න අවශ්‍ය කුමක්ද කියලා.

ඔහු කිව්වේ පුදුම කථාවක්……

ඔහුගේ අවසන් කටයුතු නිසි ලෙෂ ඉටුනොවුණු බව…

මට ඔහු පෙන්නුවා කහ පාට රෙදි කෑල්ලක් මැද තිබු පොඩි මුට්ටියක්.. එත් ඔහු එය පිලිබද අසතුටින් හිටියේ…

තාත්තගේ මිනිය සොහොන් කලාද?

ඔව්

අලු වලට මොකද කලේ…

මට මතක විදියට මුට්ටියකට අලූ වගයක් දුන්නා ඒ අයම වලලන්න කියලා තැනකුත් පෙන්නුවා. එතන වලලූවා….

තාත්තගේම අලූ කියලා විස්වාසද ?

එකනම් දන්නේ නෑ.

තාත්තා ඉන්නේ අසතුටින් අවසන් කටයුතු වුණු විදිය පිලිබදව…

අවසානයේ එම ආත්මය යලි එම වතාවත් සිදුවිය යුතු ආකාරය පෙන්වා දුන්නා. ඒ ආකාරයෙන්ම එවා කලයුතු වුණා….

ඒ දරුවන් ඒ කියු ආකාරයෙන්ම පියාගේ අලූ වෙනුවට ආදේශකයක් යොදා ගනිමින් එ වතාවත් නිමකර අවසානයේ සිවුරක් පුජාකර පැන් වැඞීම නැවත සිදුකලා.

ඒ වතාවත් වලින් පසු යලි ආශ‍්‍රමයට පැමිණි තම පියාගේ වර්ථමාන ස්වාභාවය සොයාබැලූවා නමුත් ඒ ආත්මය වෙනුවට දක්නට ලැබුනේ තෙත පරිසරක ඉන්න කුඩා කෘමියෙක් පමණයි. ඒ කියන්නේ වෙනත් ආත්මයක් ලබලා….

මා කලින් සදහන් කල සිදුවීම් දෙකක් නැවත් මතක් කරන්නම්.

හිතවතෙක්ගේ පියාගේ මලගෙදරට මට යන්න අවස්ථාවක් යෙදුනා. මෘතදේහය නිවසින් පිටට ගෙනියන්න කලින් පව්ලේ පිරිස පැන් වඩන අවස්ථාවේදි මම ඒ අවස්ථාවට සහභාගි නොවී තරමක් ඈතට වෙලා හිටියා. එක් වරම මට ඔහුගේ පියාව දර්ශණය වුණා.

ඔහුට අවශ්‍ය වුනේ මට පණිවිඩයක් ලබා දෙන්න.

පැන් වැඩුවට මට පිං ගන්නවත් මිදෙන්නවත් බෑ. ඒ පැන් හලන කොට මට තරහක් ඇති වෙනවා. මම අධික තිබහින් ඉනිනේ…
පැන් වඩන්න කලින් කැලණියේ අවලෝකේෂ්වර පිලිමයට නෙලූම් මල් දලා පැන් තුනක් පුජ කරන්න ඊට පස්සේ පැන් වඩන්න. ඊට පස්සෙයි මට මිදෙන්න පුලූවන් වෙන්නේ…

මේ අනෙක් සිදුවීම…

මගේ පියාගේ අවසන් කටයුතු වලදි පවුලේ සියල්ලෝ එක්ව පැන් වඩමින් සිටියා. එක් වනම මට එක් ශූද්ධ ශක්තියක් පණිවිඩයක් ලබා දුන්නා.

ඔබේ පවුලේ සියල්ලන්ම එක්ව පැන් වඩන්න නැත්නම් පියා මිදෙන්නේ නෑ.

මම වාඩිවි සිටින අය දෙස බැලූවා.

මගේ බිරිද ඒ අවස්ථාවේ කලන්තය සෑදීම නිසා නිවස තුළට රුගෙන ගොස් තිබුණා. ඒ වගේම මුණුබුරෙක්ගේ හා මිණිබිරියක අඩුවක් පැවතියා. ඒ අවස්ථාවේ එලෙසම පැන් වඩන්නට සිදුවුණා.

නමුත් පසුව යලි ඒ අඩුව සපුරා පැන් වැඞීම සිදු කරනු ලැබුවා.

මේ සිදුවීම් තුන දෙස හොදින් බලන්න.

මරණය කියන සිදුවීම හා බැදුණු අවසන් සම්ප‍්‍රධායන් තුළින් මිදෙන හා නොමිදෙන ආත්ම ඔන තරම් ඉන්නවා…
අපේ පැරුන්නෝ සිදුකලේ මැරෙන කෙනාට ජිවිත කාලයම පිං දීදි ඉන්න එක නොවෙයි. මැරුන කෙනාගේ ආත්මයට යහපත් ගමන් මගක් හදලා දෙන එකයි…

අපි මලවුන් පිදු ජාතියක් කියලා සුද්දා උපහාසයක් ගොඩ නැගුවට මලවුන් පිදීමක් නොවෙයි ඒ තුළ තිබුනේ මලවුන් මිදවීමක්…

සුද්දාට ඒ දියුණු දර්ශණය තේරුම් ගන්නට බැරිවුණා. තේරුම් ගත්තනම් ඔහු එයත් බිතාන්‍යයට රුගෙන යනවා අනිවාර්යයෙන්ම.. මොකද ලෝකයේ වැඩියෙන්ම මලගිය ආත්ම වලින් පිඩා විදන රට එංගලන්තය වීම නිසයි….

අපි අපිවම සම්ප‍්‍රධාය කියන රාමු තුළ හිරකරගෙන… ඒ රාමු මා වැරදියි කියන්නේ නෑ නමුත් ඒ තුළ හරයන් ගිලිහි ගිහින් පොත්ත විතරක් රුකගෙන අපි ඉස්සරහට යනවා….

එය යමෙක් තේරුම් කරලා දුන්නොත් තේරුම් කරලා දෙන කෙනා අමුතු සතෙක් බවට පත්වෙනවා….

මෙය අපට අනෙකාට තේරුම් කරලා දීමට වඩා පහසු දෙය අප අපවෙනුවෙන් එය ග‍්‍රහණය කර ගැනීමයි…

මා මේ ලියන සියල්ල 5000 වෙනුවෙන් නොවෙයි ලියන්නේ ග‍්‍රහණය කරගන්නා 5 වෙනුවෙන් පමණයි….. ඔබ දකින මග ඔබ අනෙකාට දිය යුත්තේද එලෙසින්මයි….

පුර්ව ආත්මයේ අපේ ක‍්‍රීයාවන් තුළින් අපට උරුම වන සාප වලදී මම දකින ප‍්‍රධාන දෙයක් තමයි තම දෙමා පියන්ගේ අවසන් කටයුතු වලට සහභාගී නෙවන තත්වයන් තුළ ගමේ පනසලේ හාමුදුරුවන්ගෙන් ඇතිවන සාපය…

ඉතින් මෙතනදි හාමුදුරුවෝ සාප නොකරන බව අපි දන්නවා . හැබැයි හමුදුරුවන්ගේ හිතේ ඇතිවන සිතුවිල්ලක් තියෙනවා… මේ දෙමාපියන් දරුවන්ට කලේ මෙහෙමයි දරුවේ දෙමාපියන්ට සලකන්නේ මෙහෙමයි… මෙන්න මේ සිතුවිල්ල සාපයක් බවට පත් වෙනවා..

මම ඔක අපේ නායක හාමුදුරුවන්ට වරෙක කිව්වා…

හාමුදුරුවෝ ඇහුවා…

එක මාර කථාවක්නේ එතකොට අපිට අනුශාසනාවක් කරන්නත් බැරිවෙනවනේ…

කර්මය හා අනුසාසනාව කියන්නේ එකක් නොවෙයි දෙකක්….

නමුත් කර්මානු රූපි බව තුළ වරදට දඩුවම නැවතිය නොහැකියි.

මෙතනදි ටිකක් හිතන්න සාපය ඇතිවන නිසා හමුදුරුවෝ වඩම්මන්නේ නැතිව ඉන්නද නැතිනම් බලෙන් ලමයව මිනියට ගේන්නද ?

දැක්ම හා සම්ප‍්‍රධාය ගැටෙන්නේ ඔය අයුරින්…….

හැම මිනිස් ආත්මමයක්ම අවසන් කටයුතු වල පවතින වැරදි නිසා ආත්මයෙන් මිදිය නොහැකිව හිරවී ඉන්නේ නෑ. මේ ආත්ම කිහිපය එවැනි අවස්ථා තුළ සිරවු කෙනෙක්….

ඒ ආත්මය කියපු දෙය නොකලොත් ඔහු එලෙසම සැරිසරමින් තව බොහෝ වසර ගණනක් ඉදිවී… එය තේරුම් කර දිය යුතු නිසා දරුවන්ට බිරිදට කරදර කරාවි… ඒ අය නැති කාලෙක ඒ නිවාස වලට එන අයට කරදර කරාවි… කරදර කිරීමෙන් ඒ ආත්ම බලාපොරොත්තු වෙන්නේ තම මිදීම පිලිබද පණිවිඩය ලබා දීම… නමුත් ගැටලුව මිනිසුනිට මෙය තේරුම් ගන්න බැරි කමයි… කවුරු හරි මේ ආත්මය කියන දෙය තේරුම් කරලා දුන්නොත් ඒ ආත්මය මිදෙනවා…

සත්ව ආත්ම වලට මේ ගැටලුව ඇති වන්නේ ඉතා සීමිතව… ඒ කියන්නේ මනස දියුණු උණාම පමණයි සීතුවිලි ධාමයන් නිර්මාණය වෙන්නේ… යමත් පිලිබදව දැනුවත්ව කටයුතු කිරීම කලහැක්කේ බුද්දිමත් ජිවියෙක්ට පමණයි…

මොලයේ වම දකුණු කියන දෙකේ ක‍්‍රීයාතාරීත්වය එලෙසින්ම සතුන් තුළ ක‍්‍රීයාත්මක වෙන්නේ නෑ… මේ නිසා මරණයසිදුවන මොහොතේ සිතේ ස්වාභාවය මත උත්පත්තිය තීරණය වෙනවා කියන එක අදාල වෙන්නේ නෑ…

මිනිසෙකුගේ කර්ම ශක්තිය මත එත් මිනිස් ආත්මයකින් තවත් මිනිස් ආත්මයක් ලබන තෙක් වෙනත් ජිවි ආත්ම වල උපදිනවා දඩුවම උදෙසා මේ ක-ඩා ආත්ම වල විශේෂය ඔහුන්ගේ ආයු කාලය අඩුවීම

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close