නොපෙනෙන ලෝකය

පරපුරක් වැනසූ කොඩිවිනය අවුරුදු 30කට පසු කපයි

වසර 30කට අධික කාලයක් තිස්සේ ධනසිරි හාමුගේ ඉතිරි වූ ඉඩකඩම් ගමේ මිනිසුන් ටික ටික අල්ලා ගත්තේය. වලව්ව පිහිටි භූමියේ අක්කර දහයක පමණ පොල් ඉඩමක් ඉතිරිව පැවති අතර බොහොමයක් ගස් කේඩෑරිව ගොසිනි. ටිකිරි මැණිකාගේ පුතා වූ ජගත් ඉඳහිට පැමිණ පොල් කඩවා විකුණා කීයක් හෝ හොයා ගනියි. එහෙත් එම ගස්වලින් හොඳ ඵලදාවක් ලැබුණේ නැත. ටිකිරි මැණිකා තම දරුවන් එම වත්තට පය තබනවාට හෝ කැමැත්තක් නොදැක් වීය. ඒ පියාට අත්වූ ඉරණම ඇගේ මනසේ සිතුවමක් සේ ඇදී පැවැති නිසාය. වසර තිහකට අධික කාලයක් තිස්සේ කැපීමට නොහැකි වූ මලයාලි කොඩිවිනය අනූ හතර වසරේදී කපා දැමීමට හැකි විය. එයත් සිදු වූයේ තවත් අද්භූතජනක සිදුවීම් දාමයක අවසානය ලෙසය.

ටිකිරි මැණිකාගේ පුතා වූ ජගත්ගේ ජීවිකාව වූයේ ත‍්‍රිරෝද රථයක් පැදවිමයි. එය කොළ පැහැති ත‍්‍රිරෝද රථයකි. 93 වසරේ මැද සිට දිගින් දිගටම එකම සිහිනයක් ඔහුට පෙනෙන්නට විය. ”ගුරු පාරක් දිගේ ඔහු තම ත‍්‍රිරෝද රථය පදවාගෙන යයි. කුඩා කඳු ගැටයක් මත කුඩා නිවසක් වෙයි. ඔහු ඒ නිවසට යන අතර නිවසේ සිටි තරමක් උස කෙට්ටු පුද්ගලයකු පැමිණ ත‍්‍රිරෝද රථයට නඟියි. ඔහු පැමිණ අඳුරු කැලෑවක් ළඟින් ත‍්‍රිරෝද රථයෙන් බිමට බසියි. එවිට යකුන් තිදෙනෙක් පැමිණෙයි. එම පුද්ගලයා තමා අත වූ කෙවිටකින් එම යකුන් දුවන තුරු පහර දෙයි. ඉන්පසු හොඳින් ආලෝකවත් වූ වලව්වක් දිස්වෙයි.” මෙම සිහිනය දිගින් දිගටම සෑම දිනකම පෙනෙන්නට වුවත් මෙහි තේරුම කුමක්දැයි ජගත්ට අවබෝධයක් නොවීය. පෙන්වන පුද්ගලයා ජගත් කිසිදා දැක තිබුණේද නැත. ටිකිරි මැණිකාට තමා දුටු සිහිනය පිළිබඳ ජගත් පැවැසූ විට වලව් වත්තේ කොඩිවිනය පිළිබඳ ඉඟියක් එහි ඇති බව ඇයට වැටහුණත් තම පියාට වූ දරුණු ඉරණම නිසා කොඩිවින කැපීමකට ඇය කිසිදා කැමැති වූයේ නැත. ඒ නිසා ඇය ඕවා මනස්ගාත යැයි පවසා මඟහැරියාය.

අනූ හතර වසරේ මුල දිනයක ජගත් හමුවට සිහිනෙන් වයසක පුද්ගලයකු පැමිණියේය. ඔහු ඇඳ සිටියේ සුදු සරමක් පමණි. ඝන උඩු රැුවුලක් විය. විශේෂ ලක්ෂණයක් ලෙසින් ජගත් දුටුවේ කනෙහි වූ රෝමයන්ය. ඔහු පැවැසුවේ පුදුමාකාර කතාවකි.

”මහ එකා කරපු දේට මහ එකා දඬුවම් වින්දා. උඹ මොනවා වුනත් මගේ එකා. උඹේ අයිතිය නුඹට ලැබෙන්න ඕන. ගමේ බණ්ඩාරව ගිහින් හම්බවෙයන්. මේ කොඩිවිනය කපන්න පුළුවන් එයාට විතරයි.”

ජගත් තිගැස්සී ඇහැරුණේය. සිහිනෙන් පැවැසූ සියල්ල ඔහුට හොඳින් මතකය. පසු දා සියල්ල ටිකිරි මැණිකාට පැවැසූ විට ටිකිරි මැණිකාගේ ඉහ මොළ රත්විය.

ජගත් හමුවට සිහිනෙන් පැමිණි පුදගලයාගේ හැඩරුව තම පවුලට වින කළ මලයාලි ගුරා නැතහොත් තම මාමණ්ඩියගේ බව ටිකිරි මැණිකා හොඳින් දනියි. ඔහු මියගොස් වසර පහළොවක් පමණ වෙයි. මොහු යළි සිහිනෙන් පැමිණියේ තම පවුල යළිත් විනාශ කිරීමට ද නැතහොත් සත්‍ය ලෙසම තම දරුවා පිළිබඳ ඇති වූ ආදරයෙන් ද කියා මැණිකාගේ සිත තුළ ඇති වූයේ මහත් කුකුසකි. මෙතෙක් කල් ජගත්ට නොකියූ බොහෝ දේ මැණිකා හෙළි කළාය. ජගත්ගේ උත්පත්තිය පිළිබඳව ද පළමුවරට හෙළි කළේ එදිනය.

කෙසේ හෝ ජගත් අවසන් තීරණයකට එළැඹියේය. ඒ සිහිනෙන් කියූ පුද්ගලයා සොයා යෑමය. පසු දා ඔහු මිතුරකු සමඟ තමාගේ ත‍්‍රිරෝද රථයෙන් සිහිනෙන් කියු ගම වෙත පැමිණියේය. එම ගමේ බණ්ඩාර කියා කපු මහතකු සිිටියි. ඔහුගේ නිවස සොයා ගුරු පාර දිගේ ඉදිරියට ඇදෙන විට තමා මාස ගණනක් එක දිගට සිහිනෙන් දුටු මාර්ගය මෙය බව ජගත්ට පසක් විය. කිසිවකුගෙන් අසන්නේ නැතිව තමාට හුරු කඳු ගැටය අසල ත‍්‍රිරෝද රථය නතර කළේය. කඳු ගැටය මත තමා සිහිනෙන් දුටු කුඩා නිවසද වෙයි. නිවස වෙත ගමන් කළ පසු ජගත් මවිතයට පත් විය. බණ්ඩාර යනු සිහිනයෙන් තමා ත‍්‍රිරෝද රථයෙන් රැුගෙන ආ පුද්ගලයාය. මේ සියලූ සිදුවීම්වල සත්‍යයක් ඇතැයි ජගත්ට ඒ වන විටත් වැටහී අවසන්ය.

බණ්ඩාර යනු 70-80 දශකයන්වල යන්ත‍්‍ර මන්ත‍්‍රවලින් ලංකාව සොලවාගෙන නමක් දරා සිටි හිමිනමකගේ අතවැසියාය. අද ඒ හිමියන් නැත. ඒ හාමුදුරුවන් සතුව පැවැති බොහෝ යන්ත‍්‍ර මන්ත‍්‍රවල උරුම කරුවා වූයේද මොහුය. ජගත් තමා දත් පමණින් සියලූ විස්තර බණ්ඩාරට පැවැසීය.

බණ්ඩාරගෙන් වැඩක් කර ගැනීම එතරම් පහසු නැත. එකක් වෙලාවක් නොමැතිකමය. අනෙක මුදල්ය. කෙසේ හෝ එංගලන්තයේ සිටිනා ටිකිරි මැණිකාගේ අයියාගේ උදව්වෙන් කොඩිවිනය කපා දැමීමේ කටයුතු සූදානම් විය. කැපිල්ලට පෙර බණ්ඩාර වලව්වත්ත බැලීමට හෝ පැමිණියේ නැත.

කැපිල්ලට දින නියම කර ගැනීමෙන් පසු කිසිම හේතුවකට බණ්ඩාරගේ නිවසට ජගත්ලාට පැමිණීම තහනම් විය. ජගත් විසින් පූජාවට අවශ්‍ය සියලූ දේ වලව්වත්තේ ලක ලැහැස්ති කර තිබිණි. නියමිත දිනයේ බණ්ඩාර කපුමහතා තවත් කිහිප දෙනකු සමඟ වලව්වත්තේ මාර්ගය අසලට පැමිණියේය. මාර්ගයේ සිට ඔහුත් අතර සිටි අඩු කුලයක මිනිසකු විසින් රැුගෙන ආ ආඳකු ගේට්ටුව හරහට තැබීය. ඉන්පසු බණ්ඩාර කපුමහතා විසින් මැතිරීම ඇරැුඹීය. පැයක් පමණ එක දිගට මැතිරීම සිදු කළේය. ඉන්පසු අඩු කුල මිනිසා (ශාන්ති කර්ම භාෂාවෙන් මොහු ‘කොට්ටෝරුවා’ ලෙස හඳුන්වයි* විසින් තමාගේ ඉන රැුඳි පිහියෙන් ආඳාව එක් වනම දෙකට කපා දැමුවේය.

මලයාලි කොඩිවිනවල ඇති ප‍්‍රධානම කොටස වනුයේ ‘නීච හුනියම’ ය. සෑම ප‍්‍රබල බන්ධනයක් සම`ගම මෙය කි‍්‍රයාත්මක වෙයි. මෙම නීචයක් සිදු කළ ඉඩමක් පවිත‍්‍ර කිරීම සඳහා කපු මහතකු එම භූමිය තුළට පැමිණියහොත් එම නීචය විසින් කපුමහතාගේ මන්ත‍්‍රවල ශක්තිය විනාශ කර දමනු ලබයි.

කොතරම් වැඩකාරයකුට වුවත් නීචයක් ඉවත් කළ නොහැක්කේ එබැවිනි. නිචයක් කපා ඉවත් කළ හැක්කේද නිච කුලයක පුද්ගලයකුටම පමණි. ඉඩම පෑගීමට පෙර බණ්ඩාර කපුමහතා විසින් සිදු කරනුයේ කොඩි විනයේ ‘නීචය’ නම් කොටස කපා ඉවත් කිරීමයි. ඒ සඳහා නීච කුලයක මනුස්සයකු හා නිච කුලයට වැටෙන ‘ආඳා’ නම් මාළුවකු උපයෝගි කර ගනියි. නීචය ඉවත් කිරීමත් සම`ගම කොතරම් බලගතු කොඩිවිනයක් වුවද සාමාන්‍ය කොඩිවිනයක තත්ත්වයට පත්වෙයි. ඉන්පසු එය කපා ඉවත් කිරීම පහසු කාර්යයකි.

ඉන්පසු වලව්වත්ත තුළට පිවිසි පිරිස රාති‍්‍රයේ සිදු කෙරෙන පූජා කටයුතුවලට අවශ්‍ය පහන් පැල්, දොළ තටු, පන්දම් විලක්කු ලක ලැහැස්ති කර ගත්තේය. රාති‍්‍ර නවය පසුවෙත්ම කොඩිවිනය කැපීම ඇරඹුණි. සාමාන්‍ය ක‍්‍රමවේදයන් ඔස්සේ පූජාවන් කෙරීගෙන ගියේය. එහෙත් මෙය මා එන තුරු කැපීමට නොහැකි කොඩිවිනයකි. කපුමහතා මතුරන ලද අළු කෙහෙල් අලය මත තැබූ අළු පුහුල් ගෙඩිය පපුව මත තබාගෙන කලින් වලව්ව තිබූ තැන බිම දිගාවිය. ටිකිරි මැණිකා, ජගත් හා එංගලන්තයේ සිට පැමිණි ටිකිරි මැණිකාගේ අයියා කඩුව දෙපසින් අල්ලා ගත්තේය. කඩුව පුහුල මත තබා කපන්නට අණ කළේය. කඩුව කොතරම් තද කළද පුහුල නොකැපෙයි. බණ්ඩාර කලින් එය දැන සිටියේය. මා එනතුරු කොඩිවිනය කැපිය හැක්කේ එය කළ ඇදුරා පැමිණියහොත් පමණි.

මා එන තුරු නොකැපිය හැකි කොඩිවිනය කැපිය හැකි ‘මා වෙනුවට’ යනුවෙන් හැඳින්වෙන මන්ත‍්‍රයක් බණ්ඩාරගේ ගුරු හිමි ළ`ග තිබී ඇත. අද එය භාවිත කරනුයේ ඔහුගේ අතවැසියා වූ බණ්ඩාරය. පිරිස කඩුව අල්ලාගෙන සිටියදී බණ්ඩාර කපු මහතා මා වෙනුවට මන්ත‍්‍රය ජප කරන්නට විය. අධික සුළං හමමින් පොල් ගස් ඇඹරෙයි. හුළං සුළියක් සේ ඔහුත් වටා කැරකෙයි. පන්දම් දල්වා ගෙන සිටීමද ඉතා අසීරුය. කපුමහතා දිගින් දිගටම මතුරයි. පොල් අතු පොල් ගෙඩි බොහොමයක් ඒ මේ අත පතිත වෙයි. එම මන්ත‍්‍රය 108 වරක් මතුරා අවසන් වෙත්ම පුහුල කපන ලෙස බණ්ඩාර අතින් සංඥා කළේය. පිරිස හැකි වෙර යොදා කඩුව තද කළේය. දැඩි ආයාසයකින් පුහුල හා අළු කෙසෙල් අලය කපා වෙන් කළ හැකි විය. සුළ`ග නතර විය. පුහුලෙ බෑ දෙකද රතු පැහැයෙන් යුතු විය.

මා වෙනුවට මන්ත‍්‍රයෙන් සිදුවනුයේ පුහුල කැපීමේදී එම ඉඩමට බන්ධනය කර ඇති දිෂ්ටිය විසින් පැමිණ ඇත්තේ මෙය කළ කපුවාමදැයි විමසයි. ඔහු පැමිණ නැත්නම් මැතිරූ පුහුල කැපිය නොහැකිය. ‘මා වෙනුවට’ මන්ත‍්‍රයෙන් සිදු කරනුයේ එම කපු මහතා වෙනුවට තමාව එවූ බවත්

එහෙයින් මෙම කොඩිවිනය කැපීමට තමාට අයිතිය ඇති බවත් පවසා එම දිෂ්ටි නොම`ග යැවීමයි. එම නොම`ග යැවීම හරහා බන්ධනය කපා දමයි. බන්ධනය කැපී යෑමත් සම`ගම එම භූමියේ සිරවී සිටින මළයකුන් පිටව යයි.

වසර තිස් ගණනක් තිස්සේ මාන්නය හා පලිගැනීම මතින් පරපුරක් වැනසූ මලයාලි කොඩිවිනය අනු හතර වසරේදී කපා දැමීමට හැකි වූයේ එලෙසය.

0 0 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x