නොපෙනෙන ලෝකය

වස බී මියගොස් යලි ආ ආත්ම දෙකක්......

වසර කිහිපයකට පෙර දිනක එක් කාන්තාවක් ආශ‍්‍රමයට පැමිණියා. ඇය නිරන්තරව දැඩි ලෙස රෝගී ගති හරහා පිඩා විදිමින් සිටියා.

ඇයට දැඩි ලෙසම පැවතියේ හතියයි. මේ හේතුවෙන්ම නිරන්තරව හුස්ම ගැනීමේ අපහසුතාවයක් පැවතියා.

මේ පිලිබදව මා සොයාබලන විට මා දුටුවා ඇයට බලපෑම් ඇතිකරනු ලබන එක් මලගිය ආත්මයක්.

මා දුටු සදුවීම මම ඇයගෙන් විමසා සිටියා.

තරුණ වයසේ පිරිමි ලමයි දෙන්නෙක් බිම පෙරලෙමින් රණ්ඩු වෙනවා.

එක් තරුණයෙක් ඉන්පසු වස බොනවා.

ඇය කිව්වා ඒ තම සැමියාගේ මල්ලී බව…..

සැමියා සමග ඇති වු ගැටලූවකින් පසු මල්ලී වස බී මැරිලා.

කොහොම හරි ඒ ආත්මයේ බලපෑම ඒ අයියාගේ බිරිදට ක‍්‍රියාත්මක වෙනවා.

මා ඒ ආත්මයෙන් ඇසුවා මේ කාන්තාවට ඇතිකරන බලපෑමෙන් මිදෙන්න අවශ්‍ය කුමක්ද කියලා.

ඒ ආත්මය ඉල්ලූවේ සීතල වතුර බෝතලයක්…..

මම මේ සිදුවීම ලියන්න හේතුවුනේ අද සිදුවීමක් නිසයි.

අද එක් තරුණයෙක් තම ගැටලූවක් පිලිබදව දැනගැණිමට ආශ‍්‍රමයට පැමිණීයා.

ඔහු සමග කථාකරමින් ඉන්න විට මා දුටුවා. එක් මැදිවියේ පිරිමි මලගිය ආත්මයක් ඔහු පසුපසින් සිටින බව….

මා මේ ආත්මයේ හැඩරුව පිලිබදව ඔහුගෙන් විමසුවා.

ඒ ඔහුගේ පියා යැයි ඔහු හදුනා ගත්තා.

ඒ ආත්මයෙන් මා ඇසුවා මිදෙන්න අවශ්‍ය මොනවද කියලා.

ඔහු ඉල්ලූවේ සීතල බීම බෝතලයක්….

ඒ මනුස්සයා මැරිලා තියෙන්නෙත් වහ බීලමයි…..

මේ සිදුවීම් දෙකේම සමාන බවක් තියෙනවා.

මරනින් පසු වෙනත් භූත ආත්මයක් තුළ ඉපදුනත් ඒ අයට මැරෙන මොහොතෙදි උගුරේ බඬේ ඇතිවන අධික දැවිල්ල තුළම ඔහුන් ඒ ආත්මය තුළත් පිඩා විදිනු ලබනවා.

ඒ නිසයි මේ ආත්ම දෙකම සීතල දේවල් ඉල්ලන්නේ….

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x