නොපෙනෙන ලෝකය

රඹුටන් ගෙඩියෙන් මෙල්ල වු වීදුරු කුඩුකල භූතයා


අම්මේ මාස දෙකකට විතර කලින් ගුරුතුමා අපේ ගෙදර තිබුණු ප‍්‍රශ්ණයකට පිලියමක් දුන්නා.

ඒ පිලියම හොදටම සාර්ථකයි. අපි එය කරලා මාස දෙකක් බලලා තමයි අද කථා කලේ.

ඔය දරුවන්ට තිබ්බ ගැටලූව මොකද්ද ?

අපේ ගෙදර පේන්නම මලගිය කෙනෙක් හිටියා.. ආශ‍්‍රමයට එන්න කලින් විවිධ දේ කලා ඒත් හරිගියේ නෑ.

ගුරුතුමා දුන්න පිලියම මොකද්ද ?

ගුරුතුමා ගේ ඇතුලේ තැනක් කිව්වා රඹුටන් වල්ලක් එල්ලන්න කියලා.. එය එල්ලා තියන්න දින ගණනකුත් කිව්වා… ඒ දින ගණන සම්පුර්ණ වුණාට පස්සේ කරන්න විශ්ව කැපිල්ලක් දුන්නා…

දැන් මොකද ගෙදර තත්වය… ?

රඹුටන් වල්ල එල්ලලා අපි මහගෙදර ගියා… එන කොට ගෙදර බාත්රූම් එකේ විදුරු වලින් තියෙන නාන කුටිය කුඩු කරලා දාලා.. ඒ වගේම අපේ ආගමේ දේව පිලිමය පෙරලලා දාලා….

කොහොම හරි පිලියම කලා… එදා ඉදන් අද වෙනකන් ඉන්පසු කිසිම ගැටලූවක් ඇති වුනේ නෑ….

මගේ බිරිදගේ දිගින් දිගටම තිබුණු කොන්දේ අමාරුවක් තිබුණා …. ගුරුතුමා පිලියම දුන්නට පස්සේ අම්මා කිව්වා මේ ලෙඩෙත් මේ ගැටලූව නිසාම ඇතිවෙච්ච දෙයක් වෙන්ඩ ඔනේ මේ පිලියමෙන් එයත් හොදවෙයි කියලා… කිව්ව වගේම ඒ කොන්දේ අමාරුවත් දැන් නැහැ….

මා ඉහලින් සටහන් කලේ  ආශ‍්‍රමයට ලැබුණු දුරකථන ඇමතුමක සංවාදයක්….

මට මේ සිදුවීම මතකයේ තිබුණේ නැහැ.. දුරකථන ඇමතුමෙන් පස්සේ මට එය මතකයට ආවා.

මේ අය හිතන් හිටියේ මලගිය කිහිප දෙනෙක් නිවස තුළ ඉන්න බව.. ඒ අය මලගිය කිහිප දෙනෙක්ව සැරින් සැරේ දැකලත් තිබුණා… ඇත්තටම ඒ අයට තිබුණේ භන්ධනයක්…

කලින් කුලියට දීපු නිවසක් කඩලා ඒ මත තමයි මේ නිවස ගොඩ නගන්නේ …. පැරණි නිවසට කල හුනියමක බලපෑමට මොහුන් ලක්වෙනවා…. මා පිලියම යෙදුවේ එතනට….. ඒ හරහා භන්ධනය වෙලා හිටපු අය ඉවත් වෙනවා…

අපි මෙතනදි තේරුම් ගන්න ඔනේ දෙයකුත් තියෙනවා…

නව නිවසක් හදන විට වාස්තු දෝස නොමැතිව නිවසේ ශක්තිය ධණ අගයකින් යුක්තව ගොඩනගනවනම් මෙවැනි දෝස රුදි තියෙන්නේ නැහැ.

එසේ නොවන විට දෝස වැඩි වෙනවා…

සොබාදහම කියන්නේ සුභ අසුභ දෙකම තියෙන තැනක් ..

වාස්තු වලින් කරන්නේ එවන් පරිසිරයකින් අසුභ ඉවත් කරලා සුභ පමණක් ලංකර ගැනීමට මාර්ගය පාදා ගන්න එකයි….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x