නොපෙනෙන ලෝකය

ලිං 22 ටත් මට්ටු නොවී බත් ගුලියෙන් මෙල්ල වුණු බාප්පා . . .

මහත්තයෝ ඔය කියන්නේ අපේ තාත්තගේ මල්ලි ගැන. එයා තාම ඉන්නවද? අපි එයාව අයින් කරන්න රාමේශ්වරම් ගිහින් ලිං 22 නුත් නෑවනේ…

තේවතු මැදින් පහලට ඇති මාර්ගයේ වු පිරිසිදු දිය ගලායන බෝක්කුවට ඉහලින් සුදු සරමක් ඇද පොල්ලක් අතින් ගත් වැඩුණු ශරිරයක් සහිත මලගිය ආත්මය දුටු මම මා ඉදිරියේ වාඩිවී සිටි යුවලට ඒ පිලිබදව පැහැදිලි කරන්නට විමත් සමගම ඔහුන්ගේ කටින් පිටවු දෙය හිතෙහි තබාගෙනම මා දකින දෙය විස්තර කරන්නට විය.

ඒ ආත්මයේ මුහුණ පමණක් විකෘති වී ඇත . දැඩි වෛරයෙන් පසුවන මල යක්ෂ ආත්මයක් මා දිකිමින් සිටින බව ඒ වනවිටත් මා තේරුම් ගෙන අවසානය.

අඩු වයසකින් ඉඩම් ප‍්‍රශ්ණයක් මුල්කරගෙන මැරිච්ච කෙනෙක් මෙයා ගොඩක් ආවේගකාරී කෙනෙක්. මෙයාට සම්භන්ධ තේවතු තියෙනවා ඒ වගේම පාලූවට ගිය කඩ කෑල්ලක් එහෙමත් තියෙනවා…

ඔව් .. ඔව් මහත්තයෝ ඔය අපේ බාප්පා මම පොඩි කාලේ එයා සියදිවි නසා ගත්තා… අවුරුදු 22 දි විතර … තාත්තගේ යටතේ තමයි තේවතු තිබ්බේ . බාප්පා ඉඩම් ලියලා දෙන්න කියලා තියෙනවා. වයස අඩු නිසා තාත්තා ලියලා දීලා නෑ. බාප්පා වහ බීලා….

එයාව අයින් කරන්න ගොඩක් දේවල් කලා අන්තිමට තමයි ලොකු වියදමක් දරලා රාමේෂ්වරම් ගියේ …

ඒ ලිං වලින් නෑවම ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙනවා මලගිය බලපෑම් පවා ඉවත්වෙනවා.

( මේ ලිං 22 පිලිබදව මා පසුව පැහැදිලි කිරීමක් කරන්නම්… මෙය වෙනස්ම කථාවක් )

ඔහුන්ගේ විස්තරය නිහඩව අසා සිටි මම එක් ප‍්‍රශ්ණයක් ඇහුවා.

එහෙනම් තාම මට මෙයාව පේන්නේ කොහොමද ?

මටත් එක හිතුණා ඒකයි මම මහත්තයා ලගට ආවේ..

හොදයි අපි එයාගෙන්ම අහලා බලමු මිදෙන්න මොනවද අවශ්‍ය කියලා.

සුපුරුදු ලෙස මලගිය ආත්මයෙන් මිදීමේ ක‍්‍රමවේදය අසා ඔවුනට පැවසුවා. කොලඹට ආසන්න පරිසරයක පදිංච්ව සිටින ඔහුන්ට බත් පිඩක් යම් ආකාරයකට සකස් කර පැයක් තුළ ගෙන ගොස් ඔහු සිටින පරිසරයේ හෝ ඒ සමාන පරිසරයක තැබිය යුතු වුණා. ඔවුන්ගේ ඉඩමට යෑමට පැය 4-5 කට වඩා ගතවීම ඔවුන්ව තරමක් සොලවා ලීමට හේතුවුණා.

මලගිය කෙනා පැයක් ඇතුලත කියන්නේ එහෙම තැනක් ඇති ටිකක් ඔය අවිස්සාවේල්ල පැත්තට ගිහින් හොයලා බලන්න.
…………………………………………………………………………………………………………………………

පසුගිය දිනක යලි ඔවුන් ආශ‍්‍රමයට පැමිණියා.

මහත්තයෝ පුදුම වැඩක් වුණා. අපි පාදුක්ක පැත්තෙන් යනකොට තැනක් හම්බවුණා හිතාගන්න බෑ. අපේ මහගෙදරට යන පරිසරයමයි. තේවතු මැදින් තියෙන පාර පල්ලම ඇල පාර මේ ඔක්කොම ඒ වගේමයි. කීයටවත් කොළඹට කිට්ටුව මේ වගේ පරිසරයක් තියෙයි කියලා හිතන්න බෑ. අපි එතන පිලියම කලා…

දැන් ඒ ආත්මය ඔයගොල්ලන්ගෙන් ඈතට ගිහින් තියෙන්නේ …. කැමතිනම් එයාව ආත්මයෙන්ම මුදවන්න පුලූවන් ,
සුදුවේට්ටියක් දුප්පත් කෙනෙක්ට දෙන්න.. ඒක කරත් නැතත් ඔයගොල්ලන්ට ගැටලූවක් නෑ…

මට හමුවු ආත්ම දහස් ගානක් අතරින් දෙවන පිලියමක් ඉල්ලූ පලමු ආත්මය වුයේද මේ ආත්මයයි.
……………………………………………………………………………………………………………………………….

මගේ අත්දැකීම් ගොන්නට මේ සිදුවීම විශේෂිතයි.

එයට හේතුව හින්දුන් අතර අති බලවත් පිලියමක් ලෙස සැලකෙන රාමේෂ්වරම් ලිං 22 ස්නානය කිරීම තුලින්වත් ඉවත්කර ගැනීමට නොහැකි වු මලගිය ආත්මයක් බත්පිඩකින් ඉවත්කරන්නට හැකිවීමය.

මෙයින් අවබෝධකරගත යුත්තේ කිසිවක් නොව මලගිය කෙනා ඉල්ලන දෙය මිස අන්කිසිවකින් ඔවුන් ඉවත්ව නොවන බවය.

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x