නොපෙනෙන ලෝකය

මාමාගේ ආදරයෙන් රෝගාතුර වු බෑනා ...


පසුගිය දිනක මහ රෝහලේ දැඩි සත්කාර එකකයේ අසාධ්‍ය තත්වයේ ඉන්න තරුණ දරුවෙක් සම්භන්ධයෙන් නිමිත්තක් බලන්න ඔහුගේ මව ආශ‍්‍රමයට පැමිණියා.

ඒ දරුවාගේ මොලයේ අභ්‍යන්තර ලේ ගැලීමක් පිලිබදව වෛද්‍යවරු පවසලා.

රෝගී දරුවෙක්ගේ නිමිත්තක් බැලීම කියන්නේ ඉතා කල්පනාකාරීව කලයුත්තකි. එයට හේතුව එක් වැරදි නිගමනයකින් ඒ දරුවාගේ ජිවිතය බේරා ගන්න තියෙන අවස්ථා අතහැරෙන නිසයි.

මේ නිමිත්තත් එවැන්නක්……

නිමිත්ත ඉතා සුභ වාදියි. තිරණාත්මක වෙන්නේ එතනදි මොකද ජිවිතයත් මරණයත් අතර සිටින දරුවෙක්ගේ නිමිත්ත තුළින් ඒ තත්වය වෙනුවට ඉතා සුභ තත්වයක් පෙන්වනවනම් එතන තියෙන්නේ පුර්ව කර්මයක විදවීමකට වඩා ආගන්තුක කර්මයක්…..

එය හදුනා නොගත්තොත් කිසිදු වෛද්‍ය වරයෙක්ට රෝගීයාව බේරන්න බැරි වෙනවා. එවන් තත්වයන් වලදී තමයි දෙස්තරට ලෙඬේ හරියට හදුන ගන්න බැරි වුණා කියලා රෝගින කියන්නේ….

ඉතින් මම නිමිත්ත පැත්තකින් තියලා භාවනාව තුළින් ගැටලූව සොයන්න ගත්තා. කාරණා දෙකක් මට පෙන්වන්නට වුණා…..

පලමු වැන්න වසර ගණනාවකට කලින් කල හදිහුනියමක්…

දෙවැන්න මලගිය කෙනෙක්…

මම දකින ටික ඇහුවා……

ඔය ගොල්ලන්ගේ ගේ පිටිපස්සේ බිත්තය අයිනේ ලෑලි වගයක් තියෙනවා නේද ගොඩ ගහලා ?

ඔව් මහත්තයෝ….

ඔය ගොල්ලන්ගේ කුස්සියේ බිම සිමෙන්ති ගැලවිලා ගිය තැන් වසර හයකට හතකට කලින් හදපු කාලේ මතකද ?

ඔව්

එදා කවුද ගෙදරට ඇවිත් ගිය වයසක උස පිරිමි කෙනා…. එලූවෝ එහෙම ඇති කරන කෙනෙක්…

එහෙම කෙනෙක් ලග ගෙයක හිටියා….

ඔය ගොල්ලන්ගේ කුස්සියේ කැඩිච්ච තැනක හුනියමක් වලලලා තියෙනවා ….. හරි එක පැත්තකින් තියමු….

කවුද ඔයගොල්ලන්ගේ පවුලේ හොදට බීලා තරුණ වයසේදීම මැරුණ කෙනෙක් හිටියද ?

ඔව්. ඒ මගේ මල්ලී

මේ දරුවට බලපෑම් කරන්නේ එයා…

මගේ මල්ලි පුතාට ගොඩක් ආදරෙයි….

රෝගියෙක් නිවසේ සිටින විට හදිහුනියම් කැපීම කල යුත්තේ ඉතා කල්පනාකාරීවය. මේ හිදි මා මුලින්ම මලගිය ආත්මය ඉවත් කිරීමට උපදෙස් දුන්නා.

දරුවා දාපු සුදු පාට සෙරෙප්පු දෙක දැන් කොහෙද ?

එක රෝහලේ…

දැම්මම එක ගෙන්න ගන්න. ලමයගේ රීදි මුද්දක් ඇති එක සෙරෙප්ප දෙකත් එක්ක සුදු රෙද්දක ඔතලා ගිහින් වෙලක් අයිනේ තියෙන කෙහෙල් කොටුවක් ඇති එතනට දාන්න…

මහත්තයෝ ඔය අපේ මල්ලි වවපු කෙහෙල් කොටුව…

කොහොම හරි මෙය අදම කරන්න. එහෙම වුනොත් දරුවා බේරේවි…. මේ වෙලාවේ හුනියම අයින් කරන්න හොද නෑ…. දරුවා සුව වුනාම එය ඉවත් කරන්න පුලූවන්…..

ඔහුන් ඉවත්ව ගියා …… හවස කථාකරලා කිව්වා පිලියම කලා කියලා….

…………………………………………………………………………………………………………………………….

ඊයේ උදේ ඔහුන්ගේ නිවසින් ආශ‍්‍රමයට දුරකථන ඇමතුමක් ඇවිත් තිබුණා.

අම්මේ පුතාව හොද වෙලා ගෙදර එක්කන් ආවා.

ඉතිං…… අප ලබන සතුට එයයි….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close