නොපෙනෙන ලෝකය

වෙඩ්කා බෝතලය මතුරා ඉල්ලු බාප්පා

ඔහු දිගු කාලයක් විදෙස් ගතව සිටි අයෙකි. ජීවිතයේ එකින් එක පැමිණි ගැටලූ වලට හේතුව හොයා හදිසීයේ ඔහු ආශ‍්‍රමයට පැමිණියේය.

නිමිත්ත තුළින් මලගිය අයෙකුගේ බලපෑමක් ඔහුට පිඩා ඇතිකරන බව හදුනා ගන්නට එතරම් අපහසු වුයේ නැත .

තමන්ට මතකයේ තියෙනවද හරි හදිස්සියේ තමන්ගේ ගෙදරට ඇවිත් යන අයෙක්… තමන්ගේ ලමයින්ට පවා ආවේගයෙන් හැසීරෙන කෙනෙක්… එක තැනක විනාඩියක්වත් ඉන්න බැහැ…. එතරම් උස නැති කෙනෙක්… හොදට බීපු කෙනෙක්….

ඔය කියන කරුණු තිබ්බේ අපේ බාප්පට…

එයා ගෙදරට ආවම අම්මා තේ ටික හදලා බලද්දි එයා ගිහින් විනාඩියක් එකතැනක ඉන්න එයාට බැහැ…. හොදට බිව්වා… එ වගේම තමයි හෙන කේන්ති කාරයා…

බොට්ටු නවත්තන්න ගග මැදට හදපු පාලමක් වගේ තැනක් තිබ්බද ?

ඔව් ඒ අපේ ගේ ඉස්සරහ….

බාප්පා හිටියේ ගගෙන් එහා පැත්තේ එයා එන්නේ එතනින්….

එහෙමද ?

එයා මිදෙන්න ඉල්ලන්නේ ටිකක් අමුතු දෙයක්… මලකඩ කාපු බාල්දියකට වැහි වතුර පිරෙන්න තියලා … ඒ වතුර සුදු පාට බෝතලයකට පුරවලා ඉල්ලනවා… හැබැයි එක නිකන්ම දෙන්නත් බැහැ…

ඔය ගොල්ලන්ගේ පරම්පරාවේ හාමුදුරු කෙනෙක් හිටියද ?

ඔව්….

එ හාමුදුරුවෝ දැන් නැද්ද ?

නැහැ. අපවත් වෙලා…

කමක් නෑ ඒ හාමුදුරුවන්ගේ පන්සලට ඔය බෝතලය ගෙනිහින් ඒ හාමුදුරුවන් ගැන හිතලා ආයිත් අරන් ඇවිත් අර පාලම අයිනෙන් තියන්න…

මම දන්න විදියට ඒ හාමුදුරුවෝ බෙහෙත් මැතුරුවා….

ආ එහෙනම් බාප්පට මතුරලා බොන්න හිතිලා වෙන්න ඇති……

පසු සටහන…

සුදු පාට බෝතලයක ජායාරූපයක් ඔහු එවා තිබුණා…

ඒ වොඞ්කා…

ඉතිං රට ඉදන් එන පුතාගෙන් වොඞ්කා බොන්න හිතෙන්න ඇති…

නමුත් හුරුව කටු කම්බි දාලා හදපුවා වෙන්න ඇති…

එත් ඇයි හාමුදුරුවෝ ලගට ගෙනිහින් ගේන්න කිව්වේ…. එක දන්නේ මලගිය කෙනා විතරයි…

මලගිය කෙනා මිදෙන්න පිලියමක් කිව්වට පස්සේ එතනින් එහාට හෙයන එක අනවශ්‍ය දෙයක් …

එවිට තමයි රූප අතර බැදෙන්නේ….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

3.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x