නොපෙනෙන ලෝකය

වැපිරූ දෙයින් ප‍්‍රතිඵල ලබාගත් ලොකු නෑනණ්ඩි

නිර්මාල් පාසල් කාලයේ සිටම තම උත්සහයෙන් ජීවත්වීමට වෙර දැරූ තරුණයෙකි. උසස් පෙළ අවසන් වන්නටත් පෙර ඔහු කාර්මික අධ්‍යාපනයට උනන්දුවක් දැක්වීය. ඔහු තෝරාගත්තේ තම පියාගේ උරුමය වූ වඩුවැඩයි. උසස් පෙළ නිමවත්ම තම කාර්මික ඥානය හා පිය උරුමය එක්තැන් කර නවීන නිවාසවලට ගැළපෙන දොර ජනේල හා ඒ හා සම්බන්ධ අංගයන් නිපදවා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ඇරඹුවේය. සාම්ප‍්‍රදායික වඩු මඩුවෙන් එළියට විත් එකින්එක එකතු කරගන්නා විවිධ විදුලි මෙවලම් හරහා සාර්ථකව තම ව්‍යාපාරය වර්ධනය කරගත්තේය.
වැඩි දවසක් යන්නට කලියෙන් ඔහුගේ ව්‍යාපාරය වේගයෙන් දියුණුවන්නට විය. ආසන්නම නගරයේ නවීන දොර උළුවහු සහිත ප‍්‍රදර්ශනාගාරයක් අරින්නට ඔහුට හැකි විය. නිර්මාල්ගේ සාර්ථකත්වයේ ගමන ඉතා වේගවත් විය. ඒ ඔහුගේ කැපවීම හා උත්සහයේ ප‍්‍රතිඵලයයි. ලොරියක්, වෑන් රියක් මිල දී ගත් ඔහුගේ ව්‍යාපාරය තුළ වැඩ කළ සේවක ප‍්‍රමාණය තිහකට ආසන්න වන තෙක් වර්ධනය විය. නිර්මාල්ගේ මේ නැ`ගීම නොඉවසූ අයකු ද විය. ඒ තම වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ වූ තිලකාය.
වසර හය හතක් තුළ නිර්මාල් තම ව්‍යාපාරය ඉතා ඉහළ මට්ටමකට රැුගෙන ආවේය. කොළඹට ආසන්න නගරයක නව නිවසක් ඉදිකිරීමේ කටයුතු අරඹන්නේ තම පෙම්වතිය වූ අචලා හා විවාහවීමේ අරමුණ පෙරදැරි කරගෙනය. නිවස ගොඩනැ`ගීම ඇරඹීමත් සම`ගම නොසිතු ගැටලූ ටිකටික මතුවන්නට විය. කෙසේ හෝ නිවස ගොඩන`ගා අවසන් විය. අචලා හා විවාහ වූ නිර්මාල් ඇය කැන්දාගෙන පැමිණියේ නව නිවස වෙතය.
නිර්මාල්ගේ ජීවිතයේ නරක කාලය උදාවන්නේ විවාහයෙන් පසුවය. මෙතෙක් දිගින්දිගට සිදු වූ වර්ධනය එකවරම නතර විය. ආයතනය තුළ සේවය කරමින් සිටි අය අතර ටිකින්ටික ගැටලූ මතුවන්නට විය. එතෙක් එකා මෙන් වැඩ කළ සේවකයෝ එකිනෙකා අතර ගහ මරාගන්නා තරමට ගැටලූ ඇතිකර ගන්නට වූහ. සේවකයෝ එකින් එක ඉවත්ව ගියේ මේ පසුබිම තුළය.
නිර්මාල් අචලාගේ ජීවිතයද මේ ආකාරම විය. ඔවුන්ගේ නව නිවස තුළ සිනා හඬ වෙනුවට ගහබැණගැනීම් වැඩි වශයෙන් ඇසෙන්නට පටන්ගත්තේය. විවාහයෙන් දෙවසරක් ගතවන විට නිර්මාල්ගේ ප‍්‍රදර්ශනාගාරය වසා දමන්නට සිදුවූයේ එය පවත්වාගෙන යාමට නොහැකි අන්දමින් සේවක හි`ගය මෙන්ම ඇණවුම් නොලැබීමේ ගැටලූ වර්ධනය වීමයි. ජීවිතය ගැටගසාගැනීම උදෙසා ප‍්‍රථමයෙන් ලොරියද ඉන්පසු වෑන් රථයද විකුණා දැමුවේය.
එතෙක් මත්වතුරට ඇබ්බැහි වී නොසිටි නිර්මාල් ටිකින්ටික එයට හුරුවන්නට වූයේ ජීවිතයේ බිඳ වැටීම දරාගත නොහැකි වීම නිසාමය. සෑම දිනකම සවස ඔහු නිවසට පැමිණියේ පියවි සිහියෙන් නොවේ. මේ අතර තුර නොසිතු අවුලක් නිර්මාල්ගේ හිස මත කඩාවැටුණේය. ඒ පසුගිය වසර කිහිපයක හි`ග ආදායම් බදු එක්වර ගෙවීමට සිදුවීමයි. එය ඔහුට දරාගත නොහැකි මුදලක් විය. එක්කෝ එය ගෙවා දැමිය යුතුය. නැතහොත් හිරේ යා යුතුය. ඔහු එය ගෙවා දැමීමට තීරණය කළේය. අලූතින් ඉදිකළ තෙමහල් නිවස හරිමැදින් දෙකට බෙදා පර්චස් දහයක් සම`ග විකුණා දැමුවේය. එය ණය ගෙවා ටික කලක් ජීවත්වන්නට ඔහුට එම මුදලද ඉතා වටිනා සම්පතක් විය.
මේ අතරතුර දිනක් ඔහුගේ මිතුරකු නිවසට පැමිණියේය. ඔහු බණ භාවනා හරහා තරමක් සිත දියුණු කළ පුද්ගලයෙකි.
‘නිර්මාල්, ගෙදර මොකක් හරි දෝෂයක් දැනෙනවා’
‘මොකක්ද?’
‘මොකක් හරි නරක ශක්තියක් දැනෙනවා. මේක බැලූවේ නැද්ද?’
‘නැහැ. දැන් අමුතුවෙන් බලන්ඩ දෙයක් නැහැ. මගේ හැමදේම විනාශ වෙලා ඉවරයි’
සිය මිත‍්‍රයාගේ ඉල්ලීම මත ඔහු අන්ජනම් එළිබලන තැනකට ගොස් තම වැටීමට හේතුව විමසා සිටියේය. එය කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ස්ථානයකි. පීරිසිය මැද ආලේප කළ කළු පැහැ අඳුන් අලේපය ඉදිරියෙන් තැබූ දැල් වූ පහනේ ආලෝකය අංජනමට වැටෙන අයුරු නිර්මාල්ටද පෙනෙයි. එයට පහත් වී සිටින කාන්තාව සිය කටහඬ අවදි කළාය.
අංජනම් දෙවියෝ ඔන්න පෙන්නනවා. ප‍්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරෙනවා, එතන බෝඞ් එකක් තියෙනවා ‘පයිප්ප පාර’ ඒ පාර දිගේ ඉදිරියට යනවා. දකුණු පැත්තට හැරෙනවා කළු ගේට්ටුවක් ගාව නතර වෙනවා. එතනින් ඇතුළු නොවී තාප්පේ වටේ යනවා. ‘මේ ගේ කලින් එකට තිබිලා ළ`ගදී දෙකට බෙදුවද?
‘ඔව්’
‘වත්තේ ලොකු අඳුරක් තියෙනවා. ඉඩම් දෙකේම එහෙමයි. හොඳ ශක්තියකට ඒ වත්තට ඇතුළුවෙන්න බෑ’
‘මොකක්ද වෙලා තියෙන්නේ’
‘දෙවියෝ පෙන්නන්නේ මෙතනට කරපු බලගතු දෙයක් තියෙනවා කියලා’
‘කරපු දෙයක් කියන්නේ මොකක්ද?’
‘මෙතනට නීච බන්ධනයක් කරලා, ඒ එක්කම මලයකෙක් බන්ධනය කරලා’
‘ගෙදරට දකුණු පැත්තේ ගල් තාප්පයක් තියෙනවද?’
‘ඔව්’
‘කණාටු තැඹිලි පැළයක් තියෙන්නේ’
‘ඔව්’
‘එතන තාප්පේ අත්තිවාරම ළ`ග දෙවියෝ හාරනවා’ මේ පෙන්නන්නේ එතන ලොකු යන්ත‍්‍රයක් තියෙනවා. ඒකේ උඩ මිනී ඇටයක් වගේ දේකුත් තියෙනවා’
‘කවුද මේක කරලා තියෙන්නේ’
‘තමන්ගෙම කෙනෙක් තමයි, මට කවුද කියලා කියන්ඩ බෑ. මම හැඩරුව කියන්නම්. කොණ්ඬේ කොටට කපන, කලිසන් අඳින වැඩි උස නැති ගැහැනු කෙනෙක්’
‘විශේෂ ලක්ෂණයක් කියන්න බැරිද’
‘වම් කකුලේ පා සලඹක් තියෙනවා’
නිර්මාල්ට සියල්ල පැහැදිලිය. තම වැඩිමහල් නෑනාගේ හැඩරුව මෙන්ම පාසලඹද ඔහුගේ මතකයට නැ`ගුණි. නෑනා තමාගේ දියුණුවට ඊරිසියා බව ඔහු හොඳින්ම දනියි. එහෙත් ඇය සියල්ල විනාශ කර දමන්නට තරම් හැතිරියක යැයි ඔහු නොසිතුවේය. මෙම දෝෂය ඉවත් කරගැනීම සඳහා සුදුසු පුද්ගලයකු සොයාගැනීමටද නිර්මාල්ගේ යහළුවා මුල් විය. හලාවත පැත්තේ කි‍්‍රස්තියානි පූජකවරයකු මේ සඳහා සහභාගි විය.
යොදාගත් දිනයේ සවස් වනවිට ඔහු පැමිණියේය. සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද ඔහු තුළ නොවීය. නිවසේ ගේට්ටුව ළ`ග සිටම ඔහු රැුගෙන ආ පැන් විශේෂයක් වත්තටම ඉස්සේය. ඉන්පසු ඔහු පූජා කටයුතු ආරම්භ කළේය. අන්ජනමෙන් කියූ දේවල් පිළිබඳ පූජකවරයාට කිසිවක් නිර්මාල්ලා පවසා තිබුණේ නැත. එහෙත් ඉඩම වටේ රවුමක් කැරකුණ ඔහු තම පූජාව සඳහා තෝරාගත්තේ පෙර සඳහන් කළ පොල් පැළය ආසන්නයයි.
එම ස්ථානය සුද්ධ කර තරුවක හැඩයට වැලි ඇතිරුවේය. ඉන්පසු වැල්ලේ ඉරි ඇද එහි කොන්වලට විලක්කු දැල්ලූවේය. තරුවේ මැදට විවිධ පූජා ද්‍රව්‍ය තැබුවේය. ඒ මැද කරු තුනක් සහිත රුක්අත්තන ලීයක් සිටෙව්වේය. ඒ මත පුහුලක් තැබුවේය. ඉන් පසු දිගින් දිගට මතුරන්නට විය. පැය තුනක් පමණ එක දිගට මතුරද්දී ගෝලයා විසින් දුම් ඇල්ලීම කපුරු දැල්වීමට අමතරව නිවෙන විලක්කුවලට අලූත් විලක්කු දැල්වීමද සිදු කළේය.
රාතී‍්‍ර දෙකට පමණ ඔහු තාප්පයේ එක තැනක් පෙන්වා එය කඩන ලෙස නියෝග කළේය. කළු ගලින් බැඳි තාප්පයේ අත්තිවාරම නිමවන තුරු හෑරුවත් කිසිවක් ලැබුණේ නැත.
‘තව ටිකක් කපන්න ගල් ඉනි ගහන්න එපා’ පූජකවරයා පැවැසුවේය.
ඉන්පසු ඉතා කල්පනාවෙන් හාරන්නට සිදුවිය. එක්වරම රෙදි පොට්ටනියක් වැනි දෙයක් මතුවිය.
‘ආ ඔය තියෙන්නෙ පරිස්සමෙන් මතුකරගන්න දිග හරින්න එපා’
රෙදි පොට්ටනිය මැදිකර වළ හාරා හූනියම මතුකර ගැනීමට වළ හැරූ පිරිසට හැකි විය. ඉන්පසු පූජකයා වළට බැස එයට මතුරන්නට විය. ඉන්පසු එය රැුගෙන පුහුල්ගෙඩිය රඳවා තිබූ කරුව මතම තැබුවේය. ඉන්පසු එය දිගඅරින්නට විය. දිරාගිය රෙදි කඩට යටින් බාගෙට දිරාගිය නිල් පැහැ ටී ෂර්ට් එකක් විය. එය නිර්මාල්ගේ ටී ෂර්ටයකි. එය ඉවත් කළ පසු, අඩියක පමණ තඹ තහඩුවක ඇඳි යන්ත‍්‍රයක් මත මිනියක අ`ගල් 6ක පමණ ඇට කැබැල්ලක් දක්නට ඇත. යන්ත‍්‍රය අලූත් එකක් මෙන් දිස්නය දෙමින් පවතියි.
ටික වේලාවක් මැතිරීමෙන් පසු යන්ත‍්‍රය මත පුහුල තබා පූජකයා විසින් කඩුවෙන් ගසා පුහුල කපා දැමුවේ එතෙක් පැවැති හූනියමද නිමාවට පත් කරමිනි. මේ සියලූ කාර්යයන් සිදු වූයේ ඉතා රහසිගතවය. හූනියම කපා දැමීමෙන් පසු හරියටම හත්වන දිනයේ රියඅනතුරකින් ලොකු නෑනණ්ඩිය මිය ගියේ තමාම වැපිරූ දෙයිහි ප‍්‍රතිඵල තමා පසුපසම පැමිණීමෙනි.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close