නොපෙනෙන ලෝකය

වයින් පෙරා කටගැස්ම සමගම ඉල්ලූ මලගිය ආත්මයක්. . .


ගෙවී ගිය දසවසර තුළ විවිධාකාරයේ මලගිය ආත්මයන් සමග ගණුදෙනු කරන්නට මට අවස්ථාව උදාවී තියෙනවා. ඒ එක් එක් ආත්මයන් එකිනෙකට වෙනස් බව මම වරින් වර ලියු අත්දැකීම් තුළින් ඔබත් අවබෝධ කොට ගෙන ඇති. . .

පසුගිය දිනක වෙනස්ම අත්දැකීමක් දෙකක් ලබන්නට අවස්ථාව උදාවුණා. . .

ඉන් පලමු වැන්න මුලින්ම ලියන්නම්..

පසුගිය දිනක කලින් ආශ්රමයට පැමිණි පිරිමි දරුවෙක් ඔහුගේ මව හා පියාගේ පෙර කර්මයන් පිලිබදව දැනගැණිමට ආශ‍්‍රමයට පැමිණියා. . .

පසුගිය කාලයේ ඔහුගේ නිවසේ තිබුණු හදිහුනියම් ගැටලූ කිහිපයකට ආශ‍්‍රමයෙන් විශ්ව පිලියම් යොදා තිබුණා. ඔහුට එහි වත්මන් තත්වයත් දැනගැනීමේ ආවශ්‍යතාවයක් පැවතියා.

මව මා ඉදිරියේ අසුන් ගත්විට මට නිවසේ කිසිදු හදිහුනියම් දෝස තත්වයක් නැතිබව පෙනීගියා. . .

නමුත් නිමිත්තේ යම් මලගිය දෝසයක් පවතින බව මා දුටුවා.

මේ නිසාම මා භාවනාව තුළින් ඒ කුමක්ද කියා ගැඹුරින් සොයන්නට වුණා. . .

එය විශාල භූමියක්. . . .

මා අවසානයේ හදුනා ගත්තා. . . තම භූමියේ පිටුපස මායිමෙන් අඩි කිහිපයක් පමණක් වත්ත තුළට පැමිණි මලගිය ආත්මයක්. . .

ටිකක් දිගට වවලා ගැටගහන සුදු කොන්ඩයක් තියෙන නිතර බැනියම් අදින වයසක පිරිමි කෙනෙක්ව මම දුටුවා. . .

මම ඒ පිලිබදව ඒ මවගෙන් ඇසුවත් ඇය දැනගෙන හිටයේ නෑ. . . ඒ නිසාම ඇගේ සැමියට කථා කරන්නට වුණා. .

ඔව් මහත්තයෝ ඔය පිටුපස මායිමේ විකුණපු ඉඩමේ කලින් අයිති කෙනා ඔය වගේ

ඒ ඉඩම අපේ අම්මා ඒ අයට දුන්නේ ගමේ ආපු වෙලාවට ඉන්න කෑල්ලක් හදා ගන්න. එයා අම්මගේ පැත්තේ නැදෑ කෙනෙක්. . .

හැබැයි ආපු දවසේ ඉදන් ඉඩම අල්ල ගන්න ගොඩක් ප‍්‍රශ්ණ ඇති කලා. . . .

කමක් නෑ. . . අපි එයාවත් අයින් කරලා දාමු. . .

මම මලගිය කෙනාගෙන් විමසුවා ඉන්න තැනින් මිදෙන්න අවශ්‍ය මොනවද කියලා. . .

ඔහු ඉල්ලූ දෙය තමයි ටිකක් වෙනස්. . .

මලකඩ කාපු යකඩ බාල්දියකට වතුර භාගයක් විතර පුරවලා එකට හොද ලොකු මිදි පොකුරක් දලා ලෑල්්ලකින් වහලා දින හතරක් තියන්න. ඉන්පසුව ඒ බාල්දිය ප්ලූස්කැප් කොලයකට ලූණු කැට ටිකකුයි ගම්මිරිස් ඇට ටිකකුයි දාලා එක තැනකින් තියන්න කියන එක තමයි ඒ ආත්මයේ ඉල්ලීම වුණේ . . . . .

මහත්තයෝ කොහෙන්ද අපි මේක තියන්න ඔනේ. . .

ඔය ගොල්ලන්ගේ ගෙදරට එන පාරේ අගුරු පුච්චපු හරියක් ඉස්සර තිබුණද ?

ඔව්. . . . ඉස්සර අපේ මහ ගෙදර වාත්තු වැඩ පොලක් තිබ්බේ එකේ අගුරු දාන තැනක් තියෙනවා. . .

අන්න එතන තියන්න. . .

එය තියන්න අවශ්‍ය වෙලාවත් මා ලබා දුන්නා.

මෙතනදි ඇයි මේක විශේෂ වෙන්නේ. . . .

මේ වයින් හෝ අරක්කු හදාගෙනම බීමේ පුරුද්ද තිබු කෙනෙක් බවනම් පැහැදිලියි.

කට ගැස්මට ලූණු ගම්බිරිස් කනවද කියලනම් මම දන්නේ නෑ. . ඒ පිලිබද අත්දැකීම් නොමැති නිසා. . .

පුරුදු අපිව ජිවත්ව ඉන්නකන් විතරක් නොවෙයි මැරුණමත් පිඩාවට ලක්කරන බව මෙයින් තේරුම් ගත යුතුයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x