නොපෙනෙන ලෝකය

යක් වෙස් ගත් මව දුවගෙන් පලිගනියි

නිල්මිණි ආයුර්වේද වෛද්‍යවරියකි. වසර විස්සක් පමණ එක දිගට වෛද්‍ය සේවයේ නිරත වූ ඇය සිය පෞද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානය තුළින් හො`ද ආර්ථික මට්ටමක් ද ළ`ගාකර ගත්තා ය. ඈත පිටිසර ගමක සිට ඉතා අපහසුවෙන් විශ්ව විද්‍යාල කඩඉම පසුකළ නිල්මිණි මුල අමතක කර දැමුවේ ද නැත. කොළඹට ආසන්න නගරයක ඉදිකළ තම සුපිරි නිවසට තම මව රැුගෙන විත් ඇයට හො`දින් සැලකීම නිල්මිණි සිදු කළේ කැමැත්තෙන්ම ය. මේ අතරතුර ඉතාලියේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇරැුඹීමේ අවස්ථාව ද ඇයට උදා විය. ඒ ඇයගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන විදේශිකයකු ඉල්ලීමක් අනුව ය. කෙසේ හෝ ලංකාවේ වෙදකම නවතා දමන ඇය විදේශගතව වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම ඇරඹුවේ තව දුරටත් ස්ථාවර වීම උදෙසා ය. වසරකට වරක් ලංකාවට පැමිණියත් තම මවගේ සියලූ අවශ්‍යතා පිළිබ`ද කෙසේ හෝ සොයා බැලීමට කිසිවිටකත් ඇය අමතක නොකළා ය. තම මව ඉතාලියට ගෙන ගොස් මාස කිහිපයක් තමා ළ`ග තබා ගෙන පියා නොමැතිව වි`දි දුක්වල ණය ගෙවා දැමීමට ද ඇය උත්සහ ගත්තා ය. කාලය කෙමෙන් ගෙවී යමින් පැවැතිණි. නිල්මිණි විවාහ වී දරුවන් දෙදෙනකු ද ලැබුවා ය. දරුවන් දෙදෙනා මව සම`ග ලංකාවේ කාලය ගත කළ අතර නිල්මිණි වැඩි කාලයක් ගත කළේ ඉතාලියේ ය. වයස්ගතව සිටි මව කෙමෙන් කෙමෙන් දුර්වල වී රෝගාතුර වූයේ ඇය ඉතාලියේ සිටිය දී ය. මවගේ හදවතේ ක‍්‍රියාකාරිත්වය දුර්වල වීම හේතුවෙන් මව එක්තැන් වූවා ය. ඉතාලියේ සිටි නිල්මිණි දීර්ඝ නිවාඩුවක් ගෙන ලංකාවට පැමිණියේ තම මවට උපස්ථාන කිරීමට ය. සත්‍ය ලෙස ම ඇය යහපත් දියණියක් ලෙසින් මවට ඇප උපස්ථාන කළා ය. ඇය ආයුර්වේද වෛද්‍යවරියක වුවත් මව ලංකාවේ සුපිරි රෝහලක නවත්වා ප‍්‍රතිකාර ලබා දීමට ඇය උත්සහ කළේ ඉක්මණින් මව යථා තත්ත්වයට ගැනීමට ය. යම් දිනවල එක ම රෝගයට හතර පස් අවස්ථාවක් සිය මව රෝහල වෙත ගෙනයෑමට තරම් මවගේ ඉල්ලීම පිළිබ`ද ඇය උනන්දු වූවා ය.

එදා ස`දුදා දවසකි. ඒ වන විට මවගේ තත්ත්වය එන්න එන්නම දුර්වල වෙමින් පැවැතුණි. නිල්මිණි උදේ ම රෝහල වෙත සිය මව ගෙන ගිය ද එය සමාන්‍ය තත්ත්වයක් ලෙස වෛද්‍යවරු පැවැසූහ. වෛද්‍යවරුන් ඒ තත්ත්වය සැලකුවේ ඕනෑම මොහොතක ජීවිතය හැරදා යා හැකි අයෙක් ලෙසිනි. ඒ මවගේ වයස අනුව ගත් තීරණයකි. එදිනම සවස ඇයට යළි අසාධ්‍ය විය. නිල්මිණිගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් මත ඇය සිටියේ ද පීඩාකාරී මනසකිනි. කෙසේ වෙතත් ඇය මව යළි රෝහලට රැුගෙන යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කළාය. රෝහල ආසන්නයේ දී නිල්මිණිට කතා කළ මව ඇගේ අත්දෙක අල්ලාගෙන ‘‘දුවේ උඹ බුදු වෙන්ඩ ඕනේ මේ මට සලකන විදිහට’’ යැයි පැවැසුවාය. ඒ නිල්මිණිගේ මවගේ අවසන් වදනයි. මවගේ අවසන් කටයුතු සිදු කළ පසු යළි නිල්මිණි ඉතාලි ගියේ ඇයගේ සුපුරුදු රාජකාරිය උදෙසාය. මවගේ තුන් මාසයේ දානයට ඇය පැමිණියේ නැත. එය ඇගේ දරුවන් ලවා ඉටු කිරීමට ඇය කටයුතු සැලසුවාය. මේ සිදුවීමට ටික දිනක් ගත විය. රාජකාරිය නිම වී රාත‍්‍රී දහයට පමණ ඇය හැමදාමත් ගමන් කරන වීදිය දිගේ නිල්මිණි පා ගමනින් පැමිණෙමින් සිටියාය. වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට නිවසට මීටර් 900 පමණ දුරක් පා ගමනින් යා යුතුය. වෙනදාට ආලෝකමත් වූ මාර්ගයේ දැඩි අඳුරක් පැවැතුණි. එය ඉතාලියේ ප‍්‍රධාන නගරයක් වූ හෙයින්ම ඇයගේ සිතට කිසිදු චකිතයක් දැනුණේ නැත. උණුසුම් කාලයේ රැුයක් වූ එදින වෙනදාට වඩා සීතලක් දැනෙන්නට විය. එක්වරම අහේතුවකට ඇයගේ ඉදිරියට පැමිණි විශාල නිශාචර පක්ෂියකු හේතුවෙන් ඇය තිගැස්සී ගියාය. ඇයගේ සිත තරමක් තිගැස්සුණු නමුත් ඇය වේගයෙන් ඉදිරියට ගමන් කරන්නට වූවාය. ටික දුරක් ඉදිරියට ගමන් කරන විට පසු පසින් ‘‘සර, සර’’ ශබ්දයක් ඇසුණි. ඇය ගමන් කරන ගමන්ම පසු පස හැරී බැලීමට උත්සහ කළාය. පසුපස හැරෙන විට ඇයට බොහෝ ආසන්නයේම වවුලෙක් වැනි සතෙක් දැකගත හැකි විය. ඇයට ඉදිරියට හැරෙන්නට හෝ ලැබුණේ නැත. නිල්මිණි පය පැටලී බිම ඇද වැටුණා. නැඟිටින්නට කොතරම් උත්සහ කළ ද යළි ඇයට නැඟිටීම ඉතා අපහසු විය. ඒ සිදුවීමෙන් නිල්මිණිගේ කකුල කැඞී ඇති බව දනගත හැකි වූයේ ඇයව රෝහලට රැුගෙන යෑමෙන් පසුව ය. ටිකෙන් ටික ප‍්‍රශ්න වැඩි වන බව ඇයට දැනෙන්නට විය. ඉතා දීර්ඝ කාලයක් හොඳින් සමීප සබඳතා පවත්වාගෙන ගිය ඉතාලි ජාතිකයා හා සබඳතාව කෙමෙන් කෙමෙන් බිඳ වැටෙන බව ද ඇයට දැනෙන්නට විය. එහෙත් ඊට හේතුවක් සොයා ගැනීමට ඇයට නොහැකි විය. කොතරම් ප‍්‍රතිකර්මයන් කළ ද ඇයගේ කකුල සුවවෙන බවක් පෙනෙන්නට ද නැත. නිල්මිණි යළි ලංකාවට පැමිණියාය. ලංකාවට පැමිණ කෙටිකලකින් කකුල සුව වුව ද යළි ඉතාලි යෑමට ඇයට අවස්ථාව උදාකර ගැනීම අපහසු බව ටිකෙන් ටික ඇයට අවබෝධ විය. ඇයගේ සුපිරි නිවස තුළ මහා මූසල බවක් පවතින සෙයක් ඇයට දැනුණි. ලංකාවට පැමිණි දින සිට සෑම රාත‍්‍රියකම යම්කිසි කෙනෙක් සිහිනෙන් ගෙල සිර කරන බව ඇය දුටු අතර එක් දිනක් ඇය නින්දෙන් ගැස්සී අවදි වූවා ය. මෙතෙක් සුපිරි ජීවිතයක් ගත කළ නිල්මිණිගේ පවුලේ ආදායම් මාර්ග එකින් එක ඇහිරී යන්නට විය. කිසිදු අවස්ථාවක ඇයගේ වාහනය එකවර පණගන්වා ගැනීමට ඇයට නොහැකි විය. ඇය වාහනය උදෙසා අධික ලෙස මුදල් වැය කරමින් කොතරම් අලූත්වැඩියාවන් සිදු කළ ද ඉන් ප‍්‍රයෝජනයක් වූයේ ද නැත. ඇය වාහනය විකුණා දැමුවා ය. අතට ගත් මුදල වැය වූයේ කුමකට ද යන්න පවා ඇයට මතක නැත. දරුවන් දෙදෙනා සමඟ නිරන්තර මත ගැටුම් ඇතිවෙමින් නිවස තුළ ගත කිරීම පවා ඇයට එපාවෙමින් පැවැතුණි. එක් දිනක් ඇය ඇයගේ කාමරයේ ඇඳට වී සාලය දෙස බලාගෙන සිටියා ය. වේලාව රාත‍්‍රි එකොළහට පමණ ඇත. ටීවී කාමරය දෙසින් දරුවන් රූපවාහිනී නරඹමින් සිටින බව ඇසෙයි. කාමරයේ අඳුර පැවැතියත් සාලයේ විදුලි පහනෙන් කාමරයත් ආලෝකමත් ව ඇත. එක්වරම කාමරයේ දොර අසල කළු දිග ගවුමක් ඇඳගෙන අවුල් වී ගිය හිසකෙස් කළඹක් ඇතිව තමන් දෙස බලාගෙන සිටින ගැහැනු රුවක් ඇය දුටුවා ය. ඇයගේ මුහුණ කළු ය. ඇස් විශාල ය. කොණ්ඩය දිග ය. එම රුවේ කකුල් පිළිබඳ මතකයක් ඇයට නැත. නිල්මිණි අධික ලෙස බිය වූවා ය. කෑ ගැසීමට උත්සහ කළ ද නිල්මිණිගේ කටහ`ඩ පිටවූයේ නැත. එම රුව ඉවත්වන්නේ ද නැත. කෙසේ හෝ වෙර යොදා ඇය කෑ ගැසුවා ය. ඇයට මතක එපමණ ය. ඇයට යළි සිහි කල්පනාව ආවේ බණ්ඩාර කපු මහතා දෙහි කපා දමන ලද ආරක්ෂා නූලෙන් පසුව ය. සිදු වූ දෙය කුමක් දැයිඅවබෝධූයේ ඉන් පසුව ය. නිල්මිණිගේ මව මිය යන මොහොතේ මවගේ සිතේ නිල්මිණි කෙරෙහි ඇති වූ අප‍්‍රමාණ සෙනෙහස හේතුවෙන් සත්භාවයෙන් යුතුව ම ”දුවේ උඹට බුදු බව ලැබෙන්න ඕනේ” යැයි පැවැසුවා ය. එහෙත් වෙනත් පීඩාකාරී බවකින් වෙලී සිටි නිල්මිණිගේ මුවින් පළමු වතාවට පිට වූයේ ”එන ආත්මේ නම් අම්මලත් එපා” යන වදනයි. මවගේ සිත එයින් දැඩි ලෙස පෑරුණා ය. මව මියගියේ එම සිතුවිල්ලෙනි. මව මළ යකින්නක් බවට පත්විය. දුව සමඟම ඇගේ ශරීරයේ නැඟ ඉතාලියට ගිය එම ආත්මය ඇයගෙන් පළිගැනීම ඇරඹුවේ කකුල කඩාදැමීමත් සමඟ ය. ඉන්පසු ක‍්‍රමයෙන් ඇයගේ සියල්ල අහිමි කරන්නට විය. ජීවිතය පුරා මවට සැලකු නිල්මිණි අතින් සිදු වූ එක් මොහොතක වරදින් නිල්මිණිට මෙන් ම ඇයගේ මවට ද වන්දි ගෙවීමට සිදු විය. අවසානයේ නිල්මිණිගේ මවගේ ආත්මය අලූත් නුවරට භාර කොට නිල්මිණිට නිදහස ලබා දුන්නේ ය.

0 0 votes
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x