කර්මය ක්‍රියාත්මක වීම එකකට එකක් වෙනස්.. ඒක කවදාවත්ම එකක් වෙන්නේ නැහැ...

කර්මය පිළිබඳව මිනිසුන්ට බොහෝ ප්‍රශ්න තියෙනවා.
සමහර මිනිස්සු දුක් විඳිද්දි තවත් මිනිස්සු සැප විඳිනවා. පිරිසක් විවාහ දෙක තුනක් කරගනිද්දී තවත් පිරිසක් විවාහයක් කරගන්න බැරුව දුක් වෙනවා.
තව පිරිසක් හොදට ඉගෙන ගද්දි ඉගෙන ගන්නා ආස උනත් ඉගෙන ගන්න බැරුව තව පිරිසක් දුක් වෙනවා.
එක් පිරිසක් ගෙවල් දෙක තුන හදද්දි තව පිරිසක් ජීවිත කාලයම කුලී ගෙවල්වල ඉන්නවා.
තව පිරිසක් පෞද්ගලික ගුවන් යානා මිලදී ගනිද්දී තව පිරිසකට පාපැදියක් වත් මිලදී ගන්න බැරුව ලත වෙනවා.
මේක අපි සමාජයේ දකින ස්වභාවය……..
මේ දෙකටම අතර පිරිසකුත් ඉන්නවා…. කර්ම ඵල විග්‍රහය ඇතුලේ මම මේ වගේ අයත් දැකලා තියෙනවා….
තමන්ගෙ ජීවිත කාලයම ගෙවල් දොරවල් ඉඩකඩම් එකතු කරල තමන්ගෙම අයට ඒවා දීලා මුකුත්ම නැතුව පැත්තකට වෙලා ඉන්න මිනිස්සු……
දුක් මහන්සියෙන් ව්‍යාපාර ගොඩනගලා ඒව දරු මුණුබුරන්ට දීලා අනුන් යටතේ වැඩ කරන මිනිස්සු…..
රටක් රාජ්‍යයක් වටින උගත් කම් සහිතව දරුවන් තනලා ඒ දරුවන්ම තමන්ගෙ කණ අත්සනත් හොරට ගහගෙන හැමදේම අහිමිවෙලා මහපාරට වැටුන මිනිස්සු…..
ජීවිතය කුනුබක්කියෙ තිබුණු මිනිස්සුන්ව ඔසවලා උඩින් තියලා ඔහුන්ම තමන්ම කුණුබක්කියට තල්ලු කරලා දාපු මිනිස්සු…..
සමාජයට පේන්න ගෙවල් පන්සල් හදමින් මහා සමාජ සත්කාර කරත් තමන් ඇතුළෙන්ම හැමදාම හඬා වැටෙන මිනිස්සු……
අම්මා තාත්තගෙන් හතුරෙක්ගෙන්ව ලක් නොවන පිඩාවන් විදින මිනිස්සු….
සතුට හොයන්න විවාහ වෙලා ජීවිත කාලයම දුක් විදින මිනිස්සු…
පිරිමියෙක්ව විවාහ කරගෙන සමලිංගිකයෙක් එක්ක ජීවත් වෙන්න වෙන ගැහැණු….
මේ අත්දැකීම් වලින් බොහොම ටිකක්……
කර්මය ක්‍රියාත්මක වීම එකකට එකක් වෙනස්.. ඒක කවදාවත්ම එකක් වෙන්නේ නැහැ…
හැබැයි මම දැකපු එකම දෙයක් තියෙනවා… මේ හැම කෙනෙක්ටම මිදෙන්න අවස්ථාවක් තියෙනවා.
මිදෙන්න මාර්ගයක් තියෙනවා.
ඒ මාර්ගය තුළ තියෙන්නේ කරුණු තුනක් පමණයි…
දැණුවත්භාවය
කැපවීම
භක්තියයි
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

