Arrival of Alien

වෛදිකයන් පරමාත්මීය තලය ලෙසින් දුටු පිටසක්වලයන්ගේ Akashic Records

වෛදිකයට අනුව මිනිසෙකු නිර්මාණය වෙන්නේ පරමාත්මය ශක්තියෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් වූ ශක්ති කොටසක් මුල් වීමෙන්ය.

එසේ රැගෙන එන ජීවාත්මය නම් වූ ශක්ති කොටස ශරීර යාන්ත්‍රණය පවත්වාගෙන යෑම උදෙසා මුල් වන චක්‍ර හතේ පළමු චක්‍රය වන මූලාධාර චක්‍රය තුළ තැන්පත් වෙයි.

මිනිසා විසින් රැගෙන එනු ලබන සියලු විශ්වීය මූලයන් ගබඩා වී ඇත්තේ මෙම ශක්ති පදාර්ථය තුළ යැයි වෛදිකයෝ විශ්වාස කළහ. මිනිසාගේ මරණයත් සමඟ යළි එම ජීව ආත්මයෝ පරමාත්මය ශක්තිය හා බද්ධ වෙයි.

ජීවත්ව සිටියදී යමෙක්ට පරමාත්මය ශක්තීන් හා සම්බන්ධ වීමට නම් තමා තුළින්ම මෙම ජීව ආත්මීය ශක්තිය විශ්වය දක්වා එසවිය යුතු වෙයි. කුන්ඩලිනිය අවදි කිරීම ලෙස වෛදිකයා දුටුවේ මෙයයි .

මෙයට වසර දහස් ගණනකට පෙර වෛදිකයා හඳුනාගනු ලබන්නේ පිටසක්වල ජීවීන් සතු ආකාශා මානය යයි පැවසුවහොත් ඔබට එක්වරම නොවැටහෙනු ඇත. පිටසක්වලයින්ගේ ආකාෂා මානය යනු තේරෙන වචනයෙන් පවසනවා නම් විශාල දත්ත පද්ධතියකි. එය අප සිටින තුන්වන මානයට බොහෝ ඉහළින් ඇති මානයකි.

අන්තර්ජාලය පවත්වාගෙන යනු ලබන ගූගල් සමාගමේ මව් පරිගණක පද්ධතියක් ඔබට සිහියට නැගෙනු ඇත. එහෙත් මෙය එවැන්නක් තරම් කුඩා වූවක් නොවේ. සමස්ථ විශ්වයේ සෑම අංශුමාත්‍රයක් පිළිබඳවම තොරතුරු ගබඩා වූ අති විශාල වූ මානයකි. මෙය වෙනම ලෝකයකයි පැවසීම වැරදි අර්ථකථනයකි.

මෙම මානය කෘතිමව තොරතුරු ගබඩා කිරීම උදෙසා පවත්වාගෙන යන අතර එය ඔවුනට අනුව පැතලි මානයකි. මෙහි ඇත්තේ Akashic Records ලෙස හඳුන්වනු ලබන තොරතුරු ගොනු පද්ධතින්ය. ඔබේත් මගේත් , ඔබේ නිවසේ මගේ නිවසේත් පරිසරයේ ඇති ගහකොළ වලත් පමණක් නොව මේ සියලු විශ්වයේ තොරතුරු මෙම Akashic Records තුළ තැන්පත්ව ඇත.

ආකාෂා මානය අපට බොහෝ ඉහළින් ඇති මානයක් බැවින් එහි කාලය පිළිබඳව ඇති හැඟීම අක්රීය වී යයි. ඒ අනුව වසර දස දහස් ගණනක් අතීතය වර්තමානයේ මෙන්ම අනාගතය පිළිබඳ සියලු තොරතුරු මෙම දත්ත තුළ තැන්පත්ව පවතී. එසේම එහි වසර දස දහස් ගණනක පරතරය අතර වූ දත්තයක් ඉතා ක්ෂණික ව මතුකර ගැනීම උදෙසා ද මෙම කාල අවකාශයන් නොමැතිකම හේතුවක් වෙයි.

අකාශ මානය යන්න විග්‍රහ කිරීමට ඇති සරලම උදාහරණය වනුයේ මේ හැර විශ්වීය සුපිරි පරිගණක පද්ධතියක් හා සමය යන්නයි. මෙම රෙකෝඩ්ස් භාවිතා කරන අයෙකුට වසර දස දහස් ගණනකට පෙර තොරතුරක් තත්පර ගණනකින් ලබා ගැනීමේ හැකියාව පවතී.

විශ්ව ආරම්භයේ සිට අනාගතය දක්වා වූ සෑම ජීවී කාණ්ඩයකම මෙන්ම සෑම සිදුවීමක ම තොරතුරු මෙම ගොනු තුළ තැන්පත්ව පවතී.

වෛදිකයන් ට අනුව පරමාත්මීය ශක්තිය තුළින් අප උකහා ගෙන එනු ලබන මතකයන් පෘථිවිවාසීන් ගේ උත්පත්තියත් සමග වසර දෙකහමාරක් යන තෙක් පවතිනු ලබන අතර ඉන්පසු කමෙන්ට් ඒවා අමතක වී යයි. පිටසක්වළයන්ගේ මතයට අනුව එය සිදු වන්නේ කාෂා මානය තුළ ක්‍රියාත්මක වන මතකය මකන පද්ධතියක් මගින් ස්වයංක්‍රීය සිදුවන බවය.

විවිධ ලෝකවල හා මානවල සිට පෘතුවියට එවනු ලබන ජීවී කාණ්ඩයක් ද බොහෝ විට මෙම මතක මකන පද්ධති වලට මැදි වන බව ඔවුනගේ අදහසයි. පෘථිවි ජීවීන් හා මුහු වීමේ පහසුව උදෙසා මෙය ක්‍රියාත්මක වන බවයි. යළි ඔහුනගේ මතකය සක්‍රීය වනුයේ වසර දාසයයි මාස නමයකට පසු ව ය.

බොහෝ පිටසක්වල ජීවීන් උසස් මනසකට හිමිකම් කියනු ලබන බැවින් පෘථිවියට පැමිණීමෙන් පසු ඔහුනගේ මතකයන් සක්‍රිය වීමත් සමග ආකාෂා මානය සහ බද්ධවෙමින් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව උදාවෙයි. ඒ හරහා ඔවුන් පෘථිවියට පැමිණි කාරණාව හා ඒ හා බැඳුණු තොරතුරු අවබෝධ කර ගැනීමට හැකි වෙයි.

හෝමෝසපියන් මානවයා යනු දෙමුහුන් ජීවියෙකු වූ බැවින් ඔහුන් අතරින් වැඩි ජානමය ශක්තියක් සහිත මිනිස්සුන්ට උත්සහ කරන්නේ නම් තම මනස උසස් මට්ටමට ගෙන ඒම හරහා මෙම ආකාශා මානය හා බද්ධ වීමේ හැකියාව පවතී. එය සරල කාර්යයක් නොවන අතර කාෂා මානය තුළ ඇති මතකය මකන යාන්ත්‍රණය අභිබවා යෑමක් මෙහිදී සිදු කළ යුතු වෙයි. සරල අදහසකින් පැවසුවහොත් අනවසර යෙන් පරිගණක පද්ධතියක් තුළට පිවිසෙන හැකර්වරයෙකු ගේ කාර්ය හා සම වූ ක්‍රියාවලියක් මෙහිදී සිදුකරනු ලබයි. පෘථිවි වාසීන් ගේ වචනයට අනුව ධ්‍යාන මට්ටම් , මාර්ග එල ආදිය තීරණය වනුයේ මෙම මතක මකන යාන්ත්‍රණය අභිබවා යෑමට තමා තුළ ඇති ජානමය ශක්තියේ මට්ටම අනුවය.

සංස්කෘතික හැදින්වීමට අනුව ඊතර් ලෙස හදුන්වනු ලැබුවේ මෙයයි.

පෘථිවිය මත මෙතෙක් ජීවත් වූ අනාගතය දකින්නන් මෙසේ පරමාත්මය තලය ලෙස හඳුනාගත් පිටසක්වලයින්ගේ ආකාශා මානය තුළ වු Akashic Records තුළින් තොරතුරු උකහා ගනිමින් ්‍රකාශ කරන ලද පුද්ගලයින් ය.

පෘථිවි ජීවීන් යනු පිටසක්වලයින්ගේ නිර්මාණයක් නම් ආකාෂා මානය හා තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව වලකාලීමට ඔවුන් උත්සාහ නොකරන්නේ මන්ද යයි ගැටලුවක් ඔබට ඇති වනු නියතය.

එයට විශේෂිත හේතුවක් පවතී. පෘථිවියේ ජීවය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑම උදෙසා වශ්‍ය යාවත්කාලීන කිරීම් හා ජානමය වර්ධකන් මෙම පුද්ගලයන්ගේ මනස හරහා අන් අයට සම්ප්‍රේෂණය වීම සිදුවේ. එය අදාල පුද්ගලයාගේ පාලනයකින් තොරව නිරන්තරව සිදු වන්නක් වන අතර එය ජාලයක් ආකාරයෙන් පැතිරීම සිදු වෙයි. දියුණු බිහිවන්නේ එලෙසය. එසේම වරින්වර පෘතුවි ජීවින් වෙලා ගනු ලබන මාරාන්තික රෝග තත්වයන් ඇතිවී නැතිවි යන්නේද මේ හරහාය.

සරලව පවසන්නේ නම් පිටසක්වලයින් පෘතුවියේ නොමැති අවස්ථාවලදී පවා මෙම දියුණු මනස සහිත පුද්ගලයින්ව සම්ප්‍රෙෂන මාධ්‍යයක් සේ යොදාගනිමින් පෘතුවිය නිසි අයුරින් පවත්වාගෙන යෑමට එහි නිර්මාපකයන්ට අවස්ථාව ඇති බවය.

පෘථිවිය තුළ කිසිම විටෙක අලුත් දෙයක් බිහිවන්නේ නැත යනුවෙන් මා සැමවිටම පවසන කරුණේ සැබෑ අර්ථය මෙයයි.

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close