හෙළ කුණඩලීණී

අතහැරීමෙන් ඇල්ලීම

පිරීම යනු එක් භයවක් තුළදී පමණක් සිදුනොවන්නකි.

අප අපගේ කාර්යය සම්පුර්ණ කර ගනු වස් භවයන් දස දහස් ගණනක් තිස්සේ පිරීම සපුරා ගනිති .

ඒ සෑම භවයක් තුළදීම අප අපගේ නිිවිම උදෙසා මාවත නිර්මාණය කරගනු වස් අප වටා ඇති කර්මය නම් මාලිගයේ ගල් පේලි එකින් එක ගලවා දමනු ලබයි.

අතහැරිම යනු එයයි. එකින් එක ගල්පේලි ගලවා දැමිම යනු කර්මය අතහැර දැමිමයි.

මේක මානසිකමය ක‍්‍රීයාවලියකි. මෙය සරල වුත් සංකිරණ වුත් ක‍්‍රීයාවලියකි.

ඔබ භෞතිකමය ජිවියෙකි. ඔබ තැනී ඇත්තේ භූත තත්වයන් පහක් එක්විමෙනි. එවා එකින් එක අත් හැර ආකාශ ගුණය තුළ පමණක් රුදි සිටිින්නට හැකිනම් ඔබට වැටහෙන්නට පටන් ගනීවි ඔබ කියා කෙනෙකු නොමැති බව .

එනම් ඔබ කියා කෙනෙක් ඇත්තේද නැත නැත්තේද නැත යන්නය. ඔබ කියා කෙනෙක් ඇතැයි කියා සිතන විට ඔබ සිටිනු ඇත .

ඔබ කියා කෙනෙක් නැතැයි කියා සිතන විට ඔබ කියා කෙනෙක් නොසිටිනු ඇත .

තවමත් මෙය ඔබට නොතේරෙනු ඇත .

මා පවසනුයේ භෞතිකමය අතහැරිමක් පිලිබදව නොවේ. එය මානසිකමය අත හැරිමකි.

දැඩි ලෙස අල්ලා ගන්නටනම් දැඩි ලෙස අත හරින්නටද හුරු විය යුතුව ඇත . ඔබ මෙලෙස සිතන්න .

ඔබ ඔබේ දරුවාව දැඩිලෙස අල්ලාගෙන සිටිනු ඇත . එතන ඇත්තේ පඨවියයි. එ අල්ලා ගැනීම ආකාශ තත්වයට පත්කල හැකිනම් ඔබේ මනසේ බැදීම් ලිහිල් වනු ඇත . එවිට සිදුවනුයේ දුරස් වීමක් නොව වඩා සමීප වීමකි. එවිට අනෙකාට ඔබව යහපත් මිනිසෙකු ලෙසින් දැනෙනු ඇත .

අතහැරීම ලෙසින් අර්ථ දැක්වෙන්නේ එයයි.

ඔබ වඩා හොද මවෙකු පියෙකු සැමියෙකු බිරිදක වන්නට නම් ඔබ ඔබේ දරුවාව සැමියාව බිරිදව අත හැරිය යුතුව ඇත .

මෙය පැවසුවිට ඔබ පුදුමයට පත්වනු ඇත .අතහැරිම යනු එම බැදීම් තුළ ඇති තද ගතිය නැතහොත් පඨවි ධාතුව ආකාශ ධාතුවට මාරු කිරිමයි.

එවිට ඔබ තුළ ඔබේ දරුවා බිරිද සැමියා පිළිබදව නිර්මාණය වනුයේ විශ්වීය හැගිමකි.

එයම පෙරලා ඔබව විශ්වීය මිනිසෙකු බවට පත් කරනු ඇත .ඒ තුළම සබදතා තව තවත් ලංවනු ඇත .

ව්‍යවහාරය තුළ අතහැරිම යනු භෞතිකත්වය අතහැරීම ලෙසින් තේරුම් ගත්තද භෞතිකත්වය තුළ සිටිමින් භෞතිකත්වය අතහැරිය හැකිනම් ඔහු වේගවත්ව නිවිම වෙත ලගාවනු ඇත .

මාගේ ගුරුගෙන් මට ලැබුණු අපුර්ව උපදේශයක් මොහොතින් මොහොත මා මෙනෙහි කරමි.

එය අතහැරිමේ විශ්වීය නියමයම කැටි වුවකැයි මට සිතේ. මම එය ඔබටද පවසමි. ඔබද එය ගුරුතැන්හි තබා ගනු ඇත

ධ්‍යාන (භාවනාව ) තුළදි ඔබට දේවත්වයක් හිමිවුවහොත් එයද අතහැර දමන්න . එවිට ඔබ බුද්ධත්වය වෙත ගමන් කරනු ඇත .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර
0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x