ආත්මානං ධිරං අජරං යුවානම්
විශ්වීය අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට බැඳී නොමැති අය අප අතර නොමැත්තේද?
ඒ උතුමන් නැවත ශරීර කූඩුවලට ගාල් නොවී තිරසාර නිවීමෙන්’ සදාකාලික සැනසීම ලබා නොගන්නේද?
අපට ප‍්‍රධාන යුග හතරක් පිළිබදව හුදු දැනුමක් ඇත.
සංසාර ගමන කෙළවර කල හැකි මනස් උරුම වුවෝ අවසන් වරට බිහිවුයේ ද්වාපර යුගයේදීය.
ඔහුනට ඉතා සුලු උත්සහයක් තුළින් මනසේ ගැඹුර අත් විදින්නට පුලුවන් වුනා….. ඒ කියන්නේ ඒ යුගයේ මිනිසුන් තම මනසින් අඩකට වඩා ප‍්‍රයෝජනයට ගත්තා.
ඒ නිසයි ඒ යුගයේ බොහෝ සෘෂිවරු සිටියේ.
ඉන්පසු කලියුගයේ මුල් වසර 5000 තුළ මනස් වල ශක්තිය බොහෝ සෙයින් බිදවැටුණා……
ඉතා සිමිත පිරිසක් පමණක් මනසේ සමස්තයෙන් සියයට 25 ක් පමණ ප‍්‍රයෝජනයට ගත්තා……
ඒ නිසාම ඒ යුගය තුළ මනස දියුණු කළ අය ඉතා අල්ප වුනා……
සාරාසංකෙයිය කල්පලක්ෂයක් කල් පිරීම සපිරු උත්තමයෙක්ටත් ඉතා දිර්ග කාලයක් පුරා තම මනමේ ගැඹූර සොයන්නට වුනා……
දැන් කලි යුගයේ අව කොටස ඇරඹිලා බහුතරයේ මනස ක‍්‍රියාත්මක වෙන්නේ සියයට 2 පමණයි……
ඒ කියන්නේ මනසින් සියයයට 98 ක්ම වැහිලා ගිහින්……
එබැවින් කිසිසේත්ම තිරසාර නිවීමෙන් සදාකාලික සැනසීම උදාකර ගන්නෝ බිහි වන්නේ නෑ….
පරමාත්මිය දැණුම එක්තැන් කල සිත එලෙසම පවතිද්දී ශරිර කුඩුව පමණක් මාරු වෙනවා. මෙහිදී මෙකී පරමාත්මීය දැනුම හෝ ඥානය එක්තැන් වනුයේ සිතටද නැතිනම් සසර ගමනේ යෙදෙන සත්වයාගේ මන ටද තවත් පැහැදිලි කරගනු වස් විඥානය තුලටද?
මෙය බෞද්ධ හුරුවක් ඇති පරිසරයක වෛදික විග‍්‍රහය කිරිම ගැටලු ගොඩක ආරම්භයක් ලෙසින් මම දකිමි…… මත්නිසාද මා පෙර සිදුකල විග‍්‍රහයන් තුළ ඇත්තේ තේරුම් ගැනිමේ පහසු මගයි.
අථර්ව වේද ගිතාකාවන් තුළ සදහන් වන පරිදි පරමාත්මිය වු පුර්ණත්වයට පත්වන්නේ සිත නොව ආත්මයයි.
මෙය බුදු රජානන් වහන්සේ ප‍්‍රතික්ෂේප කල දෙයකි….
ඒ බැහැර කිරිමට හේතු වු එක්ම හේතුව එය අනෙකාට ප‍්‍රත්‍යක්ෂ නොවීමයි…..
සමාන්‍ය මිනිසාට ප‍්‍රත්‍යක්ෂ නොවු දෙය ලොව්තුරු බුද්දත්වයට ප‍්‍රත්‍යක්ෂ නොවන්නට ඇතැයි මා නොසිතමි……
අකාමො ධීරො අමෘතඃ
රසෙන තෘප්තො න කෘකශ්චනො නඃ
තමෙව විද්‍යාන් නබිභාය මෘත්‍යොර්
ආත්මානං ධිරං අජරං යුවානම්
සියලු ඇලිමෙන් තොර වු පරමාත්මිය වු උත්කෘෂ්ඨයට පත්වු පරිශූද්ද වු සිත මරණය පරදවා අමරණියත්වයට පත්වෙති…..
වෛදිකයෝ ආත්මය ලෙසින් වර නැගුවේ අමරණියත්වයට පත්වන සිතයි……
මෙය ගැඹුරු විග‍්‍රහයකට ලක්විය යුත්තකි….. එහෙත් මම එයට එකග නැත
සිත උපතේදී තාවකාලිකව ණයක් ලෙස රැගෙන දිවිය තුල නොයක් කටයුතු කර ගැනීම උදෙසා අප හා පැවැතී අපගේ භෞතික මරණයේදී අතහැර බැහැරට ගමන් ගන්නා බැවින් මෙහිදී මෙකී පරමාත්මීය දැනුම හෝ ඥානය සිත තුලට එක්තැන් වූවොත් එය දමා යනවිට කලින් කී පරමාත්මීය දැනුම හෝ ඥානය සහිත බැදුණ දෑ අප දමා නොයන්නේද ? එවිට මතු භාවිතය වෙනුයෙන් එක් කල පුරුදු පුහුණු කල දැණුම අතහැර ගොස් නේද ?
මෙම ප‍්‍රශ්ණයට ඇත්තේ බොහොම සරල පිළිතුරකි.
අපේ සිත කොටස් 10 බෙදා දක්වති. ඉන් පෙර කියු සියල්ල සිදු වන්නේ එක් කොටසක් තුළ පමණි. එනම් උඩු සිත කියා අප සරල වචනයෙන් හදුන්වන්නේ එයයි.
එහෙත් පිරිමට මේ උඩු සිත කිසිසේත් වැදගත් වන්නේ නැත…… පුරන්නාගේ සියලු සබදතා ඇත්තේ වසර දසදහස් ගණනක නිදා ඇති ඇති මතකයන් සහිත අනෙක් කොටස් 9 සමගය.
යටි සිත යන සරල හැදින්වීම කල හැක්කේ එයටයි.
පිරිමතුළින් කරනු ලබන මුල්ම කාරණය ඇතුළත ඇති දෑ කලතා එලියට ගැනීමයි….. අප ආත්මිය එක් කරගත් සියලු පිරිම් ඇත්තේ ඒ තුළය…. අපේ සියලු භෞතිකයන් ඇත්තේද ඒ තුළය…. සියලු විදිම් මෙන්ම විදවීම්ද ඇත්තේ එ තුළය…
ඔබ මරණයත් සමග තබා යන්නේ ඔබ දහවලේදි දුටු රූප පමණි……
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර
0777 96 44 74