අවකාශයෙන් ආකාශංචායතනයට
සිතුවිලි අතර පරතරය අවබෝධ කරගනු ලබන යෝගියාට නැතහොත් පුරන්නාට ඉන්පසු උදාවනුයේ අවකාශයේ ගැඹුර මැන බලන්නට හැකි වන කාලයයි.
මෙය සංකිරණ ප‍්‍රකාශයකි .එහෙත් එය සංකිරණ නැත.
ඔබ වටා වු අවකාශය සුවිශාලය. සමස්තය අවකාශයකි. එතුළ ඇති සියල්ල ඔබේ ප‍්‍රභාව නැතහොත් සිතුවිලි පරම්පරාවන් තුළින් බිහිවු එවා මිස යථාර්තයන් නොවන්නේය.
ඔබේ ඇසට පෙනෙන දුරින් මෙන්ම එයට ඔබ්බෙන්ද මේ අවකාශය විසිර ඇත .
මොහොතකට ඔබ ධ්‍යානය තුළම අරමුණකින් තොරව අහස දෙස බලන්න.
ඔබ අනන්ත වු අවකාශය දකිනු ඇත .
අහස තුළ සුදුපැහැති වලාකුළු මෙන්ම නිල්පැහැති විශ්වයද ඔබට පෙනෙනු ඇත .
ඔබ බලා සිටිනුයේ නිල් පැහැති විශ්වය දෙස හෝ සුදු පැහැති වලාකුළු දෙස නොවේ . ඔබ තුළ ඇත්තේ හිස් බැලිමකි. එයට නිමක් නැත . ඇල්ලීමක්ද නැත . සිතුවිලිද නැත . වලාකුළුද නැත . පැහැයක්ද නැත . වලාකුළු කොපමණ ගණනක් ඔබ පසුකර ගියද ඔබ එය දකින්නේද නැත . මොහොතකින් ඔබ අවකාශය තුළ ගිලියනු ඇත .
මේ තුළද පිරීමක් ඇත . එනම් නොදැක සිටීමයි.
අවකාශය තුළ යමක් නොදකීද ඔහු දැකීම තුළ නොදැක සිටිමට හුරු වෙයි. මෙය හිස් බැල්මකි. මෙය තුළින් අනවශ්‍ය වු හරසුන් වු සියල්ල විනිවිද යන්නට ඔබට හැකිවනු ඇත .
පුරන්නාට අචල වු දැක්මක් එ හරහා ලැබෙනු ඇත .
අල්ලාගෙන සිටියදිම බොහෝ දේ අතහැර දමන්නට හැකිවනු ඇත .
විශ්වයේ නිර්මිත හා අනිර්මිත සියලූ තත්වයන්ගෙන් ඔබ්බට අවකාශය පුළුල් කරන්නට හැකි වනු ඇත .
මේ පිරිම අවසන අපරිමිත වු අවකාශය තම මනොභාවය තුළ අංශුවක් සේ දැනී අපිරිමිත වු ආනන්දයකට පත්වෙනු ඇත .
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර
0777 96 44 74
🙏🙏🙏,කියවා තේරුම් ගත්තෙමී