හෙළ කුණඩලීණී

කර්ම ශූඪිය

කුණ්ඩලීණි චක‍්‍රවල හයවන චක‍්‍රය වන ආඥා චක‍්‍රය කර්ම චක‍්‍රය ලෙසද හැඳින්වෙයි. එනම් අප භවයෙන් භවයට ගමන් කිරීමේදී අපේ පෙර කර්මයන් තැම්පත්ව ඇත්තේ මෙම නළල මැද පිහිටි ආඥා චක‍්‍රය තුළ වීම නිසාය.

හෙළ යෝග ශාස්ත‍්‍රයේ පැවති විශ්වාසය වූයේ පෙර කර්මයන්ගෙන් හයවන චක‍්‍රය පිරී පවතින තාක් තෙවන ඇස විවර කර ගත නොහැකි බවය. මේ උදෙසා ඔවුහු උපයෝගී කර ගත්තේ ඉතා සරල ක‍්‍රමවේදයන් කිහිපයකි. එහිදී මූලිකව

1. තම කර්මයන් දුරු කර ගැනීමට අදාළ ප‍්‍රත්‍යාදී දේවතාන්ට පුද සත්කාර සිදු කිරීම.
2. කර්මය සෝදා හැරීම
3. කර්මය පැවරීම

යන ක‍්‍රමවේදයන් උපයෝගී කර ගත්හ.

1. ප‍්‍රත්‍යාදී දේවතා නැමදීම

හෙළයන්ගේ සෑම කටයුත්තකදීම තම උපන් වේලාවට අදාළව ගොඩනගන අහස් සිතියම (හඳහන* හරහා තෛයිකාලය වර නැගීම සිදු කරනු ලබයි. ඒ හරහා සිදුකරන්යේ සත්‍ය ලෙසම ඒ තැනැත්තා අදාළ කාර්යයට සුදුස්සකුද බැලීමය.
මෙලෙස තෝරා ගැනීමේදී දේව ගණ හා මනුෂ ගණ සහිත පුද්ගලයන් යෝග වැඞීම උදෙසා මූලික සුදුස්සන් බවට පත්විණි. එසේම ගුරු/සිකුරු/ශනි බලවත් වීමද යෝග ශාස්ත‍්‍රය පිහිටීමට සුභ ග‍්‍රහ පිහිටීමක් විය. මේ සියල්ලටම වඩා ආත්මීයව බරපතළ කර්මයන් සිදු කර ඇති පුද්ගලයන්ට යේග වැඞීම තුළින් අවසන් අරමුණකට ළඟා වීමට නොහැකි බැවන් ඔවුන්ට ශාස්ත‍්‍රය ලබා දුන්නේ නැත. එසේම මමත්වය සහිත පුද්ගලයන් හඳුනා ගත්තේද මේ හරහාය. ශාස්ත‍්‍රය පාවා දෙන්නෙකු නොවීම ප‍්‍රධානම සුදුසුකමය.

කෙසේ වෙතත් යෝග වැඞීම උදෙසා සුදුසුකම් ලබන පුද්ගලයාගේ ග‍්‍රහ අධිපති දේවතාවන්ට සිදුකරන විශේෂිත පූජා හරහා කර්මයෙන් මිදීමේ ක‍්‍රම යෝග විද්‍යාවේ දැකගත හැකි වෙයි.

2. කර්මය සෝදා හැරීම

අතීත හෙළයෝ සොබාදහමේ ශක්තිය හොඳින් අවබෝධ කොටගෙන තිබුණි. කර්මය සෝදා හැරීම උදෙසා ඔවුන් යොදා ගත්තේද එවැනිම ක‍්‍රමවේදයකි.

ස්වාභාවික නිදහස් පරිසරයක පිහිටි ගසක අත්තක කොහු ලණුවකින් ජල මුට්ටියක් එල්ලන්න. එම මුට්ටියේ වතු බිංදුව බිංදුව වැටෙන සිදුරක් සකසා ගන්න. ඉන්පසු එම මුට්ටිය යටින් භාවනා ඉරියව්වක වාඩි වී ගිණිකම කපු රෙදි කැබැල්ලකින් දෑස් වසා ගැට ගසා ගන්න.

වතුර බිංදුව පතිත විය යුත්තේ ඇහි දෙබැම මැද නළලටය. සූර්යා නැග එද්දී ඒ දෙස බලාගෙන මෙම කාර්යයයේ යෙදිය හැකි නම් එය ඉතා සාර්ථක කාර්යයක් වනු ඇත. මෙම කාර්යයට පෙර සූර්ය නමස්කාරය කළ යුතුය. ඉන්පසුව දෑත් ආකාශ මුදාවේ පිහිටුවා ගෙන කය ඍජුව තබා ගන්න.

වතුර බිංදුව බිංදුව නළල මැදට පතිත වෙද්දී ‘පූර්ව ආත්මීය කර්මයන් සේදී ගොස් මාගේ තෙවන ඇස විවර වේවා’ යන්න මෙනෙහි කරන්න. මෙය දින කිහිපයක් සිදු කරද්දී අපෙ ආඥා චක‍්‍රය වැසී ඇති කර්මයන් ඉවත්ව ගොස් හයවන චක‍්‍රය ක‍්‍රියාත්මක වීමට පටන් ගනියි. හයවන චක‍්‍රය එයට පහළින් ඇති චක‍්‍ර පහේ දුරස්ත පාලකයක් ලෙසින් ක‍්‍රියාත්මක වෙයි. මේ හේතුවෙන් හයවන චක‍්‍රය සක‍්‍රිය වීමත් සමගම සමස්තයක් ලෙස ශරීරය පුරාම චක‍්‍ර ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

3. කර්මය පැවරීම

කර්මය පැවරීම යන්නෙන් අදහස් කරන්නේ තමන්ගේ කර්මය වෙන අයෙකු වෙත ලබාදීමයි. මෙය තීක්ෂා ගුරුවරුන් විසින් බහුල ලෙස උපයෝගී කරගනු ලබන ක‍්‍රමයකි.අතිතයෙදි සෘෂිවරු මුණිවරු අන් අයගේ කර්ම තමන් වෙත ගෙන එවා සොබා දහමට මුදා හැරියේය. යෝග ගුරුවරුන්ටද තම සිසුවාගේ කර්මය ලබා ගැනීමේ හැකියාවක් පවති. වර්ථමානයේදි මෙම කිසිදු යෝග ගුරුවරයෙකු සිදු කරතැයි සිතිය නොහැක්කකි.

ආදි හෙළ දෙමාපියන් විසින් වයස 12 වන තෙක් තම දරුවන්ගේ කර්මය තමන් තුළට ලබාගෙන එයට පිලියම් යෙදුහ. එයට හේතු වුයේ දරුවන් ලවා කර්මයට පිලියම් යෙදීම අපහසු වු බැවිනි. ඒ සදහා උපයෝගී කර ගත්තේ බොහෝ සරල ක‍්‍රමයකි.

දරුවාගේ හයවන චක‍්‍රය වන ආඥා චක‍්‍රය දෙමාපියන්ගේ කකුල්වල ඇඟිලි පුඩුවල පිහිටි තෘතික චක‍්‍ර 10 හා වලළු කරට පහලින් ඇති ද්විත‍්‍රික චක‍්‍ර 2 අතර ගොඩ නැගෙන ශක්ති අවශෝෂන කලපය ( පිරමීඩය * හා සම්භන්ධ කර දෙදෙනාගේම මනස එකාග‍්‍ර කිරිමයි ( භක්ති යෝග *. දෙමාපියන්ට වැදීම යනු මෙයයි. වර්ථමානයේ දරුවන්ගේ ලෙඩ දුක් ගැටලූ වැඩි වීමට හේතුවුයේ මෙම කර්මය පැවරීම අතහැරීමයි. මෙය මෙළයන් සතුව පමණක් පැවති ක‍්‍රම වේදයකි.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close