හෙළ කුණඩලීණී

ප‍්‍රාණයාම

ප‍්‍රාණ යනු ශක්තියයි. ශරීරය තුළ සැඟව ඇති ජීව ශක්තිය නිසි පාලනයකට ලක් කිරීම හරහා ශරීරය තුළ ඇති චක‍්‍ර ක‍්‍රියාත්මක කිරීම මේ ක‍්‍රමය හරහා සිදුවෙයි.

ජීව ශක්තිය පාලනය කිරීම උදෙසා මෙහිදී සරලව සිදුකරන්නේ හුස්ම පාලනයකට ලක් කිරීමයි. හුස්ම ගැනීම, රඳවා ගැනීම, පිට කිරීම සිහියෙන් කිරීම ප‍්‍රාණයාමයේ මූලිකම පියවරයි.

ප‍්‍රාණයාමා හරහා අප බලාපොරොත්තු වන්නේ අප තුළ සැඟව ඇති ජීව ශක්තිය එළියට ගැනීම හා පරමාත්මයෙවහි ශක්තිය ශරීරය තුළට ගැනීමත්ය.

අප සාමාන්‍ය ලෙස හුස්ම ගන්නා විට කටෙන් හෝ නාසයෙන් හුස්ම ගැනීම පිට කිරීම සිදුකරන්නට පිළිවන. එහෙත් වැඩි වශයෙන් සිදුවන්නේ නාසයෙන් හුස්ම ගැනීම හා පිට කිරීමයි. මෙතැනදී ඔබ නොදත් කරුණක් ඇත. එනම් සෑම විටම ක‍්‍රියාත්මක වන්නේ අපේ එක් නාස් පුඩුවක් පමණක්ය යන්නය. එනම් ඔබ පැය කිහිපයක් එක දිගට හුස්ම ගන්නේද පිට කරන්නේද දකුණු නාස් පුඩුවෙනි. ඉන්පසු වම් නාස්පුඩුවට මාරවෙයි. පැය කිහිපයක් වම් නාස් පුඩුව භාවිත කරනු ලබයි. මෙය පැය කිහිපයකට වරක් මාරුවෙයි.

ප‍්‍රාණයාම හරහා සිදු වන්නේ මෙම ස්වාභාවික ක‍්‍රියාවලිය රිද්මයකට හරවා එය මනසේ පාලනයට නතු කිරීමයි. මේ හරහා ශරීරයේ ඇති සියලූ චක‍්‍රවල අයහපත් ක‍්‍රියාකාරිත්වය වෙනුවට යහපත් ක‍්‍රියාකාරිත්වයක් එක් කළ හැකිවෙයි.

ප‍්‍රාණයාම ඇරඹීම

ප‍්‍රථමයෙන් පද්මාසනය ආකාරයට වාඩි වී කඳ කෙළින්ව තබා දකුණ අතේ මාපට ඇඟිල්ලෙන් දකුනු නාස් පුඩුව වසන්න ඉන්පසු වම් නාස් පුඩුවෙන් හොඳින් හුස්මක් ගන්න. මෙම හුස්ම ගැනීම තත්පරයක් (1) තුළ සිදුකරන්න. ඉන්පසු දකුණු අතේ මැද ඇඟිල්ල සහ වෙද ඇඟිල්ල උපයෝගී කරගෙන තත්පර 4ක් වම් නාස්පුඩුවත් වසාගෙන හුස්ම රඳවා තබා ගන්න.

ඉන්පසුව දකුණු නාස්පුඩුව හැර තත්පර දෙකක් තුළ හුස්ම පිට කරන්න. එනම් 1:4:2 යන අනුපාතය මත මෙම හුස්ම ගැනීම රඳවා ගැනීම හා පිටකිරීම කළ යුතුය. ඉන්පසු එලෙසම වම් නාස් පුඩුව වසාගෙන දකුණින් හුස්ම ගෙන රඳවා තබාගෙන වමෙන් පිට කළ යුතුවෙයි. මෙය ප‍්‍රාණයාමයේ එක් වටයකි. මෙම අනුපාතය එක් එක් සතියේදී 1:4:2, 2:8:4, 3:12:6 ආදී ලෙසින් වර්ධනය කළ යුතුවෙයි. ආධුනිකයා මෙම ප‍්‍රාණයාම වට 3ක් උදය වරුවේදී තවත් 3 හවස් වරුවේදී යෙදිය යුතුය. වැඩි කාලයක් යෙදීම සුදුසු නැත.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x