හෙළ කුණඩලීණී

රුද්‍ර යෝග

හෙළ ක‍්‍රමවේදය

චක‍්‍ර අවදි කිරීම උදෙසා භාවිත වන හෙළ ක‍්‍රමවේදයන් මෙයට වෙනස් වෙයි. එහිදී පහළ සිට ඉහළට චක‍්‍ර අවදි කිරීම වෙනුවට ඉහළ සිට පහළට ශක්ති ගමන් කරවීම හරහා චක‍්‍ර ක‍්‍රියාත්මකද කරවීම පාලනයකට ලක් කරනු ලබයි. එනම් පරිබාහිර ශක්තියක් තුළින් චක‍්‍ර බලගැන්වීමයි. එය බසින ලද බැටරියක් චාර්ජරයක් හරහා ආරෝපණය කර වාහනයකට යෙ¥ පසු එහි බලය පවත්වාගෙන යා හැකි වීමට සමාන වෙයි.

මේ උදෙසා භාවිත වනුයේ ශක්ති යේග (රුද්‍ර යෝග) ක‍්‍රමවේදයන්ය. ශක්ති යෝග අතර ප‍්‍රධානතම යෝගය වනුයේ ‘අදිති ශක්ති යෝගයයි’ අදිති යනු සූර්යයාට යෙදෙන තවත් නමකි. මෙය සරලව පවසතොත් සූර්ය භාවනාවකි. සූර්යයා යනු මහා ශක්ති ප‍්‍රභවයකි. ඒ මහා ශක්ති ප‍්‍රභාවයෙන් අපේ ශරීර තුළ ඇති චක‍්‍ර බල ගන්වා ගැනීම මේ භාවනාව තුළින් සිදුවෙයි.

අදිති ශක්ති යෝග

සූර්යා නැ`ග එන විට ස්වාභාවික පරිසරයට නිරාවරණය වූ නිදහස් භූමියක සිට භාවනාවට සූදානම් වන්න. ප‍්‍රථමයෙන්ම තම දෙඅත් හිසට ඉහළින් උඩටම ඔසවා සත් වතාවක් සූර්ය නමස්කාරයේ යෙදිය යුතුය. ඒ සඳහා ඕම් ආදිත්‍යාය නමඃ* යන මංත‍්‍රය භාවිත කළ යුතුය. මෙම නමස්කාරයේදී දකුණු කකුල ඔසවා යටි පතුල වම් දණහිස් අසලින් තබා ගැනීම වඩ ාසුදුසුය. ඒ කැපවීම හා භක්තිය පිළිබඳ සංකේතයයි.

ඉන්පසුව පද්මාසනයේ නැතහොත් ඔබට පහසු ආකාරයට භාවනා කිරීමට යෝග්‍ය ලෙස අසුන ගෙන දෙඅත් කෙළින් සිටින සේ (වැලිවිටෙන් නවා නොගෙන* දණිස් මත තබා ගන්න.

මෙහිදී අත්ල පිහිටි යුත්තේ ඉහළටය. ඉන්පසු මාපට ඇඟිල්ල හා දඹර ඇඟිල්ල එකිනෙක ස්පර්ශවන ලෙස තබාගත යුතුය.(ආකාශ මුද්‍යා)

මෙලෙස ඇඟිලි හා අත්ල පිහිටුවා ගැනීමට හේතුවක් ඇත. එය ප‍්‍රධාන කාරණා දෙකකි.

 

1. මාපට ඇඟිල්ල බ‍්‍රහ්මන් (පරමාත්මය) නිවේදනය කරනු ලබන අතර දඹර ඇඟිල්ල අපගේ රජස් ස්වාභාවය (අභිමානය* පෙන්වයි. අභිමානය බ‍්‍රහ්මන් හමුවේ නම්‍යශීලි කිරීම මෙයින් ගම්‍ය වෙයි. එනම් අපේ අභිමානය අත හැරීමයි.

2. දඹර ඇඟිල්ල පස්වන චක‍්‍රය වන විශුද්ධ චක‍්‍රයත් මාපට ඇඟිල්ල දෙවන චක‍්‍රය වන ස්වඅධිෂ්ඨානය චක‍්‍රයත් පාලනය කරනු ලබයි. අපේ අත්ල මුල පළමු චක‍්‍රය වන මූලාධාර චක‍්‍රයත්, මධ්‍යයෙන් හත්වන චක‍්‍රය වන සහස‍්‍රා චක‍්‍රයත් පාලනය කෙරෙයි.

 

මෙහිදී ඇඟිලි දෙක එකිනෙක ස්පර්ශ කළ විට අත්ල උඩ ස්වාභාවික පිරමීඩයක් (ශක්ති කේන්ද්‍රයක්* නිර්මාණය වෙයි. 1, 2, 5 යන පාදයන් ඒ සඳහා මුල් වෙයි. මෙම පිරමීඩයේ මධ්‍යය වනුයේ 9 වන චක‍්‍රය වන සහස‍්‍රා චක‍්‍රයයි.

මේ හරහා සිදුවන්යේ සූර්යයාගේ සිට එන ශක්තිය අත්ල මත ගොඩ නැගෙන පිරමීඩය හරහා චක‍්‍ර වෙත ගමන් කරවීමයි.

සාමාන්‍යයෙන් සිංහල පැයක කාලයක් මෙම යෝගය වැඩිය යුතුය. සිංහල පැයක් යනු වත්මන් ඔරලෝසුවෙන් විනාඩි 24කි. එහිදී විනාඩි 7කට වරක් මාපට ඇඟිල්ල හා සම්බන්ධ වන ඇඟිල්ල වෙනස් කිරීමේ හැකියාවද පවතී.

 

1. මාපට ඇඟිල්ල – 2 – ස්වඅධිෂ්ඨානය
2. දඹර ඇඟිල්ල – 5 – විශුද්ධි
3. මැද ඇඟිල්ල – 3 – නාභි
4. වෙද ඇඟිල්ල – 6 – අඥා
5. සුලඟිල්ල – 4 – අනාභාත

 

නමුත් වැඩි වශයෙන් මුලින් මා සඳහන් කළ ක‍්‍රමය පමණක් භාවිතයට ගනු ලබයි. මෙහිදී මතක තබා ගත යුතු කාරණය වන්නේ සියලූ ඇඟිලි මාපට ඇඟිල්ලට සම්බන්ධ කළ යුතු වෙයි. අනෙක වනුයේ කුමන ඇඟිල්ල යොදාගත්තද දඹර ඇඟිල්ල සූර්යයා දෙසට දික් නොකර නම්‍යශීලීව පවත්වාගෙන යා යුතු වෙයි.

මෙම භාවනාව යෙදිය යුත්තේ උදෑසන කාලයේදී පමණි. මෙම භාවනාවෙදි අත්ල තුළ ගොනුවන ශක්තිය තම මනසින් එක් එක් චක‍්‍රය වෙත ගෙන ආ යුතු වෙයි. අදාළ ඇඟිල්ල හරහා කහ පැහැති ශක්ති ධාරාවක් සිතින් මවාගෙන අදාළ චක‍්‍රය වෙත ශක්ති ධාරාව රැුගෙන ආ යුතු වෙයි. මෙය ඉතා ප‍්‍රබල ශක්ති භාවනාවකි.

අග්නි ශක්ති යෝග

රුද්‍ර යෝගවල තවත් පහසු යෝග ක‍්‍රමයක් වනුයේ අග්නි ශක්තිය මුල් කර ගනිමින් සිදුකරනු ලබන චක‍්‍ර අවධි කිරීමයි. පෙර යෝගීයු මේ යෝග වැඞීම උදෙසා බහුල ලෙස උපයෝගී කරගනු ලැබුවේ රාත‍්‍රී කාලයයි. ඒ සඳහා අරමුණු කර ගනු ලැබුවේ ස්වාභාවික ගිණි මැලයයි. එනම් එම අග්නි ශක්තිය හරහා තම ශරීරයේ චක‍්‍ර අවධි කිරීම මේ හරහා සිදුවුණි. රාත‍්‍රි කාලය මේ සඳහා උපයෝගී කර ගැනීමට හේතුවූයේ රාත‍්‍රී කාලයේදී ස්වාභාවිකවම ඉඩා නාඩිය නැතහොත් චන්ද්‍ර නාඩිය ක‍්‍රියාත්මක වී පැවතීමයි. අග්නිය හරහා පිංගල නාඩිය අවධි කරවයි.

අග්නි ශක්ති යෝග වැඞීම උදෙසා නිවසක් තුළදී නම් තරමක් විශාල තිරයක් දැමූ පොල්තෙල් පහනක් හෝ විශාල ඉටි පන්දමක් උපයෝගී කර ගත හැකි වෙයි.

පද්මාසනය හෝ ඔබට පහසු අසුනක සිටින විට ඇස් මට්ටමට අංශක 30 පමණ ඉහළින් සිටින ලෙස මෙම අග්නිය තබා ගැනීම තුළින් වඩා වැඩි ප‍්‍රතිඵලයක් ලැබිය හැකි වෙයි. එසේම තමාගේ ඇස්වල සිට අඩි 7 පමණ දුරින් මෙම ආලෝකය ස්ථාන ගත කළ යුතුය. ඇස් මට්ටමෙන් ඉහළට හිස එසවීමටද විශේෂ හේතුවක් ඇත. අස් මට්ටමෙන් 300-450 අතර මට්ටමට එය ඔසවන විට ඉඩා නාඩිය හා පිංගල නාඩිය එකවර ක‍්‍රියාත්මක වීම ඇරරෙඹයි. මෙය සාමාන්‍ය වැදුම් ක‍්‍රමවේදයන්හිදීද උපයෝගී කරගත හැකි ක‍්‍රමයකි.

 

1. පෙර ලෙසින්ම මාපට ඇඟිල්ල හා දඹරැුඟිල්ල එකිනෙක සම්බන්ධ කර අත්ල ඉහළට සිටින සේ දෙඅත් දණහිස මත ලබා යෝග වැඞීමට සූදානම් වන්න. ආශ්වාස හොඳින් හුස්මක් ඉහළට ගෙන රඳවා තබාගෙන පිට කරන්න. (1.4.2 අනුපාතයට* මේ ආකාරයට වට තුනක් යෙදෙන්න.

2. ඉන්පසු දෙනෙක් ඇර ඇස් පිල්ලම් ගැසීමකින් තොරව එක එල්ලේ පහන් දැල්ල දෙස බලා සිටින්න. ඇස්වලින් කඳුළු වන තුරු බලා සිටිය යුතුය. ඉන්පසු ඇස් පියාගෙන ඔබේ නළල මැද හය වැනි චක‍්‍රය වන ආඥා චක‍්‍රය තුළ පහ

න් දැල්ල මවාගෙන එය දිගින් දිගට පවත්වාගෙන යන්න.

3. ටික වේලාවකින් එය නොපෙනී ගියහොත් යළිත් පහන් දැල්ල දෙස බලා සිට එය යළි යළිත් සිදුකරන්න. මෙය විනාඩි 24 පමණ යෙදීම ප‍්‍රමාණවත්ය.

 

සාමාන්‍ය ජීවිතය තුළදී රුද්‍ර යෝග වැඞීමේදී බොහෝ කාලයක් ඒ සඳහා යෙදීම නොකළ යුත්තකි.

චක‍්‍ර අවධි කිරීම හා භෞතික ජීවිතය සමපාත කිරීම ඉතා වැදගත් කාරණයකි.

Blog Comments

???

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close