Kala yathra

නිම්බශීලා ( සසර ගමනක ඇරඹුම 1 )

මෙයින් වසර හයදහස් දෙකකට පමණ පෙර එක්තරා මාළිගාවක රජ කුමරියක් සේ පවරා උපදිනවා. ඒ ආත්මේදි පවරා ගේ නම භාවනාව තුළින් දැනගන්නට ලැබුණ ආකාරයට ” නිම්බශීලා “.

ඇය රජමාළිගාවේ දූ කුමරිය . නව යොවුන් වයසේ පසුවන ඇගේ සිරියහන් ගබඩාවේ සීමැදුරු කවුලුවට එපිටින් මාලිගාවෙන් එපිට මල්ලව පොර පුහුණු කරවන බිම් ප්‍රදේශයක් තියෙනවා. අද කාලේ හැටියට ගත්තොත් ඒ අපේ අංගම් මඩුවක් වගේ. පවරා නිතිපතා සී මැදුරු කවුළුවෙන් මල්ලව පොර පිටිය දිහා බොහොම ආසාවෙන් බලා ඉන්නවා . ඇය දකිනවා එහි එක් සටන් පුහුණු වෙන තරුණයෙක් ඔහුගේ කාය පෞරුෂත්වයට සටන් විලාසයට පවරාගෙ හිත බැඳෙනවා.

නමුත් ඇය රාජකුමාරිකාවක් . මේ තරුණයා කළුදා කියන මල්ලවපොර කුලයේ තරුණයෙක්.ඔහුගෙ නම වත්ති. කිසිසේත්ම මෙවන් ප්‍රේමයකට එදා සමාජයේ අවසරයක් නෑ. මේ හේතුව නිසා ඇය බොහොම කාලයක් මේ අදහස හිතේ සඟවගෙන කල් ගෙවමින් ඉන්නවා .මේ අතරතුර දවසක් ඇය රජමාළිගාවේ මල් උයනේ ඇවිදිමින් ඉන්නවා. එහිදී ඇය දකිනවා බුදුන් වහන්සේ කෙනෙක් සමවත් සුවයෙන් භාවනායෝගීව වැඩ ඉන්නා ආකාරය. මට මෙහිදී අදහසක් නැහැ ඇය මේ බුදුවරයෙක් බව දැනගෙන මේ දේට යොමු වුණාද කියන එක. නමුත් ඇයට මේ ශාන්තුවරයා දැක්කහම හිතෙනවා මට පුළුවන් මෙතුමාට දානයක් පිළිගන්වලා ඒ තරුණයාව ප්‍රාර්ථනා කරන්න කියල.

ඒ අනුව ඇය පසූ දින බුදුන්වහන්සේට කිරි ආහාර පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ මොකක්ද ,මේ දානය දුන්නු අනුහසින් මට අසුවල් තරුණයා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
ඇත්තටම ඒ බුදුවරයෙක් ජීවමාන බුදුවරයෙකුට කිරි ආහාර පූජා කිරීමේ අනුහසින් ඇයගේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙන වා.

ඒ කියන්නේ මේ රාජ කුමාරිකාවත් අර කළුදා පරපුරේ මල්ලව පොර ශූරයා ත් අතර ප්‍රේමයක් හට ගන්නවා. නමුත් මෙය සම්මත ප්‍රේමයක් නොවේ .ඇය රාජකුමාරිකාවක් ඔහු කුලහීන තරුණයෙක් . කෙසේ හෝ පිය රජ්ජුරුවන්ට තම දියණියගේ ප්‍රේමය දැනගන්නට ලැබෙනවා.

සාමාන්‍ය ස්වභාවයමයි රජු උදහස් වෙනවා . කළුදා පරපුරම උලතබා මරන්නට නියම කරන වා.

පරපුරේ බොහෝ අය මරද්දි, මේ තරුණයා තවත් පිරිසකුත් සමග හොර රහසේ වන වැදෙනවා. මේ වන වැදීම හේතුවෙන් ඔවුන්ට තමන්ගේ ජීවිත බේරා ගන්නට හැකි වෙනවා නමුත් ඔවුන්ට සිය ගම් බිම් අහිමි වෙනවා . සිය ආදායම් මාර්ග අහිමි වෙනවා .ඒ වගේම පරපුරේ බොහෝ අය අහිමි වෙනවා . එතැන් සිට ඔවුන් කැලෑවේ ගල්ගුහාවල රජුට සැඟවෙමින් තමන්ගේ ජීවිත රැකගන්නවා. මේ තුළ කළුදා ගෝත්‍රයේ ම වෛරයට රජු සහ රජ පවුලේ සියලුම දෙනා ලක්වෙනවා . මෙන්න මේ වෛරය ආත්මීයවම පැමිණෙනවා

කළුදායින් පැන ගියාට පසු නිම්බ ශීලා කුමරිය රජවාසලේ ඇගේ සිරි යහන් ගබඩාව තුලම සිරකාරියක් බවට පත්වෙනවා . ඇයට වෙනදා වගේ නිදහස ලැබෙන්නේ නෑ. ඇය. බොහොම මානසික පිඩා විද අවසන තරැණ වයසේදීම සියදිවි හානි කරගන්නවා.

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close