Kala yathra

පවරා ( සසර ගමනක ඇරඹුම 5 )

බිම්බා වට්ටකගේ ආත්මයට පසු පැමිණෙන්නේ පවරා ගේ ආත්මයයි ඒ මෙයින් වසර එක්දහස් අටසීය දෙකකට පෙර එනම් ක්‍රිස්තු වර්ෂ 218 ආසන්න කාලයේදී.

දිරිය ලී නමි වු පවරා ගේ මව හස්ථිකුච්චි රාජධානියේ රැජිනයි . දිරිය ලී නමින් හැදින්වු පරපුර අයත් වුයේ උකුසු මිනිසුන්ටය. ඇය ගජබා රජුගේ අන්තඃපුරයේ එක් බිසවක්. පවරා යනු ඇගේ දියණියයි. එනම් පියා ගජබා රජුයි. මහලු නාගයනු පවරා ගේ මවගේ පියාය. කුඩා කල පටන් පවරා හැදී වැඩෙන්නේ සිය මවගේ පියාගේ සෙවනේය.

ඔවුනොවුන් එකිනෙකා ට නොදන්නා වූ රහසක් ආත්මීයව පැමිණ ඇත. එනම් මහළු නාග සහ ඔහුගේ බිරිඳ එනම් පවරා ගේ අත්තම්මා සහ අත්තා යනු නිම්බශීලාගේ මව සහ පියාය එනම් කළුදායින් උල තැබූ බවනිම්බශීලාගේ පියා සහ මව වේ.

ගජබා රජුට මාලිගා තුනක් පැවතිණි අයගම මාළිගාව යනු ප්‍රධාන මාලිගාව නොවේ. ගජබා රජු අවසානයට සෑදූ මාලිගාව අයගම මාළිගාව වේ. එය රජු සැඟවී සිටීමට භාවිතාකල එක් ස්ථානයකි. කෙසේ වෙතත් ඉතා විශාල වනාන්තර ප්‍රදේශයක් යටත් කොට ගනිමින් රාජධානිය පිහිට වීම හේතුවෙන් මෙම වනාන්තරය තුළ එදිනෙදා තමන්ගේ ජීවනෝපායන් සිදුකරගන්නා යක්ෂ ගෝත්‍රිකයන් ඊට තදින් විරුද්ධ වේ. ඔවුන් බහුල වශයෙන් හකුරු කර්මාන්තයේ යෙදීම පිණිස පැණි සපයාගන්නේ මෙම වනාන්තරය ආශ්‍රිත කිතුල් ගස් වලිනි. මේ හේතුවෙන් යක්ෂ ගෝත්‍රිකයන් මෙසේ ගජබා රජු විසින් එකී තම වනාන්තරය යටත් කොට ගනිමින් පිහිටුවනු ලබන මෙම රාජධානිය උදෙසා විරුද්ධ වන්නේ ය .

කෙසේ නමුත් අයගම මාලිගාව පිහිටවනු ලබන ගජබා රජු හස්ථිකුච්චියෙන් සිය බිසවගේ පියාද සෙබළු සමූහයක් ද අයගමට පිටත් කර යවයි.

ටික කලකට පසුව ගජබා රජු හිසේ ඇතිවූ යම් තත්වයක් තුළ රෝගී බවට පැමිණේ. සිය බලය දුර්වල බව හඳුනාගන්නා ගජබා රජු තම ජීවිතයට හානියක් වුවහොත් අයගම මාලිගාවේ බලය මහලු නාගට ලැබදෙන අතර එහි ආරක්ෂාව පතා මවගේන් පසු හස්ථිකුච්චි රාජ්‍යයේ කිරුළට හිමිකම් කියු පවරා ඒ වන විට සියලු කඩු ශිල්ප දුනු ශිල්ප ශාස්ත්‍රයන් මනාකොට ප්‍රගුණ කොට සිටි විසි වයස් සපිරැණු දක්ෂ යුධ ශිල්පියෙක් බැවින් පවරාද අයගම මාලිගාව වෙත පිටත් කර හරියි.

ගජබා රජුගේ හදිසි අභාවයෙන් මහළුනාග අයගම මාලිගාවේ රජු බවට පත් වේ.

නමුත් ඔහුද වයෝවෘද්ධ කෙනෙකු බැවින් මාලිගාවේ ආරක්ෂාව මෙන්ම පාලන කටයුතු සිදු කෙරෙන්නේ පවරා තුළිනි.

වනාන්තර ප්‍රදේශ යටත් කරගනිමින් මාලිගා භූමි බවට ඒවා පත් කර තිබූ අතර මාලිගාවේ ආරක්ෂාව පිණිස කිසිවෙකුටත් අවසරයකින් තොරව මාලිගා භූමි වලට ඇතුල්වීම තහනම් කාරණයක් විය.

පවරා ට අමතරව මහළු නාග රජුගේ ළඟින්ම සේවය කළ තවත් සෙන්පතියෙක් විය. හේ නමින් නීල සෙනවි නම් විය. නමුත් පවරා මහලු නාරජුගේ මිනිබිරිය බැවින් පවරා ට තිබුණු බලය නීල සෙනවිට තිබුණේ නැත.

මේ හේතුව නීල සෙනෙවි අභ්‍යන්තරයෙන් පවරා සමග නොමනාපයකට හේතුවිය.
ඊට තවත් හේතුවක් වූයේ නීල සෙනවි අයගමට පැමිණෙන්නේ මුල්කාලීනව මහලු නාගරජු සමගමය. එහෙත් පවරා පැමිණෙන්නේ ගජබා රජු සිය බලය දුර්වල බව දැනගත් විට මාලිගාවේ ආරක්ෂාව පවරා ට පැවරෑ නිසාවෙනි.

වෙනත් අයකු නම් එළිපිට අමනාපය ්‍රකාශ කළ හැකි වුවද පවරා රාජකීය පවුලේ උරුමයක් ඇති තමන්ට වඩා යුධ බලයෙන් අනූන සෙන්පතිනියක් බැවින් ප්‍රසිද්ධියේ පවරා ට විරුද්ධ වන්නට නීල සෙනෙවිට හැකියාව නොතිබිණි

මේ අතර මාලිගා භූමි තුළට කිතුල කපන්නට පැමිණෙන යක්ෂ ගෝත්‍රිකයකු ජීවග්‍රහණයෙන් අල්ලාගනු ලබන නීල සෙනවි රජුට ඔහු ගෙනහැර දක්වයි. නීල සෙනෙවිගේ උපදෙස් මත සියලු යක්ෂ ගෝත්‍රිකයන්ට පණිවිඩයක් තබනු පිණිස එම යක්ෂ ගෝත්‍රිකයා ප්‍රාණය නිරුද්ධ වනතුරු උදරය මගින් මාලිගාවේ එපිට ප්‍රපාතයේ එල්ලා තබන්නට මහළු නාග රජු නියෝග කරයි.

මෙය නීල සෙනෙවි විසින් හුදෙක් තම බලය පවරාට පෙන්වීම පිණිස රජු තමා ගේ උපදේශ මත ද ක්‍රියාකරන බව පෙන්වීමට කරන ලද උත්සාහයකි.

සිදුවූයේ බලාපොරොත්තු රහිත දෙයකි. තම ගෝත්‍රිකයා දින ගණනක් නිරාහාරව දුක්විඳ ජීවිතය
යදිමින් මරණයට පත් වෙන බව දකින යක්ෂ ගෝත්‍රිකයන් නීල සෙනවි සිතන පරිදි මාලිගාවට බය පක්ෂපාත වීම වෙනුවට මාළගාව කෙරෙහි රජ පවුල කෙරෙහි වෛර බඳින්නට පටන් ගනී.

මෙම වෛරයට පෙර ආත්මයකදී උලතියා මරා දමන ලද කළුදායින්ගේ ආත්මයන්ද එකතුවන්නේ මෙම පිරිසගෙන් පැවතෙන යක්ෂ පරපුර මේ අය නිසාවෙනි

වෛරයන් දෙකක් එකිනෙක බද්ධවී මහා වෛරයේ ගිනි දළු වලින් මාලිගාව දවා අළු කරන ආකාරය සැලසුම් කරන්නේය.

මේ අතරතුර පවරා මාලිගා භූමියෙන් බොහොම රහසිගතව කිසිවෙකුටත් නොදන්වා නිතර යන එන දිය පහරකින් වටවූ මනරම් භූමියක් විය භාවනායෝගීව වැඩ විසූ සෘෂි වරයෙකුගේ භූමියකි පවරා ඍෂිවරයා බැහැදකින්නට හොර රහසේ පැමිණෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස උපදෙස් ලබන්නටය.

මිථිල යනු එකී සෘෂිවරයාගේ ආව තේව කරුවෙකි ඔහු යක්ෂ ගෝත්‍රිකයෙකි. පවරා ගී යුද බලය තුළ කිසිවිටෙකත් පහරදීමකින් මාලිගාව බිඳහෙලමට නොහැකි බව යක්ෂ ගෝත්‍රිකයෝ දැන උන්නාහ .

ඔවුන් උපාය දූතයෙක් යොදවන්නට සැලසුම් කරන්නේ මේ නිසාය. මිථිල පිළිබඳව පවරා ද සැකයක් හිතට නොගන්නේ ඔහු සෘෂිවරයාගේ අවතේව කරු නිසාවෙනි සෘෂි වරයෙකුගේ ඇසුර ලබන කෙනෙකු යහපත් අයෙකු යැයි පවරා අනුමාන කරයි. තමන් සමග කුළුපඟ වීමට උත්සාහ දරන මිථිල පිළිබඳ පවරා සැක නොසිතන්නේ ඒ නිසාය

යක්ෂ ගෝත්‍රිකයන් සිය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද මේ සඳහා උපයෝගී කොට ගනී බොහෝම සූක්ෂමව මිථිල පවරා ට ලං වන්නේය. ඇති කරන ලද වශි කර්මයන් හේතුවෙන් පවරා ද යථාවබෝධයෙන් මිදෙන්නේ ය . දෙදෙනා අතර ප්‍රේමය ක් ඇති වන්නේ ඒ නිසාය. ප්‍රේම ජවනිකා නම් ඉමහත්ය පවරා වයස විසිදෙකේදී මහළු නාග රජ රෝගී ස්වභාවයෙන් සයනය මතටම සීමා වන අතර ඔහු රාජ්‍යය භාරකාරත්වය පවරා ටම පවරා දෙන්නේය.

යක්ෂ ගෝත්‍රිකයන් කල් යල් බලා සිය සැලසුම ් කියාත්මක කරන්නේ පවරා ට බලය ලැබී වසර දෙකක් ගත වීමෙනි.

මිථිල ගේ ප්‍රේමය පවරා ට මහමෙරක් තරම් විය.

පවරා දැන්ෂි සෘවරයා මුණගැසීමට අමතරව මිථිල මුණගැසීමට ද රහස් මාර්ගය භාවිතා කරමින් මාලිගාවෙන් පිටතට නිතර පැමිණේ . ඇය දිනක් ඇගේ විශ්වාසවන්තම සේවිකාව සමග මිථීල මුණගැසීමට පැමිණේ.

පවරා මිථිල මුණගැසී පෙරළා එනතුරු අංගු වනයේ එක්තරා සීමාවක දී හුදකලාව නතර වේ.

මේ එළඹෙන්නේ යක්ෂයාගේ හොරාව බව පවරා දැන සිටියේ නැත.

පවරා ගං තලාවේ මිථිල සමඟ ප්‍රේමයෙන් නන්දොඩවමින් උන්නාය. ඇය ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි සිය ප්‍රේමවන්තයා සමග ඉදිරි ජීවිතය ගැන බොහෝ දේ දෙඩවූ නමුත් මිථිලගේ හදවතේ කැකෑරුණේ තවත් නිමේෂයකින් සමූහ යක්ෂ ගෝත්‍රයේ ම මුදුන්පත් වන්නාවූ අදහස පිළිබඳවයි. තම ප්‍රේමිය තව මොහොතකින් මරා දමන හැටි ඔහු මෙනෙහි කරමින් උන්නාය

මේ අතර මිථිල විසින් සූක්ෂමව පවරා ගෙන් දැනගත් රහසිගත මාර්ගය ඔස්සේ පස්දෙනෙකුගෙන් යුත් යක්ෂ ගෝත්‍රිකයන් කණ්ඩායමක් මාලිගාව කරාද තවත් පිරිසක් අංගු ජීවග්‍රහණයෙන් තමන් යටතටත් පත්කරගැනීම ද සිදුවෙමින් තිබුණේ පවරා කිසිවක් නොදැනය .

දක්ෂ යුද ශිල්පියෙකුගේ ලක්ෂණයක් නම් තමා අවට පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීමයි. කුමන ප්‍රේමාලිංගනයක සිටියද පවරා තුළද මෙකී ආරක්ෂණ අවධානය තිබුණි එබැවින් බොහොම රහසිගතව තිදෙනකු තමන් වටලන ආකාරය පවරා ගලායන ජලය අතරින් දුටුවාය ඒ ජලය මතින් දර්ශනය වූ ක්ෂ ගෝත්‍රිකයින්ගේ රූ සටහන් තුළිනි සිදු වන දෙය තේරුම්ගැනීමට පවරා ට ගතවූයේ නිමේෂයකි. සැලසුමේ දක්ෂ වුවද සටනෙහි දක්ෂ නොවූ යක්ෂ ගෝත්‍රිකයන්ට පවරා සමග හැරෙන්නටවත් ඉඩක් නොලැබුන අතර පවරා ්ත්‍රියක වුවද සද්දන්ත ප්‍රමාණයේ සිරුරු හිමි උපතින් ්ත්‍රියකට වඩා කාය බල හිමි පුරුෂයන් සිව්දෙනෙකු සමඟ එකවර සටනේ යෙදෙන්නීය.

ප්‍රේමය පිළිබඳ සිතන්නටවත් ඉඩක් නොතබා මොහොතකට පෙර ප්‍රේමාලිංගන යේ යෙදුණු දිවි තෙක් ආදරයෙන් වෙලෙන්නට පෙම් බස් තෙපලූ තමා ආදරණීය ප්‍රේමවන්තයා ද මොහොතකට පසු සතුරන් සමග අවි අමෝරා තමන් නැසීමට මහා සටනක ය. පවරා ට සිය උත්තරීතර ප්‍රේමයට වඩා තමන් සතු වගකීම ාජ්‍ය යේ භාරකාරත්වය ක්ෂණිකව දෑත දෙපයට වෙරවීරිය දුන්නාය . මිථිල පවරා ගේම කඩු පහරින් කපා හළ කෙසෙල් කඳක් සේ ගංතෙර වැළඳගත්තේය.

ප්‍රේමයේ වේදනාව ද ද්‍රොහී වීමේ වේදනාව ද එක හා සමානව කැකෑරුණු පවරාගේ පපු කුහරයෙන් දැන් නික්මෙන්නේ පවන කටත් වඩා වැඩි වේගවත් කඩු පහරවල් පමණි කෙසෙල් කඳන් හතරක් ගංදෑලේ කපාහැර දැමුණි.

පවරා වේගයෙන් අංගු සොයා දිව එන නමුත් ඒ වන විට යක්ෂ ගෝත්‍රිකයන් අංගු ජීවග්‍රහණයෙන් පැහැර ගෙන ගොසිනි

සිතන්නට තරම් කාලයක් මිඩංගු කළ නොහැක පවරා පවනක් සේ රහස් මඟ දිගේ මාලිගාව කරා හමා එතත් ඒ වන විටත් මහළ නා රජුත් බිසවත් දියණියන් දෙදෙනාත් නීල සෙනවිත් ඇතුල් යහන් ගබඩාවේ ආරක්ෂකයා ක්ෂ ගෝත්‍රිකයන් විසින් කපා කොටා මරා දමා අවසන්ය.

ඇතුළ් මාළිගාවේ ආරක්ෂාවට වුන් ආරක්ෂකයින් සියලු දෙනා විෂ විඳීමක් තුළින් මරා දමා තිබුණි. ඇතුල් මාලිගාව ඝාතකාගාරයක් මෙනි.

පවරා ගේ දෑස නලියන කඳුලින් දිලිසෙන්නට විය. සියලු යක්ෂ ගෝත්‍රිකයන් සමූලඝාතනය කළ යුතු බවට ඇය තීරණය කරයි මාලිගාවේ සෙබල බලමුළු බිඳී ගොසිනි ඉතිරිව ඇත්තේ විස්සක් තරම් පමණ පිරිසකි පවරා වහා සිය හස්ථිකුච්චි රාජයට පණිවුඩකරුවකු පිටත් කර යවයි ඒ යක්ෂ ගෝත්‍රිකයන් සමූල ඝාතනය පිණිස සෙබල බලඇණියක් එවන ලෙසයි.

එහෙත් හස්ථිකුච්චි යේ සිට අය ගමට සෙබළු පැමිණෙන්නට දින ගණනාවක් ගතවේ මේ අතරතුර කාලයේදී යක්ෂ ගෝත්‍රිකයන් විසින් කිසියම් වූ අදෘශමාන ආකාරයකින් මෙහෙයවන ලද බල්ලන් නරින් වැනි කැලෑ සතුන් එක්වනම මාලිගා භූමියට පැන ඉතිරිව ඇති සෙබළුන්ද මරා දමමින් තිබුණි.

මාලිගාව යක්ෂ ගෝත්‍රිකයන් විසින් වටලා තිබුණි. දිනෙන් දින හදිසි සත්ව ප්‍රහාර හමුවේ මියයන තම සෙබළුන් දකින පවරා තම ප්‍රේමය පිළිබඳව දැඩිසේ කලකිරීමට පත්වේ කිසියම් වූ ආධ්‍යාත්මික බලයක් අතීත අනාගත වර්තමාන තුන්කල් දැකීමට ඥාන බලයක් ලැබී තිබියදීත් මිථිලගේ කුමන්ත්‍රණය දුර තියා හඳුනාගන්නට නොහැකිවීම ගැන පවරා දැඩි ස කලකිරුනා ය. අවම වශයෙන් තමන් ගේ ‍ආධ්යාත්මික ගුරු වූ ඍෂිවරයා විසින්වත් මේ තරම්හා විශාල ව්‍යසනයක් පිළිබඳව තමන්ව දැනුවත් නොකිරීම ගැන ඇය දැඩි සේ කලකිරුනාය.

අප මේ කතාකරන පවරා ට තවම වයස 24කි ජීවිතයේ හිරිමල් වියේදී ඇය තමන් තමන් කෙරෙහිම කලකිරීම කට ලක් වන්නීය.

හස්තිකූචිච්යේ සෙබළ බලඇණිය මග පැමිණෙමින් සිටී. එහෙත් පවරා සියලු දේ පිළිබඳ අප්‍රමාණ කලකිරීමකට පත්වී ඇත.

ඇයි ඒ රහස් මග ඔස්සේම නෙරවන ට පැමිණේ. නෙරවන යනු මිනිස් සමාජයෙන් හුදෙකලා වුණු ගල්තලාවකි. නෙරවන ගල්තලාවට පැමිණෙන පවරා සිය කිතුල් රෑනවන් කෙස් වැටිය කපා කෙස් වැටිය ද අසිපත ද බුදුන්ට පූජාකොට අත්හරින්නේය

මෙහිදී පවරා කෙස් වැටිය කපන්නට ඇත්තේ ඇයිදයි ඔබට අනුමාන කළ හැකිද අද නැතත් අතීතයේදී ස්ත්‍රියක් සිය අභිමානය ලෙස සලකන ලද්දේ කේශ කලාපය යි මා එසේ කියන්නේ හේතුවක් ඇතිවය එක්තරා අවස්ථාවක කාලි මෑණියන් විසින් යම්කිසි ගැහැනියක් සිය දුක් අඳෝනාවක් කී කල්හි මෙසේ ප්‍රකාශ කළාය

“මම තිගේ කාරණාව ඉටුකර දෙන්නම්. කාරණාව ඉටු වූ පසුව තී විසින් දිගේ කෙස්වැටියෙන් ගෙයි ගොම පිරිබඩ හෙළ නෑ බවට පොරොන්දු වෙනවාද?”

මේ තරම් අතීත ස්ත්‍රීය සිය වරලස අභිමානය ක් සේ සැලකීය.

කෙසේ වෙතත් පවරා නෙරවන ගල්ලෙන තම අසිපතත් කෙස් වැටිය ත් අතහැර බවුන් වඩන්නට යොමු වන්නිය.

පවරා ගේ පණිවිඩය ලබන හස්ථිකුච්චි සෙබළු අයගම මාලිගාවට පැමිණෙන නමුත් ඒ වනවිටත් යක්ෂ ගෝත්‍රිකයන් මාලිගා භූමිය ආක්‍රමණයකර අවසානය.

ප්‍රදේශයේ භූ විෂමතාවය පිළිබඳ පෙර දැනීමක් නැති හස්ථිකුච්චි හමුදාව යක්ෂ ගෝත්‍රිකයන් අතින් සමූලඝාතනයට ලක්වේ

යක්ෂ ගෝත්‍රිකයන් විසින් පහර ගෙන යනු ලබන අංගු යක්ෂ ගෝත්‍රිකයන්ගේ කාමාශාව සංසිඳවනු පිණිස පොදු ස්ත්‍රියක් සේ අපහරණය කිරීමට ලක්වේ.

ඇය එසේ රඳවාගෙන සිටියේ ගල් ලෙනක් තුළ ය අදටත් වැද්දාගල ට ආසන්නයේ එම ලෙන අංගු ලෙන ලෙස පවතින බවද දැනගන්නට ලැබුණි ඒ තුළින්ම හටගන්නා ජ්වරාදියකින් අංගූ මියයන අතර වර්තමාන භවය දක්වාම ඇය සුනඛ ආත්මයක් බවට පමණක් පත්වීමේ හැකියාව ලබන්නීය.

එහෙත් මේ කතාව ලියන මොහොත වනවිට ඇය දැන් එකී තත්ත්වයන් තුළින් මුදවා ලනු ලැබීය.

යක්ෂ ගෝත්‍රිකයින් විසින් මෙසේ නිම්බ ශීලාගේ පියා සහ රජ පවුල වෙතින් සිය ‍කළුදෑයි ගෝත්‍රිකයන් උල තැබීම වෙනුවෙන් පලි ආත්මීය වෛරය සන්සිඳුවා ගත්තේ ය.

පවරා විසින් අත්හරින ලද ඇගේ අසිපත පසු කලෙක ඇය විසින්ම ගල් දෙකක් මැදිකොට ඇති හිඩසකට යොමා පස් දමා නිදන් කරන්නේ ඒ අය පාරම්පරිකව හස්ථිකුච්චි යේ කිරුළ හිමි රැජිනට හිමි අසිපත බැවින් එහි පවතින බලය සදාකාලික නිදන් කොට දමන්නටය.

පවරා බවුන් වඩමින් වසර 56 ක කෙටි ආයුෂ කාලයක් අත්විඳ ආහාර විසවීමකින් නෙරවන දී එම ආත්ම භාවය ද හැර යයි.

එහෙත් වෛරය පවරා පසුපසම පැමිණේ
එයින් පසුවද බොහෝ ආත්ම ගණනක් පුරාවට පවරා පසුපස මෙම තරුණයාගේ ත් කළුදා පරපුරේත් වෛරය පැමිණේ

වසර දහස් ගණනක් පුරාවට මාළිගා බිමේ දී කපා කොටා මරා දමන ලද මහළු නා රජු ඇතුළු 6 දෙනාගේම ආත්මයන් එම මාලිගා භූමියේ ම සිරවී පවතින අතර වර්ෂ 2019 නීල සෙනවි හැර ඔවුන්ගේ ආත්ම නිදහස් කරලීමට පවරාට හැකිවිය.

එසේම සහායට පැමිණි හස්ථිකුච්චි යේ සෙබලා බලමුළුවේ සියලු ආත්ම මුදවා යළිත් හස්ථිකුච්චි වෙතම රැගෙන ගියෙමි

ආත්මීය යුතුකම සහ වගකීම සපුරාලන්නට පවරා ට මෙම භවය තුළ හැකිවුවද අයගම මාළිගාවෙන් පසුවට ද පැමිණෙන ආත්මීය වෛරය වර්තමාන භවය දක්වාද පැමිණේ

මහ මුහුද පෝෂණය කරන්නාවූ සිවු මහා ගංගාවෝ හටගනු ලබන්නේ කුඩා උල්පතකින් මෙන් මේ සා ආත්ම ගණනක් පුරාවට පවතින වෛරය හටගනු ලබන්නේ පූංචි ප්‍රාර්ථනාවක් හේතුවෙනි.

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close