Kala yathra

පුර්ව තිංශිඛා ( සසර ගමනක ඇරඹුම 3 )

රඝුනාගේ ආත්මයෙන් පසුව නැවත පවරා මනුෂ්‍ය ආත්මයක් තුළ උප්පත්තිය ලබන්නේ වසර නමසිය හැට හතරකට පසු ව පූර්ව තිංශිඛා ලෙසයි.

එම කාලය රාවණ යුගය යි . මෙම ආත්මය තුළ දී ඇයට පෙර තරුණයා මුණ නොගැසේ . මෙම ආත්මභාවය තුළදී ඇයට ශ්‍රී රාවණයන් වෙතින් පැවරුණ යුග මෙහෙවරක් වෙයි. එනම් රාවණ වෙදකමයි. එසේම ඇය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ නිපුණ ශාස්ත්රධාරිනියක් වේ. මෙම වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සමග තදින් බද්ධ ව බැඳුණු වෙදකමක් වීම විශේෂත්වයකි.

පලමු වරට ඇයට ආධ්‍යාත්මික අවි ආයුධ වල බලය ලැබෙන්නේද මෙම ආත්ම භවය තුළදී ය විශේෂ වශයෙන්ම දුර්ගා කාලි වැනි තම පූර්ව ප්‍රබල දේව ආත්ම සමග සෘජු සම්බන්ධතා මෙම භවය තුළදී ඇය ලබයි. ඇය එකල ඉතා ප්‍රබල ආධ්‍යාත්මික බලයක් ලබනනියකි.

ඒ ආත්ම භාවය තුළ ඇය ලබන ශාස්ත්‍රීය දැනුම ශාස්ත්‍රිය හිමිකම ආධ්‍යාත්මික අවි වල බලය ආත්ම ගණනාවක් පුරාවට ඇයගේ ආත්මය කරා පැමිණීමට තරම් ප්‍රබල ආධ්‍යාත්මික බලයක් ඇය මේ භවය තුළදී ලබාගනී.

මෙය සම්පූර්ණයෙන්ම පෙර තිබූ වෛරීය සම්බන්ධතාවය තුළින් මිදුණු ඉතා ප්‍රබල යහපත් ආත්මයක් . මෙම ආත්මය තුළ දී ඇය ජීවත්වන්නේ ද අද මා ජීවත්වන ආශ්‍රම භූමිය වටා පවතින විශාල ප්‍රදේශයක් තුලය.

එකල ඇය සිය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්රය තුළ කටයුතු කිරීමේදී බහුල වශයෙන් භාවිතා කරන ලද සේපාලිකා ගසක ශේෂව පවතින මුල් අදටත් ආශ්‍රම භූමියට ඇතුළුවීමේදී පවතින කුඩා පිවිසුම් මාර්ගය තුළ පවතින බව භාවනාව තුළින් දැකගන්නට ලැබුනා .

අදටත් මා විසින් යම් ශාස්ත්‍රීය කාරණාවකට මුලපිරීමට එකී ස්ථානය ස්පර්ශ කිරීම වඩා ්‍ප්‍රතිඵලදායක බව ටද උපදෙස් ලැබීම එකල පුර්ව තිංශිකා සතුවු බලය මොනවට විදහා පාන්නකි.

එම ආත්මභාවය තුළදී ඇයට සිය කටයුතු පවත්වාගෙන යාම පිණිස ආවතේව කටයුතු වල නිරත වීමට බොහෝ පුරුෂ පාර්ශවයන් සහය දක්වා තිබෙනවා.

මෙහි විශේෂත්වයක් වන්නේ එම පුරුෂ පාර්ශවයන් හනුමාන් ස්වරූපය සහිත අය වීමයි . එකී කාලයට සාපේක්ෂව ඉතා උසස් පවුල් මට්ටමක උසස් දේපල සහිතව ජීවත් වූ බවක් දක්නට ලැබෙනවා. මෙහිදී අවබෝධ කරගත යුතු තවත් දෙයක් තියෙනවා වර්තමානයේ අපි හනුමාන් ස්වරූපය ශ්‍රී රාවණයන්ට එරෙහිව රාම ලක්ෂමණ යන දෙදෙනාගේ පාර්ශවකරුවන් ලෙස හඳුනාගන්නා නමුත්,

භාවනාව තුළින් මටත් ගුරුතුමාටත් විවිධ අවස්ථාවන්හිදී දක්වා ඇති පරිදි හනුමාන් යනු ශ්‍රී රාවණයන් යටතේම පැවැති චරිතයක් බව හොඳින් පැහැදිලි වෙනවා.

මෙම යුගයේදී පරමායුෂ අවුරුදු එකසිය අනූවක් තරම් කාලයක් වන බවත් පූර්ව තිංශිඛා වර්ෂ අණුවක තරම් කාලයක් ජීවත් වූ බවත් භාවනාව තුළින් දැක ගන්නට ලැබුණා.

ශ්‍රී රාවණයන් ගේ යුග මෙහෙවර සිය දිවියේ අවසන් කාලය දක්වාම ඉටු කරලන ඇය මෙම භවය තුළ වඩා නිවී සැනසුන මරණයකට හිමිකම් කියයි.

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x