Kala yathra

රඝුනා ( සසර ගමනක ඇරඹුම 2 )

නිම්බ ශීලා ගේ ආත්මයෙන් පසු වසර 600 කට හෝ 700 කට පසු තමයි ඇය යළිත් මිනිස් ආත්මයක් තුල උපදින්නේ.

කාලුදායින්ගේ සාපය නිසාම නිම්බශීලා නැවත උපදින්නේ ඉතා දිළිඳු ගොවි පවුලක. ඇයගේ නම රඝුනා. ඒ වගේම පෙර කළුදා පරපුරේ වත්ථි නම් තරැණයාත් උපදින්නේ මේ ගොවි පරපුර තුළමයි .

මෙහි විශේෂත්වය තමයි එදා ඇය උපදින්නෙ අද මා ජීවත්වන ආශ්‍රම භූමියට යාබද ව. ඇත්තටම හරි පුදුම මුණගැසීම්……..
රඝුනාට සිය පූර්ව ආත්මීය ප්‍රේමවන්තයා තවත් භවයකදී මුණගැහෙන්නේ බුදුන් වහන්සේ අභියස කළ ඒ ප්‍රාර්ථනාව නිසා.

මෙවර ඔවුන් දෙදෙනාම එකම පරපුරක උපදිනවා . ඒ වගේම මුනගැහෙන වා.
ඔහු නාමයෙන් වත්ථුක .

එකල ඒ පරපුරේ අය අතර දැඩි විශ්වාසයක් තියෙනවා. පොලවෙන් දුර්ලභ මාණික්‍ය වැනි දෙයක් ලබන්නේ යම් කෙනෙක් ද , ඔහු වාසනාවන්තයෙක් බව. ඒ නිසාම ඒ පරපුරේ චාරිත්‍රයක් තිබුණා ඔහුට පුළුවන් තමන් කැමති තම පරපුරේ යුවතියක් ව එදින සිට තමන්ගේ භාර්යාව වශයෙන් අයිතිකරගන්නට.

මෙහි විශේෂත්වයක් තියෙනවා අද අපි විවාහයකින් පසුව මධුසමය සඳහා ආකර්ෂණීය නවාතැන් පොළකට යනවා වගේ එදා ඔවුන් සිය මංගල රාත්‍රිය ගත කරන්නේ ගහක් උඩ අලංකාරව සකස්කල පැලක් තුල.

මේ වත්තුක තරුණයාට දෑත එක්කල විට දෑතම පිරෙන තරම් විශාල මැණික් කීපයක් ලැබෙනවා . එදා මේ හෙල භූමිය මොන තරම් මැණික්වලින් සරුසාර පොළවක් ද කිව්වොත් ඒ මැණික් ඔහුට ලැබෙන්නේ වෙල් යායකදී . දැන් මේ ලැබීම නිසා පරපුරේ චාරිත්‍රයට අනුව ඔහුට සිය අභිමතය පරිදි සහකාරිය තොර ගත හැකියි.
පරපුර තුළ හිටි බොහෝ තරුණියන් තුළින් වත්තුක සිය සහකාරිය ලෙස තෝරා ගන්නේ රාඝුනා නම් යුවතියයි. ඒ නිසා පරපුරේ යොවුන් වයසේ පසුවූ තරුණියන් අතර රඝුනා ඉරිසියාවට ලක්වෙනවා. ඒ අතරිනුත් එක් තරුණියක් තම ඉරිසියාව දරාගත නොහැකිව වත්තුක සතු වු මැණික් පිළිබඳව රජුට සැල කරනවා.

රජු සිය යටත් වැසියාට වහාම ඒවා රාජ භාණ්ඩාගාරයට භාර දෙන ලෙස නියෝග නිකුත් කරනවා.

නමුත් වත්තුක රාජ නියෝගයට එකඟවන්නේ නැහැ මේ නිසා පරපුරේ සියලු පුරුෂයන් සිරගත කරන ලෙස රජු නියෝග නිකුත් කරනවා. මෙහිදී වත්තුක පෙර තමන් ලැබූ මැණික් සිය සහකාරියට පමණක් දන්වා ගසක බෙනයක සඟවනවා.

රාජපුරුෂයන් විසින් රැගෙන යන වත්තුක ගේ පරපුරේ සියලු පිරිම් පොලව යට බිම්ගෙයක් තුළ සිරගත කරනු ලබනවා. තම පරපුරේම පිරිමි අය රාජ පුරුෂයන් අල්ලාගෙන යන නිසා පරපුරේ ස්ත්‍රින් හිස ලූ ලූ අත දිව යනවා. අවසානයේ ඔවුන් පැමිණෙන්නේ එයින් පහළ පිහිටි වෙළඳ කුලයෙ ගම්මානයකට ඒ ගම වෙළදාමේ යෙදෙන පරපුරකට අයත් ගම්මානයක්.

සරණක් පතාගෙන තම ගම්මානයට පැමිණි මේ ස්ත්‍රීන්ට ඒ ගම්මානයේ ලැගුම් ලැබෙනවා ඇතැම් අය එගම වෙළෙන්දන් විසින් සිය සහකාරියන් බවට පත් කරගනු ලබනවා.රඝුනාද එම වෙළද කුලයෙ තරුණයෙකු හා විවාහ දිවියට එළඹෙනවා.

කාලයක් ඇවෑමෙන් වත්තුක ඇතුළු පිරිස රාජ සිර ගෙදරින් නිදහස් වෙනවා. ඔවුන් පැමිණෙන්නේ තමන්ගේ පෙර ගම්බිම් කරා එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට තම තමන්ගේ සහකාරියන් සොයුරියන් තවදුරටත් ඒ ගම තුල සිටියේ නෑ .
වයෝවෘද්ධ ස්ත්‍රීන් කිහිප දෙනෙක් පමණක් ගම තුළ ඉතිරිව සිටියා. රඝුනා ගේ මව මියගිය බවත් රඝුනා ඇතුළු අනෙකුත් තරුණියන් පහලින් පිහිටි වෙළද කුලයෙ ගම්මානය තුළ ජීවත්වන බවත් ඔවුන්ට දැන ගන්නට ලැබෙනවා.

තම පිරිස යළිත් ලබාගැනීමට වෙළෙඳ කුලය සමග වත්තුක ඇතුළු පිරිස සටන් වදිනවා . නමුත්හදිසියේ එල්ලවෙන මෙම ප්‍රරහාරයට වෙළඳ කුලේ අය සාර්ථකව මුහුණ දෙන අතර වත්තුක ඇතුළු පිරිස සියල්ලන්ම නොවුනත් තම ස්ත්‍රීන්ගෙන් කොටසක් බලහත්කාරයෙන් යළිත් රැගෙන යනවා.

මේ වන විට රඝුනා දරුවන් කිහිප දෙනකුගේම මවක්. ඇය කිසිසේත් නැවත වත්තුක
සමග යෑමට කැමති වන්නේ නෑ. ඇය ට උවමනා වන්නේ තම ස්වාමියා සහ දරුවන් සමග වෙළඳ කුලයේම රැදීමටය. එහෙත් වත්තුකගේ දැඩි උවමනාව රඝුනා රැගෙන යාමටය . මෙහිදී තමන් සමග පැමිණි යම් ස්ත්‍රින් පිරිසක් වත්තුක ඇතුළු පිරිස යළිත් බලෙන් රැගෙන යාම නිසා රඝුනා, වත්තුක පසු බැස ගිය ද ඉතිරි කාලය හදවතේ නිරන්තරයෙන් ඇතිවන්නාවූ ගින්නකින් පෙලෙන්නීය.
ඒ යලිත් වත්තුක පැමිණ තමන්ව තම ස්වාමියා සහ දරුවන් වෙතින් පැහැර ගනීවී යන ගින්නෙනි.

එහෙත් රඝුනා මියයන තෙක්ම වෙළඳ කුලයේ තම ස්වාමියා හා දරුවන් සමග සිටින්නීය.

තම ස්වාමියා සහ දරුවන් සමග වෙළඳ කුලයේම විසිමට ඇයට වාසනාව ලැබුනද මිය යන තෙක්ම ඕ වත්තුක කුමන මොහොතක පැමිනේදැයි සිතේ ඇතිවන ගින්දරීන් පීඩා විදින්නීය…..

යලිත් ගම් බිම් කරා තම ස්ත්‍රින් ගෙන් කොටසක්ද රැගෙන පැමිණෙන වත්තුක තම මැණික් තමන් විසින් සඟවා තැබූ තැන සොයනු ලබයි එහෙත් මැණික් එතැන නැත එය රඝුනා විසින් වෙනත් තැනක සඟවනු ලැබූ බව මා ඔබට පෙරදී කීවා මතක ඈති.

රඝුනා තමන් සමග පෙරළා නොපැමිණීමත් තමන් විසින් මැණික් සැඟ වූ තැන නොතිබීමත් වත්තුක ගේ මනසට ගෙනාවේ රඝුනා පිළිබඳ සැකයක් හා ද්වේේශයකි.

කුමන සැකයක් ද යත් ඇය වෙනකෙකු සමඟ සරණ යාමට තමන්ව රජුට පාවාදී මැණික් ද රැගෙන තම සිතැඟි පරිදි පැන ගිය බව වත්තුක ට සිතුනි.

මෙම සැකය හා ද්වේශය මනසේ දරාගෙන ඔහු ආත්මයෙන් ආත්මයට රඝුනාගෙන් පලි ගන්නටත් රඝුනා විසින් රැගෙන ගිය තම මැණික් යළි ලබාගන්නටත් ආත්මීයව ඇය පසුපස වෛරීය සහගතව පැමිණෙන්නට විය.

එයම වඩා පහසු හේතුවක් බවට පත්කරගත් පළමු ආත්මයෙදි පියරජු විසින් උල තියා මරණයට පත්කළ වත්තිගේ කළුදා පරපුරේ වෛරයෙන් පසුවන ආත්මයන් විසින් ආත්මීයව මෙම තරුණයාව තරුණිය පිටුපසින් වෛරයෙන් රැගෙන ගියේය.

ශාස්ත‍්‍රවේදිණි
නදිකා චමාලි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close