පිළිවෙත් හා ශාන්තිකර්ම

පැය හතෙන් මරණය ගෙනෙන අංගම්

අංගම් කියු සැනින් අපේ මතකයට එන්නේ හෙළ සටන් ක‍්‍රමයකි. භූත විද්‍යාව තුළද අංගම් නමින් හදුන්වන භූත කර්මයක් පවති.

එය සරලව හදුන්වන්නේනම් ප‍්‍රබල සුනියම් වර්ගයකි.

මෙම භූත කර්මයේ පවතින විශේෂත්වය වනුයේ පැය 7 තුළ කි‍්‍රයාත්මක වී අවසන් වීමයි. එනම් ක්ෂණිකව සතුරා විනාශ කිරිම උදෙසා මෙම භූත කර්මය යොදා ගැනීමයි.

සමාන්‍යයෙන් හදිහුනියම් හරහා විනාශය ක‍්‍රියාත්මක විමට ජපකල දිනයේ සිට දින 40 ක පමණ කාලය තුළ ක‍්‍රියාත්මක වීම ඇරඹෙයි.

එනම් අංගමකට මැදිවන පුද්ගලයාව සත් පැයක් තුළ බේරා නොගත හොත් ඒ හරහාම මරණයට පත්වෙති.

අංගම් සතුරා වෙත මුදා හැරිමේ දි ප‍්‍රධාන වශයෙන් සිදුකරනුයේ ජපකරන ලද දෙය ඔහුගේ ශරිරයේ සපර්ශ කිරිමයි.මේ සදහා ඔහු භාවිතා කරන ඔනෑම දෙයක් භාවිතා කල හැකි වෙයි.

අංගම් යන වචනය මෙම භුත කර්මය උදෙසා භාවිතා වන්නට හේතු වන්නට ඇත්තේ හෙළ සටන් කලාවේ දරුණු සටන් වලදි මළගිය ආත්ම හරහා සතුරාට පහරදීමේ ක‍්‍රමවේද අනුගමනය කිරිමේ ක‍්‍රමවේදයක් පැවතීම විය යුතුය.

එය මරණිය පහරදීමක් වීම තුළම පැය හතක් තුළ සතුරා විනාශ කල හැකි ක‍්‍රමය මේ නමින්ම භාවිතා වන්නට ඇත .

හෙළ භූත විද්‍යාව තුළ භාවිතාවන අංගම් වර්ග 32 කි.

1.හස්ත
2.තල්පත්
3.උඩ තරංග
4.සුරුට්ටු
5.නීචකුළ
6.ලේන්සු
7.කතුරු
8.තඩිකාර
9.චෝර ඝාත
10.රීරි
11.රොඩි
12.හනුමා
13.සේවා යක්ෂ
14.මහසොහොන්
15.හෙණ රාවණ
16.මුදු හිරු
17.තරපර ඉන්දුව
18.නරපුර ඉණ්ඩිය
19.නර පුරෝට්ටුව
20.විදුරු කොඩි
21.හස්ති කුල
22.සුනඛ
23.වීදුරු
24.මරණ
25.තාරකා
26.යක්ෂ
27.වාත
28.කුරුම්බර
29.රාජ
30.දේව
31.නීල
32.ගෙරි

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x