පිළිවෙත් හා ශාන්තිකර්ම

බාලගිරි අද නොවේ හෙට...

වර්ථමානෙදිනම් බාලගිරි කියන්නේ මිත්‍යාවක් කියලා හාස්‍යයට ලක්වෙන දෙයක්…

මොකද්ද මේ බාලගිරි කියන්නේ…. බාලගිරි ගැන ඉතිහාස කථාවක් තියෙනවා…

බාලගිරි දෝසය කියන්නේ ඉපදිලා යම් කාලයක් යනකන් දරුවන්ට ගිරි දේවිය නම් දේවතාවියකගෙන් ඇතිවන බලපෑමක්…
සමහරු ගිරි යකින්න කියලත් කියනවා… කොහොම වුණත් ගිරි දේවියට ස්වරූප නැත්නම් අවතාර දොලහක් තියෙනවා.

1 මදනගිරි
2 බාලගිරි
3 හපුමල් ගිරි
4 මෝලන් ගිරි
5 රත්නගිරි
6 නීලගිරි
7 භූතගිරි
8 හඳුන්ගිරි
9 පට්ටගිරි
10 කොටගිරි
11 වලියක් ගිරි
12 අඳුන් ගිරි

මෙයින් තේරුම් ගන්න තියෙන දෙය තමයි ගිරි දේවිය කියන්නේ වරෙක දෙවිකෙනෙක් තවත් වරෙක යකින්නක් කියන එක.
ගිරිදේවිය ඇයි දරුවන්ට වින කරන්නේ….

එයට හේතුවක් තියෙනවා…

සිංහ කුමාර රජුට හා හංසවතී බිසවට දාව උපන් කුමරියක් උපදිනවා. උපතේදි අනාවැකි කරුවන් කියනවා ඇය තම සහෝදරයා සමග සංවාසයේ යෙදෙන බව… ඉතින් එදා ඩදන් ඇයව ගල් ගෙයක හංගනවා… ඇය පිරිපුන් වයසට පැමිණි විට තම සහෝදරයා වු දල කුමරුට ඇයව බලන්නට අවශ්‍ය වෙනවා. කොහොම හරි දෙමාපියන්ට පෙරුත්ත කර සොහෝයුරිය බැලීමට ගල් ගෙට යනවා…

කොහොම හරි ඇගේ රූ සපුවට වශිවෙන සොහොයුරා බලහත්කාරයෙන්ම ඇය හා සංවාසයේ යෙදෙනවා…

පසුව ඇය ගෙල වැලලාගෙන මියයනවා…

මෙන්න මේ පිඩනය තමයි ඇය දරුවන් තුළින් යවන්නේ….

ඇගේ මිනිය සොයාගෙන දල කුමාරයා එනවා. ශක‍්‍රයා සිරුර හංගනවා. සිරුර නොදකින නිසා ඔහු ගම් බිම් පාලු කරමින් හැසිරෙනවා. අවසානයේ මෙය පාලනය කරන්නට ශක‍්‍රයා කුමරියට පණදී දල කුමරුට පෙන්වා දිව්‍යලෝකයට රුගෙන යනවා.
දල කුමරු කියන්නේ ගරා යකාට….

බාල ගිරි ඇත්තටම දරුවන්ට බලපෑම් කරනවද ?

මගේ අත්දැකීම අනුවනම් මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා… දෙමා පියන් විසින් කරණු ලබන යම් වැරදි මත දරුවන්ට දෝස ඇතිවිය හැකියි…දරු උපත කියන්නේ ප‍්‍රබල කිල්ලක් … දරු කිල්ලක් ඇතිවුණු කාලය තුළ නිවසින් එලියට දරුවාව රුගෙන යෑම නුසුදුසුයි… නමුත් අද එය නොකර බැහැ… රෝහලට අනිවාර්යයෙන්ම රුගෙන යා යුතුයිනේ… මේන්න මේ ගමන් වලදි දරුවට දෝස ඇතිවනවා…

බාලගිරි කියලා නමක් අපි දාගත්තට පොදුවේ මලගිය දෝස ඇතිවෙනවා.

අනික් කරුණ තමයි අලුත ඉපදෙන දරුවන්ට මාස තුනක් යනකන් තමන් අන්තර් භවය තුළදී දුටු ආත්මයන් දැකීමේ හැකියාව පවතිනවා.. එවන් අවස්ථා වලදී දරුවන් බියවීම සිදු වෙනවා…

බාලගිරි අද නොවේ හෙට කියලා ලිව්වම මොකද වෙන්නේ…

ප‍්‍රධාන දොරෙයි දරුවා ඉන්න කාමරේ දොරෙයි මේ වාක්‍ය ලියනවා.

මගේ අදහසනම් ටිකක් වෙනස්…

දරුවෙක් ඉපදුනා කිව්වම දරුවා බලන්න බොහෝ අය එනවා… දරුවා ගැන හැගීමෙන් එන්නේ එය දරුවාට ඇස්වහ කටවහ ඇතිවෙන්න හේතුවක්… නමුත් ගෙට ගොඩවෙද්දීම දරුවා ගැන හැගීම වෙනුවට වෙනත් බිය හැගීමක් එන කෙනාට දෙනවා…
බාල ගිරී….

එවිට දරුවා කෙරෙහි ස්ථානගතවු මනස වෙනත් අරමුණකට යනවා…

මෙය අපේ පැරුන්නන්ගේ සියුම් බුද්ධිය පෙන්වන තැනක් ලෙසයි මම දකින්නේ…

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close