පිළිවෙත් හා ශාන්තිකර්ම

ශක්ති වලල්ල සුභ කරන්න වලළු දැමීම....


ආශ‍්‍රමයේ මුලිකම අභිප‍්‍රාය වනුයේ තම පුර්ව කර්මයන්ගෙන් මිදෙන්නට මග පෙන්වීමය.

එහි අතුරු ප‍්‍රථිපලයක් ලෙසින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික බලය හා තම ශක්ති වලල්ල සුභ බවට පත්වීම සිදුවෙයි. මෙය ගණනය කල හැකි ක‍්‍රම පවතී….

නමුත් අද සිදුවුණ එක් සිදුවීමක් තුළ සුභයැය සිතන සැමදේම සුබමද කියා යලි යලිත් සිතා බැලිය යුතු බව සමාජයට කියා දිය යුතුයැයි මට සිතුණි….

පසුගිය කාලයේ ආශ‍්‍රමයට පැමිණ කර්මයට පිලියම් යොදාගත් තරුණියක් අද නිමිත්තක් බැලීමට පැමිණියා…. එ වන විට ඇය ආශ‍්‍රමයෙන් ලබා දෙන පිලියම් අවසන් කර ටික කලක් ගෙවීගොසින්….

යමෙක් පිලියම් කර අවසන් වන විට ප‍්‍රථිශතයක් ලෙසින් ගතහොත් ධණ දෙසීයයකට වඩා ඔහුන් තුළ ඇති සුභ තත්වයේ වැඩිවීම සිදුවෙයි….

එය මැණ බැලිය හැකි ක‍්‍රමයක් බැවින් අවසානයේ ඒ එයට එය අගයන් පිලිබදව පැහැදිලි කරදෙනු ලබයි….

මෙසේ පිලියම් නැවත්වු තරුණිය නිමිත්තක් බැලීම උදෙසා පැමිණෙන විට ඇගේ ශක්ති වලල්ලේ සුභ අගය හැත්තෑවක් දක්වා පහල බැස තිබුණි… මෙය වියනොහැක්කක් වුවත් එය එසේ වී තිබුණි…..

මගේ මනස එක් වරම ඇගේ අතේ පැළදගෙන සිටි අත්පලදනා දෙක දෙසට ගමන් කලා… එවා පලිගු වලින් තැනු අත් පලදනා දෙකක්…

එවා මිලදීගෙන තිබුනේ තම ශක්ති වලල්ලේ සුභ අසුභ මත යම් තැනකින් කල නියමයන් මතයි…

ඒ පලදනා දෙකේ ශක්තිය මා ඇයට පෙන්වනු ලැබුවා.

එකක් සුභයි .

එකක් අසුභයි. අසුභ වලල්ලේ ශක්තිය සෘණ තිහක්….

ඉන්පසු මම ඇයගේ ශක්ති වලල්ල මණිනු ලැබුවා.

එවිට ඇගේ අගය ධණ 140 ලෙස ඉහල ගොස් තිබුණා….

සුභයි කියු වලල්ල ඇයට පැළදගන්නා ලෙස පවසා යලිත් ඇගේ ශක්තිය මැන බැලූවා.

එවිට ඇගේ ශක්ති වලල්ල ධණ 100 බවට පත්වී තිබුණ.

දෙවන වලල්ල පලදීමෙන් පසු යලිත් ශක්තිය මණිනු ලැබුවා.

එවිට ඇගේ ශක්තිය ධණ 70 බවට පත්වී තිබුණා.

මෙතනදී තේරුම් ගත යුතු මුලිකම දේ ඇය තුළ පවතින ශක්තිය වර්ධනය කිරීම උදෙසා පලදින ලද පලිගු අත්පලදනා වලින් සිදුවී ඇත්තේ ඇයගේ ශක්තිය බිද වැටීම මිස වර්ධනය වීමක් නොවේ…

පිලියම් තුළින් වර්ධනය කරගත් සුභ ශක්තිය අඩු වීමට හේතුව වී තිබුණේ එයයි….

මා කල යුත්ත තිරණය කිරීම ඇයටම බාර කලා…..

ඇයගේ තීරණය බොහොම සරලයි . මුදල් වියදම් කර තම ශක්තිය සුභ කරන්නට ගත් පලිගු අත්පලදනා දෙක ඉවත් කර දැමීම….

තමන්ගේ ශක්තිය එවාට වඩා වැඩිනම් කලයුත්තෙත් එයයි……..

මෙය එක් සිදුවීමක් පමණයි.

මා මේ සිදුවීම ලියන්නට හේතු වුයේ පසුගිය කාලයේ මලෙස අසුභ අත්පලදනා පැලදි කිහිප දෙනෙක්ම ආශ‍්‍රමයට පැමිණි බැවින්ය.

පසුගිය කාලයේ අසුභ වු පලිගු අත්පලදනා පැලදි අයට තිබුණු මුලිකම ලක්ෂණයක් තමයි මානසික ව්‍යාකුල බව….

තමන්ගේ අතේ තියෙන අත්පලදනාව ස්වාභාවය හදුන ගන්න පුල්වන් වෙයි තමන්ගේ මනසේ ස්භාවය ගැන ටිකක් හිතුවනම්….

පලිගු ශාස්ත‍්‍රය කියන්නේ යනු ගැඹුරු විශයකි .

යමෙක් එය මුදල් ඉපයිම උදෙසාම යොදා ගතහොත් විශාල ගැටලූවකට මිනිසුන් මැදිවේ. එයට හේතුව මැණික් ශාස්ත‍්‍රයට වඩා වේගයෙන් පලිගු කියාත්මක වන බැවින් යම් අසුභ තත්වයකදී අසුභ ප‍්‍රථිඑලයද වේගවත්ව ක‍්‍රීයාත්මක වීමය.

මේ කරුණ හොදින් තේරුම් ගන්න.

පලිගු අත් පලදනාවට වඩා තමන් තුළ ඇති ශක්තිය ප‍්‍රබලයි.
එය පලදනාවක් කොට පලදින්න.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

ප‍්‍රශ්ණය – ඔරා එක බලා චක්ක්‍ර ක්‍රියාත්මකවීම මනබලා දෙනුලබන අත්පලදනා වලින් ශක්තිය බිද වැටීමක් සිදුවන්නේ කෙසේද ? පැහැදිලිකර දෙන්න.

1. යන්ත‍්‍රය නිවැරදි විය හැකියි. නමුත් නියම කරන ගල් සුභ නොවිය හැකියි.
2. කෘතිම ගල් වලින් නිසි ප‍්‍රථිපල නොලැබීම
3. සෑම පලිගුවක්ම සොබාදහමේ සංසිද්දීන් තුළ සුභ හා අසුභ තත්වයන්ට පත්වීම
4. යම් පලිගු වමා වටා එම පලිගුවේ ශක්තිය ක‍්‍රීයාත්මක කරවීම තුළ තම ශක්ති වලල්ලේ වර්ධනය සීමාවීම
5.පලිගුවලට සුභ මෙන්ම අසුභ ආකාර්ෂණය වීම

තවත් කාරණයක් තියෙනවා . ශක්ති වලල්ල මනුනු ලබන අවස්ථාවේ ඔබේ බඩේ අමාරුවක් හෝ යම් සබදතාවයක් බද වැටීම වරහා හිත් පිඩාවක් තිබ්බා කියා හිතන්න. එසේත් නැතිනම් එන අතරමගදී යම් කිල්ලකට ඔබ ලක්වුනා කියලා හිතන්න….
එය ඒ අවස්ථාවේ ඔබේ ශක්ති වලල්ලේ අඩු පාඩු ලෙස පෙන්වනවා.
හැබැයි එය තාවකාලික තත්වයක් එහි අඩුව පිරවිය යුතුද? නැතිද ?

මේ තත්වයන් හෝ වෙනත් බලපෑම් ඇතිවිය හැකියි. එය ප‍්‍රායෝගිකව අත්හදා බැලීම වඩා වැදගත්

ප‍්‍රශ්ණය – පලිගුවල බලය කාලයෙන් කාලයට වෙනස් වෙනවාද ?

ඔව් ඔ්නෑම පලිගුවක ශක්තිය වෙනස් වන කාල වකවානු තියෙනවා. එය සොබාදහමේ සංසිද්දි මත මෙන්ම මිනිස් ක‍්‍රීයා කාරිත්වයන් මත වෙන්නේ එය පාලනය කල නොහැකියි.

ප‍්‍රශ්ණය – ඔබතුමාගේ තීරණය මෙම අත්පළදනා නොපැල දීය යුතුය කියාද? පළදිනවානම් යම්කිසි කාලයකින් පසු නැවත පළදනාව සුදුසුද යන්න සොයාබැලිය යුතුය කියා.

මා පලදින්න එපා කියලා කියන්නේ නෑ…
නමුත් වඩා සුදුසු යමෙක් කරන නිර්දේශය නොවෙයි . ඉන් අත්වන ප‍්‍රථිපලයයි. ඒ පිලිබදව වඩා හොද අවධානයකින් කටයුතු කරන්න.
යම් කිස් කාලයකට පසු සොයාබැලිය යුතුයි අනිවාර්යයෙන්ම…..
හැබැයි ගත්ත කෙනාගෙන්ම මෙය සුදුසුද කියා ඇහුවොත් ලැබෙන උත්තර දෙකයි තියෙන්නේ……..
1. ඔව් සුභයි…
2. සුභයි නමුත් දැන් මේකට වඩා මෙන්න මේ වර්ගය පැලදීම වඩා සුදුසුයි.
ඒ දෙකින් එකක් බාර ගන්න වෙනවා……
වෙනස්ම තැනකින් බැලුවොත් ලැබෙන උත්තරයත් එහෙමයි
මේ ගල ඔබට සුදුසු නෑ. සුදුසු වෙන්නේ මෙන්න මේ වර්ගය….
එවිට ඒ දේ පිලිගන්න වෙනවා

ප‍්‍රශ්ණය – දැනට ලංකාවේ බහුල ලෙස විකුණන පලිගු ඇත්තටම සුභද ?

චීනයෙන් හා බැංකොක් නලින් ගෙනෙන්නේ කෘතිම ලෙස සකස් කල පලිගු පළදනායි. එවා ස්වාභාවික පලිගු නොවන නිසා එහි බලයක් නැහැ.
0777 96 44 74 

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close