පිළිවෙත් හා ශාන්තිකර්ම

ගණ දෙවියන් වැදීම සුභයි. ගැහැණු දරුවන් එය නිවැරදීව කලයුතුයි .....

ගණ දෙවියන් වැදීම දැන් ෆෙන්ෂුයි වගේම රුල්ලක් වෙමින් පවතිනවා. තවත් අයට එය මෝස්තරයක් තවත් පිරිසකට එය ආදායම් මාර්ගයක්….

ගණ දෙවියන්ට පසු පසින් මේ ආදායම් මාර්ගයේ කතරගම දෙවියන්වත් විකීණීමට සැලසුම් සකස්වෙමින් පවතිනවා.
මෙය හෙදින් තේරුම් ගතයුතු දෙයක් ….

දෙවියන් වැදීම සුභ කරුණක් කියන එකට තර්කයක් නෑ…

නමුත් එය සුභ අයුරින් වගේම සුදුසු ලෙස කල යුතුයි.

හැමෝටම හැම දෙවිකෙනෙක්වම වැදීම සුදුසු නෑ.

දෙවියන් උදෙසා ලියවුණු හැම මංත‍්‍රයක්ම හැමෝටමත් කීම සුභ වෙන්නේ නැහැ.

ගණ දෙවියන් වෙනුවෙන්ම වෙන්වුණු මංත‍්‍ර විශේෂයන් තියෙනවා. අතිෂයින්ම පෞද්ගලිකව භාවිතා කල යුතු .

එවා දීක්ෂා ගුරුවරයෙකු විසින් ලබා දීමේදි ඔහුගේ කේන්දරය ගැඹුරින් පරික්ෂා කර බලා එයට ගැලපෙන මංත‍්‍රය ලබා දෙනු ලබනවා.

එසේ ලබා දීමේදි දෙන උපදෙස් අතර ප‍්‍රධානම දෙයක් වනුයේ වෙන කිසිවෙකුට එම මංත‍්‍රය ලබා නොදීම හා වෙන අයට නොඇසේන ලෙස හිතින් වන්දනා කිරීම කලයුතුයි කියන එක.

නිවසක් තුළ දෙවියන්ගෙ පිලිමයක් තබා එයට මල් පහන් තබා වන්දනා කරන්නේනම් එය සාලයේ හෝ පොදු තැනක කල නොහැකියි. එසේ කරන්නේනම් ඒ නිවසට සුභ ශක්තියට වඩා අසුභ වැඩිවනවා.

ආශ‍්‍රමයට පැමිණි යම් අයගේ නිවසේ ගැටලූ භාවනාවෙන් බලන විට ගණදෙවියන්ට වැදීම අසුභ බව පෙන්වා දුන් නිවාස ඕනතරම් තියෙනවා.

ඒ වගේම නිදන කාමර කෑම කාමර වගේ තැන් වල තබාගෙන දෙවියන් වැදීම දෙවියන්ගේ දේව භාදාවන් ඇතී වීමට හේතුවක් …

ඒ තුළින් සිදු වෙන්නේ බලා පොරොත්තු වන යහපත වෙනුවට තියෙන සුභ තත්වයත් අහිමි වීමයි.

ගණ දෙවියන් විකුණන පුද්ගලයෙකු එය අලෙවි කරගැනීම උදෙසා ගණ දෙවියන් ඉඩ තියෙන ඕනේම තැනක තබා ගෙන වන්දනා කල හැකි බව පවසනවා. ඒ ඔහුට ශක්තීන් හා දෙවියන් පිලිබද මුලීක දැනුමක් නොමැති නිසා……

වැඩිවියට පත්වු ගැහැණු දරුවන් ගණ දෙවියන්ට වැදීමේදි තම මාස්ශූද්ධිය ඇතිවන කාල වලදී දේව පිලිමය ආසන්නයට යෑමත් ඉතා අසුභයි….

නිදන කාමරයේම දෙවියන්ට පහන් දල්වන්නේනම් එවන් කාලයේදි එම ගැහැණු දරුවන් අසුභ ආත්මයන්ගේ ග‍්‍රහනයට ලකම්ම පවා සිදුවනවා. එය ජිවිත කාලයටම ඇතිවන බලපෑමක්.

සාලයේ වැදීම තුළදීත් මේ ගැටලූවම ඇතිවනවා. ගෙදර කාන්තාවන්ගේ මාස්ශූද්ධිය ඇතිවන කාල වලදී සාලය හරහා ගමන් කිරීම ඉතා අසුභයි. නමුත් එසේ නොකර බැහැ.

දෙවියන් වැදීමේදි මුලින්ම හදුනා ගත යුත්තේ ආත්මියව තමන්ට උදව් කරන දෙවිවරු වගේම ආත්මියව තමන්ට භාදා ඇතිකරන දෙවිවරු කවුරුද කියන එක.

ගණ දෙවියන් කියන්නේ බාදක දුරලන දෙවියන් බව ඇත්ත නමුත් මුලින්ම ආත්මියව බාදා ඇතිකරන දෙවියන් වෙතින් එම භාදා ඉවත් කර හාත් නොගතහොත් ජිවිත කාලයම දෙවියන් වැන්දත් ඉන් නිසි ප‍්‍රථිඑල ලැබෙන්නේ නැහැ.

අනික කුඩා දේව පිලිම අතේ කරේ පැලදගෙන සීටිම ඉතා අසුඵ එල ගෙන දෙනු ලබනවා.

එය හදුනාගෙන එම බාදාවෙන් මිදිම කියන්නේ දින ගණනකින් තම අපේක්ෂා දිනා ගැනීම කියන එකයි.

මෙය හොදින් තේරුම් ගන්න …..

විශේෂයෙන්ම ගැහැණු දරුවන් රුල්ලට ගණ දෙවියන් වදිනවා.

මෙය දැලිපිහියෙන් කිරි කනවටත් වඩා බරපතල දෙයක් බව හොදින් තේරුම් ගන්න…

ඒ වගේම තමන් තම නිවසේ වන්දනා කරන තැන ශක්තිය සුභ විය යුතුයි.

ඒ ස්ථානය සුභමද කියලා ශක්තිය මැණ බලාගෙන පුර්ව නිගමනයකට එන්න.

එවිට තමන්නට තීරණය කරන්න පුලූවන් මම කරන දෙය හරිද කියන එක. ඒ වගේම තමන්ට ගැලපෙන දෙවියන් කවුද කියන එක මුලින්ම කෙන්දරය තුළින් තෝරගෙන ඒ දෙවියන්ට වදින්න…

මිනිසුන් විවිධයි වගේම ඒ මිනිසුන්ට උදව් කරන දෙවියනුත් විවිධයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x