පිළිවෙත් හා ශාන්තිකර්ම

මිනී අළු වත්තකට ඉසීමෙන් සිදවන්නේ කුමක්ද ? .......


මෙය ගුප්ත ශාස්ත‍්‍රය පිලිබදව උනන්දුවක් දක්වන අය උදෙසා පමණයි

කොඩිවින පිලිබදව කථාකරනු ලබන බොහෝ අවස්ථාවලදි වැඩිවශයෙන්ම අසන්නට ලැබෙන දෙයක් වනුයේ මිනී අළු ඉසීමයි.

නිවසකට මිනී අලූ ඉස්සොත් ඇත්තටම අයහපතක් සිදුවෙනවද ?

සරලව දෙන්න පුලූවන් උත්තරය ඔව් කියන එකයි.

මිනියක් දැවෙන විට ඒ මිනියට බැල්ම හෙලන යකුන් විශාල පිරීසක් ඉන්නවා. ඒ අයට ශරිරයේ එක් එක් තැන් අයිතියි.

මේ යකුන් අතර ඉන්නේ ලොකුම යක්කු ටිකයි.

ඒ කියන්නේ මහසෝනා රීරි යකා වගේ අයයි….

ගැටලූව තියෙන්නෙත් එතනයි. මහ යකුන්ට පිරීවරකුත් ඉන්නවා.

තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් අරන් යනවාට ඒ යකුන් කිසිසේත් කැමති වෙන්නේ නෑ.

කෙසේ හෝ මේ අලූ ටිකක් අරගෙන එය මංත‍්‍ර ශක්තියකින් බල ගැන්නුවොත් මේ යකුන් ක‍්‍රීයාත්මක වෙනවා….

යම් භූමියකට මේ අලූ එක් කලොත් ඒ භූමිය යකුන්ට අයත් භූමියක් බවට පත් වෙනවා….

භූමි පාලූ කියා අදහස් වෙන්නේ මෙවන් තත්වයන්ට ලක්වු භූමි වලටයි….

දෙවන අවස්ථාව මෙයට වඩා වෙනස්….

මෙය ගැඹුරින් විග‍්‍රහ කල යුතු කාරණයක්……..

ගුප්ත ශාස්ත‍්‍රය තුළ එක් ක‍්‍රමවේදයක් පවතිනවා යම් සතෙක්ගේ අංශූවක් තුළින් ඒ සතාගේ ජායාවක් නිර්මාණය කිරීම…..

පිල්ලී වලදී භාවිතා වෙන්නෙත් මේ ක‍්‍රමවේදයේම යම් දිගුවක් කිව්වොත් එහි වරදක් නෑ. පිල්ලියක් වඩා සාර්ථක වෙන්නනම් අදාල සතාගේ හදවතින් ගන්නා අංශූවක් අවශ්‍යයි.

මිනී අලූ තුළත් මේ ආකාරයේම ක‍්‍රීයාවලියක් තියෙනවා.

මෙහිදි යම් නිවසකට හදිහුනියම් කටයුත්තක් උදෙසා යොදාගන්නේ හදීසි රෝගී තත්වයකින් මිය ගිය තරුණ මිණියකින් ලබා ගන්නා අලූයි.

එම අලූ ලබා ගන්නේ ඒ මිණියේ හදවතින්.

එම අලූ ලබා ගන්නට යා හැක්කේ හොදින් මංත‍්‍ර ශාස්ත‍්‍රය දන්නා අයෙක්ට පමණයි.

එක්නිසාද යත් එය ජිවිතයත් මරණයත් අතර සටනක් වන නිසයි.

ශාස්ත‍්‍රයේ සදහන් වන්නේ මෙසේ අලූ ලබා ගන්නට යන කෙනා නිරුවතින් යා යුතුයි කියලයි….

රෝගී තත්වයෙන් මියයන කෙනෙක්ගේ සිරුර දවා අලූ කල පසුත් ඒ සෑම අංශූවක් තුළම ඒ රෝග පීඩාව රුදී පවතිනවා….

හදවත තුළ සමස්ත පිඩාවන්ම රුදි තියෙනවා…

එසේ ලබා ගන්න අලූ නැතහොත් අංශූව තුළින් ඒ මියගිය කෙනාගේ ජායාවක් නිර්මාණය කරනු ලබනවා.

මේ ජායාව සම්පුර්ණයෙන්ම ක‍්‍රීයාකරන්නේ රෝග වාහකයෙක් ලෙසයි.

එය එක් කල භූමියේ මිනිසුන් මේ රෝගී තත්වයෙන්ම මියයනවා.

මිනී අලූ ඉසීම තුළ පවතින ගැඹුරු තත්වය එයයි.

මම දකින්නේ මෙය ඉතා විද්‍යාත්මකයි කියලයි…

ඞී එන් ඒ අනුවක් තුළින් තවත් ඒ ජාතියේම සත්වයෙක් නිර්මාණය කිරීම හා විශේෂිත ගති ලක්ෂණ දියුණු කරමින් සතුන් නිර්මාණය කිරීම.

මෙවන් තත්වයකට මැදි වු භූමියක් ඉන් මුදවා ගැනීම ඉතා සංකීර්ණ කාරණයක්.

මේක හරියට හරියට අදෘශ්‍යමාන තලයේ සිදවන යුද්ධයක් හා සමාන තත්වයක්…

එය කල නොහැක්කක් කියා මා කියන්නේ නෑ. එහි මිදීම සම්පුර්ණයෙන්ම රුදි තියෙන්නේ තම කර්මයේ ස්වාභාවයම මතම පමණයි….

කර්මය අහෝසි වුනොත් මිදීම ලංවේවි….

මගේ අත්දැකීම එයයි….

තවත් එක් කරුණක් තියෙනවා යම් අයෙක් මිනී අලූ වෙනත් නිවසකට දාන්න රුගෙන යනවානම් ඒ නිවසට ඇතිකරන්න යන බලපෑමම ගෙනියන කෙනාටත් බලපානවා.

ආශ‍්‍රමයට පැමිණි එක් කාන්තාවකගේ නිවාස ඉඩකඩම් අහිමිවෙන්න හේතු හොයාගෙන යන විට මට භාවනාවෙන් පෙන්වනු ලැබුවේ යම් නිවසක ගේට්ටුවට උඩින් මේ කාන්තාව යම් කුඩු වර්ගයක් විසික් කරන ආකාරයයි….

මම තවත් ගැඹුරට බැලූවම ඒ මිනි අලූ මම ඇයගෙන් ඒ පිලිබදව ඇසුවා. අවාසනාව කියන්නේ එකට ඇය තම සහෝදරියට කල දෙයම ඇයට බලපෑවා.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x