පිළිවෙත් හා ශාන්තිකර්ම

නිසැක මරණය රුගෙන එන පිල්ලි

පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ සතුරා විනාශ කිරිම උදෙසා වැඩි වශයෙන්ම උපයෝගී කර ගත් ක‍්‍රමයක් වන්නේ පිල්ලී යැවීමය .

පිල්ලියක් යනු මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හරහා නිර්මාණය කරනු ලබන යම් බලවේගයකි.

පිල්ලි උදෙසා බහුල වශයෙන්ම උපයෝගි කර ගනු ලැබුවේ ස්වාභාවික පරිසරය තුළ බහුල ලෙසින් ගැවසේන සතුන්ය. එසේ තෝරාගනු ලබන සතා හෝ සතාගේ ස්වරුපයට මලයක්ෂ ආත්මයක් බන්දනය කරනු ලබයි. එම මලගිය ආත්මයේ කාර්යය වනුයේ ලබා දෙන ඉලක්කය වෙත ගොස් අදාල පුද්ගලයා තුළට මංත‍්‍රමය විෂ ඇතුලූ කිරිමයි. මෙම පිල්ලි වල පවතින විශේෂත්වය වනුයේ ඉලක්කය කරා ගමන් කිරිමට ඇති වන අදෘශමාන භාධා ප‍්‍රමාණය අවම වීමයි.

පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ මෙන්ම මලයාලම් භූත ශාස්ත‍්‍රය තුළද මෙම පිල්ලි යැවීම බහුල ලෙස දැකගත හැකි වෙයි .පිල්ලියකට මැදිවන අයෙකුට ඉන් මිදිමට ඇති අවස්ථාව ඉතා අල්පය. එයට හේතු වනුයේ පිල්ලියක් තුළට අසිමිත විනාශ කිරිමේ බලයක් අන්තර්ගත කිරිමයි. සාමාන්‍ය කොඩිවිනයකට වඩා සංකිරණ වු පිල්ලියක් නිර්මාණය කිරිමට යකදුරෙකු ඉදිරිපත් වනුයේ හතුරා විනාශ කිරිමේ එකායන අරමුණින් පමණි.

අපේ ඉතිහාසය තුළ පිල්ලි හරහා මියගිය ප‍්‍රසිද්ධ චරිත බොහොමයක් පිලිබද කථාන්තර පවතී.

පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21 දැකගත හැකි වෙයි .

1.ඊරි පිල්ලිය
2.නාග පිල්ලිය
3.කුමාර පිල්ලිය
4.කෝලි පිල්ලිය
5.කන්‍යා පිල්ලිය
6.කනමැදිරි පිල්ලිය
7.ගරුඩ පිල්ලිය
8.කුරුමිණි පිල්ලිය
9.මළ පිල්ලිය
10.මහ සොහොන් පිල්ලිය
11.ඔඞ්ඩි පිල්ලිය
12.දෙබර පිල්ලිය
13.බඹර පිල්ලිය
14.වඩිග පිල්ලිය
15.සිංහ පිල්ලිය
16.ගජ පිල්ලිය
17.ගිනි පිල්ලිය
18.නීච කුල පිල්ලිය
19.දෙමල පිල්ලිය
20.කඩවර පිල්ලිය
21.තුන් කුළුදුල් පිල්ලිය

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74 

4.3 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x