පිළිවෙත් හා ශාන්තිකර්ම

මලගිය අයට පිං දිය යුතුද ? .......

සමාජය තුළ අනාදිමත් කාලයක සිට මලගිය අයට පිංදීම සිදුවෙනවා. නමුත් මෙය සිදුවන්නේ කරන්නන් වාලයේ කිව්වෙත් එහි වරදකුත් නෑ.

ඇයි එහෙම කියන්නේ…… එයට හේතුවක් තියෙනවා….

ආශ‍්‍රමයට පැමිණෙන අය මේ හේතුව අත්දැකිමෙන්ම දන්නවා.

මැරෙන හැමකෙනෙක්ටම පිං ගන්න හැකියාවක් නෑ. ඒ වගේම හැම කෙනාම පිං බලා පොරොත්තු වෙන්නෙත් නෑ.

ඉතිං අවශ්‍ය දේ ලැබුනොත් පමණයි මලගිය අයෙක් වගේම ජිවත් වන අයෙකුත් සතුටු වෙන්නේ.

නිකන් හිතන්න මත්පැනට අධිකව හුරු වෙච්ච කෙනෙක් මැරුනම හාමුදුරුවෝ ඇවිත් මත්පැනේ ආදිනව කියා දීලා පිං ටිකක් අනුමෝදන් කරලා නිවසින් පිටවෙලා යනවා. ඒ මනුස්සයා ජිවත්ව හිටියොත් කුමක් කරාවි කියලා ඔබට හිතෙනවද ?

වලං ටිකත් පොලේ ගහලා එදා රූට හොද නාඩගමක් නටාවි…. මැරුණ කෙනාත් හැසිරෙන විදිය එයට වඩා වෙනස් වෙන්නේ නෑ…..

ගෙදර අයට බණ හෝ දානෙන් පස්සේ නිර්මාණය වෙන්නේ ප‍්‍රශ්ණ ගොඩක් විතරයි…

මෙන්න මේ නිසා තම මව පියා හෝ ප‍්‍රියයන් මියගියා කියලා හැම අවුරුද්දෙම පිං දෙන එක නොවෙයි කල යුත්තේ. ඇත්තටම ඔහුන් පිං හෝ වෙනත් යමක් බලා පොරොත්තුවෙන් ඉන්නවද කියලා හදුනාගෙන ඔහුන් ඉල්ලන දේ දීමයි….

ආශ‍්‍රමය තුළට මේ වසර දහය තුළදීම පැමිණි අය හා බැදී තිබු මලගිය ආත්ම අතරින් එක් ආත්මයක්වත් පිං ඉල්ලූවේ නෑ….

ඒ සියල්ලම තම විවිධ පුරුදු සමග බැදී සිටිය අය…

අපේ පැරුන්නෝ මලගිය අය පිදීම නෑ යකුන් පිදීම කියලා අදහසු කලේ ඔය දේමයි…

අවශ්‍ය දෙය දී පිට කිරීම…..

ඉතින් තේරුම් ගන්න අපේ පැරැුන්නෝ කොතරම් දියුණුද ජිවත් වන අයගේ අවශ්‍යතා විතරක් නොවෙයි මියගිය අයගෙත් අවශ්‍යතා ඉටුකලා…

දැන් මේ හැකියාව වගේම දැණුම තියෙන අය නෑ. මෙය තේරුම් කර දිය යුත්තේ අපි නොවෙයි. අපේ හාමුදුරුවන් විසිනුයි. ඇයි ඉතින් මේක කියලා දෙන්නේ නැත්තේ….. එකට හේතුව ඔය අයම තේරුම් ගන්න….

හොදින් මතක තියා ගන්න.

අපි ජිවත් වෙන්නේ ආශාවන් පිරි යුගයක ඒ යුගය තුළ අවුරුදු 80 පැන්නත් ආශාවන් තුළම මැරිලා යනව මිසක් අතහැරලා මැරෙන අයවනම් මම දැකලා නෑ. කටින් කියන දේ හා ඇත්තටම සිදුවන දේ පිලිබදව හිතා බලන්න. හතර පොයට සිල්ගන්න බොහෝ අය උදෙන්ම පන්සලට දුවන්නේ හොද තැනක් අල්ල ගන්න ඔනේ කියලා…. ඒ සීලයේ හරය ගැනනම් මම දන්නේ නෑ.

මගේ අත්දැකිමෙන් මම දකින දේ මියයන අය විවිධ භූත පේ‍්‍රත ආත්මයන් බවට පත්වෙන්නේ අවසන් මොහොත තුළ ඇතිවන සිතුවිලි සමුදාය තුළින්මයි. ඒ කියන්නේ එක් සිතුවිල්ලක් තුළ පමණක් නොවෙයි කියන එක. සිතුවිලි සමුදායක් කියන වචනය තුළින් මම අදහස් කලේ ඒ මොහොත තුළ පවතින සියලූ තත්වයන් කියන එක…..

උදාහරණයක් ලෙස හිතලා බලන්න තමන් මේ මොහොත තුළ මිය ගියොත් මේ මොහොතේ තම සිතේ පවතින මතකයන් ගැන….

මේ කරුණු පිලිබදව නැවත නැවත සිතන්න.

නැවත අප මලගිය අය පිදු ජාතියක් බවට පත් වුනොත් නිවාස වල ප‍්‍රශ්න බොහෝ දුරට විසදේවි.

 

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close