දවසක් උදෑසන ආශ‍්‍රමය වන්දනාවන් උදෙසා සුදානම් වන මොහොතේ දරුවන් දෙදෙනෙකු ආශ‍්‍රම ද්වාරයෙන් ඇතුලූ වුනේ ඔවුන්ගෙන් එක් අයකු උදෙසා එදින තම කර්මයෙන් මිදිම පිණිස විශ්වය අවසර ලබා දී තිබූ නිසයි.

මා විවර වන ද්වාරය දෙස බැලූවා.

ඉන් ඇතුලූ වුනේ ගැහැණු දරුවෙකුත් පිරිමි දරුවෙකුත් . ඒ ගැහැණු දරුවා මිට පෙරද ආශ‍්‍රමයට ආ කෙනෙක් , මේ ඇගේ සහොදරයා විය යුතුයි

ඇය තම කර්මය උදෙසා පිළියම් සිදු කරමින් සිටින අතර තුර දිනක් මේ සොහොයුරා අනතුරකට ලක්වුනා

ඇය ඒ අවස්ථාවේද ආශ‍්‍රමය සොයා පැමිණි නිසා මට ඇය පහසුවෙන් හදුනා ගන්නට පුලූවන් උනා

ඇගේ සොහෙයෙුරා තරමක් සුවපත් භාවය ලද තිබුණද ඔහු ගමන් කලේ නැගණියගේ වාරුවෙන්

ඕන්න ආවේ වන්දනාවට සැරසෙද්දි මොකෝ පුතේ දැන් උඹේ කකුල

දැන් නම් ටිකක් හොදයි ඒත් තාම බර දිලා ඇවිදින්න බැ නවලා ඉදගන්න බෑ වේදනාවත් ටිකක් සැරයි තාම

හ්ම් එහෙමද ඒක තමා කියන්නේ විසේ නොකර හිටු කියලා වාහන අතට ගත්තම ඉතින් ඉගිලෙන්න හදනවානේ බොලා ටිකක් ඉන්ට වෙයි මං වන්දනාව ඉවර වෙන තුරු

මම දෙපා දොවා ඇතුල් ගෙට යන්ට හිතද්දීම මට හිතුනා මුන් දෙන්නා වන්දවන්ට ඕන කියලා

එනවද එහෙනම් පුතේ බොලත් වන්දනාවට

අනේ හොදයි අම්මේ

එහෙනම් ඔය අතපය සොදාන එමු ඇතුලට

වාඩිවෙන්ට බෑ නෙව හරියට ඕං එය බංකු කෑල්ල අරං වාඩිවෙයන් පුතේ උඔ

වන්දනාව පැයකටත් අධික කාලයක් විය

නමුත් ඔහු අසීරුවෙන් වුව වන්දනාවේ ඒකාග‍්‍රව උන්නේය

වන්දනාව අවසන මම ඔවුන් දෙදෙනාටම සෙත් පැතීමි

ඔවුන් ආශ‍්‍රමයට පැමිනි කර්තව්‍යද ඉටු කොට ගෙන නැවත පිටවනු මම දිටිමි

සවස හදිසියේ මම ඇමතුමක් ලදිමි

අම්මේ අයියට ටිකක් කථාකරන්න ඕනලූ

හොදා දෙන්ට එහෙනම්

අම්මේ මම අර උදේ ආපු අසුවලා අර අම්ම කිවි විදියටම මගේ කකුලේ වෙදනාව දැන් නෑනේ

මොකක්ද පුතේ මං කිවි විදිය කිව්වේ

අර අම්ම උදේ මට සෙත කරද්දී කිවිවේ අනේ අම්මේ මගේ කකුලේ වේදනාව දැන් නැතැයි කියන්නා වු ඒ මිහිරි වදන් පෙළ මගේ දෙසවනට ඇසෙන්නට ඔබ දෙවියෝ මට ආශිර්වාද කරන්න කියලා ඒ වගේම දැන් මගේ වේදනාව නෑ මට හිතාගන්නත් බැ ගෙදර ඇවිත් බහිද්දි දැනුනා මම තව ටිකක් බලනවා කියලා හිතුවා දැන් මේ හැන්දැ වෙනකම් බලලා කථා කලේ

හ්ම් එහෙමද එහෙනම් පුතේ කතරගම දෙයිහාමදුරුවන්ට පිං දිපං බුදුන් වැදලා

දින දෙකකට පසු ඔහුගේ නැගණිය කථා කලා

අම්මේ මගේ රුකියාවත් හරි යයි වගේ

එහෙමද කලබල නොවී හිටපංකෝ දෙයිහාමදුරුවන්ට බාර දීලා

ඇය දින තුනකට පසු රුකියාවක් ලද්දීය

ආශ‍්‍රමයට නිතර යන එන බොහෝ ඇත්තන්ගේ ඉල්ලිමක් තිව්නා අපටත් එක් දවසක් හෝ මේ වන්දනාවට සහභාගී වෙන්ට දෙන්න කියලා
මේ සිදුවීම් තුල ආශ‍්‍රමයෙන් තීරණය කරන්නට යෙදුනා එක් දිනයක් දරුවන් උදෙසා ලබා දෙන්න

ඒත් හැමට නොවේ දෙවියන්ගේ කැදවිම ලද දරුවන්ට පමණක් , එසේ සිදු කල පුර්ණ වන්දනාවට පැමිනි දරුවන් තේරුම් ගන්නට ඇති

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
නදීකා චමාලී පනාගොඩ
0777 964474

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Kolitha gayan Muhandiram
Kolitha gayan Muhandiram
November 11, 2020 9:06 am

🙏🙏🙏

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x