පයිරා වාස්තු

දරුවා වෙනුවෙන් කාමරය වෙනස් කරන්න ..

දරුවෙකු හෙදින් ඉගෙන ගැනීම දෙමාපිය සිහිනයකි…. ඒ වෙනුවෙන් දෙමාපියන් බොහෝ දේ කැපකරති….

වර්ථමානයේදි දරුවෙකු ඉපදෙන විටම ඒ දරුවා වෙනුවෙන් කාමරයක් වෙන් කෙරෙති.

එපමණක්ද නොව එ දරුවා වෙනුවෙන් බොහෝ දේ මිලදි ගනිති.

අලුත උපන් දරුවා තුළින් දකින සිහින වෙනුවෙන් දරුවාගේ කාමරය තුළ බොහෝ දේ ගොඩගසති.

මේ ගොඩගැසීමම දරුවාගේ අනාගතයට බාධා ඇති කරති.

එය වාස්තු විද්‍යාත්මක ගැටලූවකි.

දරුවාගේ කාමරය හා අධ්‍යාපන කාමරය යනු දෙකකි. එය එකක් වන්නේ නම් ඉතා සැලකිලිමත්ව කාමරය තුළ ගෘහ අංග ස්ථාපනය කිරීම සිදුකල යුතුය.

කාමරය ස්ථානගත කල යුතු දිශාව දුවෙක්ද පුතෙක්ද යන්න මත වෙනස් වීම සිදුවෙයි.

දරුවාගේ කීකරු කම පවත්වාගෙන යෑමට දරුවා නිදන කාමරයේ දිශාව දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.

පාසල් යන වයසේ සිසුන් වෙනුවෙන් කාමර වෙන් කිරීමේදි හැකි උපරිම ලෙස පාඩම් කිරීම හා නිදා ගැනීම උදෙසා වෙන් වෙන් වශයෙන් කාමර වෙන් කිරීම සිදු කල යුතුය.

නිදන කාමරය තුළම පාඩම් කිරීම තුළින් දරුවා තුළ අලස ගති වර්ධනය වීම මෙන්ම ආතතිය වර්ධනය වීම සිදුවෙයි.

ප‍්‍රධානම කාරණය වන්නේ බොහෝ පාඩම් මේසයේ පුටුව යෙදිය යුත්තේ බිත්තිය තම පසු පසින් සිටින ලෙසය. එසේම මේසය යොදන දිශාව ඒ සියල්ලටම වඩා වැදගත් වෙයි.

පාඩම් කාමරය නිරන්තරව කහ පැහැති බල්බයකින් ආලෝකමත්ව පවත්වා ගතහොත් දරුවා තුළ වේගවත් වර්ධනයක් සිදුවෙයි.

එහෙත් මෙහිදී කල්පනාකාරී විය යුතු අවස්ථාද පවතී. පරස්පරතා මතු කරන වර්ණයන් සහිත බිත්තී වර්ණ ගැන්වීම් වලද ීකහ වර්ණයේ බල්බයක් දැල්වීමෙන් මානසීක ආතතීන් වර්ධනය වීම සිදුවෙයි.

මේසය නිදහස්ව හා නිරවුල්ව පැවතිය යුතු අතර ඒ මත පොත් ගොඩ ගැසීම හෝ පරිගණක ස්ථාන ගත කීරීම නොකල යුතුය.

පාඩම් කාමරය අන් සියලූ කාමර වලට වඩා පිරිසිදු හා නිදහස් විය යුතුය. ඒ සියල්ලටම වඩා බිත්තිවල පලූදු හෝ ඇණ නොතීබීම අනිවාර්ය කරුණකි.

දරුවෙකුගේ අධ්‍යාපන ජයග‍්‍රහන උදෙසා වාස්තු තුළින් ඇතිකල හැකි බලපෑම ඉතා ප‍්‍රබල මට්ටමක පවතී. එසේම පිරමීඩ ශක්තිය තුළින් මනස වේගවත්ව වර්ධනය කීරීම දීයුණු සොයාගැනීමකි. කුඩා කල සිට පිරමීඩ ශක්තිය යෙදු කාමරයක් තුළ දරුවා තැබීමෙන් නිරෝගී බුද්ධිමත් දරුවෙකු ගොඩ නැගිය හැකි වෙයි.

නිවැරදි දේ නිවැරදි ලෙස ගොඩනැගුවෙත් බලාපොරොත්තු ඉටු වේවි.

දීක්ෂා ගුරු

වාස්තු උපදේෂක

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

5 5 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x