පයිරා වාස්තු

විවාහය රැගෙන ආ/ගිය ගැරේජය

වසර එකහමාරකට පමණ පෙර මවක් හා පුතෙක් තම නිවසේ වාස්තු නිවැරදි කර ගැනීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා.

මා භාවිතා කරනුයේ සාම්ප‍්‍රධායික වාස්තු ක‍්‍රමවේදයට බොහෝ සෙයින් එහා ගිය වාස්තු ක‍්‍රමවේදයක්.

ඒ තුළින් එලාපල කිව හැකියි.

ඒ කියන්නේ ඒ නිවසේ විදවීම නිශ්චිතව පැවසිය හැකියි.

කෙසේ හෝ ඒ ගෙදර පැවති ප‍්‍රධානය ගැටලූව වුයේ ගැරේජය පිහිටීම අසුභ වීමයි.

මා ඒ තුළින් ඒ ගෙදර පුතාට අත්විදින්නට සිදුවන දෙය කිව්වා.

ඒ කියන්නේ ඒ පුතා රැගෙන එන බිරිදට නිශ්චිතවම අනියම් සබදතා ගොඩනැගෙන බවත් ඒ හරහාම විවාහය බිදවැටෙන බවත් පැවසුවා.

ඉන්පසුව ඔහුන් ඔහුන්ගේ කථාව කියන්නට වුණා.

ඒ පුතා විවාහ වී වසරක් ගෙවෙද්දීත් බිරිද පෙර ආදරවන්තයා සමග සබදතාවයක් පවත්වාගෙන යනබව හසුවෙලා…

අවසානයේ දෙදෙනා වෙන්වෙලා .

බිරිද පෙර තරුණයාව විවාහ කරගෙන…..

වාස්තු පරික්ෂාවෙන් පසු ඔහුන් නික්ම ගියා.

මා දුන් ප‍්‍රධානම උපදේශය ගැරේජයේ පිහිටීම වෙනස් කරන ලෙසයි.

………………………………………………………………….

මාස කිහිපයකට පෙර යලිත් ඔහුන් පැමිණියා.

ඒ පුතාගේ විවාහයක් නොවීම පිලිබදව නිමිත්තක් බලීමට….

මා නිමිත්ත තුළින් දුටුවේ නිවසේ වාස්තු ගැටලූවමයි…

ඒ වනවිටත් ඔහුන් වාස්තු නිවැරදි කර තිබුනේ නැහැ.

ඔන්න ඔය ගැරේජ් එක ඉස්සරහට ඇදලා දන්න. ඉක්මණින් කසාදයක් වේවි….

මා දුන් උපදෙස විය.

………………………………………….

ඔහුන් එය ඉටුකලේය.

ඉන් සතියකට පසු ඔහුන්ගෙන් ආශ‍්‍රමයට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ පුතාට ගැලපෙන තැනකින් විවාහ යෝජනාවක් පැමිණි ඇති බවත් එය තීන්දු කරගැනීම උදෙසා පිටත්ව යන බවත්ය.

දින කිහිපයකින් ඔහුනගේ විවාහය තීන්දු විය.

පසුගිය කාලයේ විවාහයද සිදුවිය.

ඒ මවගේ හදවතේ තදින් ලියවුණු වැකියක් ආශ‍්‍රමයට පැමිණෙන සෑම විටකම මා ඉදිරියේ මතක් කරනු ලබයි.

මට අදත් මතකයි මනමේන්ද්‍ර මහත්තයා අතදික්කරලා කිව්ව හැටි ඔය ගැරේජ් එක ඉස්සරහට ඇදලා දාන්න. ඉක්මණින් විවාහයක් වේවි කියලා…..

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x