පයිරා වාස්තු

මධ්‍ය ලක්‍ෂයේ සුපිරි බලය ....

අපි කොහොමද අපේ ගැටලුවෙන් මිදෙන්නේ

මිනිසුන්ට ප‍්‍රශ්ණ ඔ්න තරම් ඇති වෙනවා……..
හැබැයි සමහර අයට සාමාන්‍යයෙන් අසාමාන්‍ය. ප‍්‍රශ්ණත් ඇති වෙනවා……

රුකියාව තුළ නිරන්තර ගැටලු
ගර්භාෂයේ ගෙඩි
හදවත් රෝග
දරුවෙක් හදා ගන්න බැරි කම
කොච්චර බෙහෙත් කරත් ගැස්රයිටිස් හොද නොවීම

මානසික පිඩනය
කොච්චර හම්බකරත් ඉතිරියක් නැති කම
බත් මුට්ටියේ කුඹි
වයස ගියත් කසාදයක් නොවීම

මේ වගේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය ප‍්‍රශ්ණ වලින් ගොඩක් අය පිඩා විදිනවා…. මෙවා ප‍්‍රශ්ණ තමයි හැබැයි හොදින් බැලුවම අපිමයි මේ ප‍්‍රශ්ණ වැඩි කරගෙන තියෙන්නේ……. මේ ටිකේ ලංකාවට පීරා වාස්තු හදුන්වා දෙන්න ඉතා විශාල පිරිසකගේ පීරා වාස්තු තුළින් නිවෙස් පරික්ෂා කරපු නිසාම තේරුම් ගත්ත කාරණය එකයි ඒ කියන්නේ ඉහත විදවීම් සියල්ලම ඇතිවන්නේ නිවසේ කාමර කුස්සිය වැසිකිලි ලිද වැසිකිලි වල …………….. ආදිය පිහිටි දිශා වල අශූභ බලපෑම නිසයි

පලිගු බල ගන්වන විශ්මිිත මනස

ටින් ටින් කාටුන් එකේ පෙන්ඩියුලමයක් අතින් ගත් කැල්කියුලස්ව කාටත් මතකයිනේ…….

මේ පෙන්ඩියුලමය කියන්නේ දියුණු මනසක් හරහා පුදුම දේ කරන උපකරණයක් ….. එ කියන්නේ පුදුම උපකරණය නොවෙයි ….. එය ක‍්‍රීයාත්මක කරන මනස….. ඔබ දන්නවද ඉතා නිවැරදිව සෑම දෙයක් ගැනම උපදෙස් මේ හරහා ලබා ගන්න පුලුවන්…..

විශේෂයෙන්ම ගෙවල් වල තියෙන දෝස….. භූගත පිරිසිදු ජලය තියෙන තැන් ….. එ වගේම පොලව තුළ තියෙන මැණික් නිදි වගේ දේවල් පවා මේ හරහා හෙයන්න පුලුවන්

පිරිසිදු ජලය හොයා ගන්න විතරක් නොවෙයි…… ලිද කපන්න ඔනේ ගැබුර පවා මේ හරහා නිශ්චිත කර ගන්න පුලුවන්…..

මිනිසුන්ගේ අවුරෝරා එක මනිනිනත් මෙය ඉතා පහසුවෙන් යොදා ගන්නවා….

මගේ අත්දැකීම් මත භාවනාව හරහා ඉහලට යන්නත් මෙය ගෙඩක් උපකාරි වෙනවා එ වගේම මිනුසුන්ගේ ලෙඩත් මේ හරහාම සුව කරන්න පුලුවන්

දරුවන් නැති අඹු සැමියන්ට පුංචි උපදෙසක්

තමන්ගේ නිවසේ ප‍්‍රධාන නිදන කාමරය නිරිත දිශාව තුළ ස්ථාන ගත කරන්න…..

ප‍්‍රධාන නිදන කාමරය ඊසාන දිශාව තුළ පිහිටියොත් දරු ඵල අහිමි වීම් වගේම ගර්භාශයේ ලෙඩත් වැලදිය හැකියි……

ප‍්‍රධාන නිදන කාමරය ගිණි කොණ හෝ බස්නාහිරනම් නිරන්තරව හිත ප‍්‍රශ්ණ වලින් පිරිලා තියේවී

වැසිකිලි වල හා හර්දයාභාද

මගේ පිරා වාස්තු අත්දැකීම් අනුව මම දුටුව දෙයක් තමයි බෝහෝ හදවත් රෝග වලින් පෙලන රෝගීන් සහිත නිවෙස් වල වැසිකිලි වල ස්ථාන ගත කිරිමේ දෝශයක් පවතින බව…….

ප‍්‍රධාන දොර ඉදිරිපිට හෝ නිවසින් එලියට බසින විට හමුවන ලෙසින් වැසිකිලි වල පිහිටා තියෙන නිවෙස් වල මවට හෝ පියාට බොහෝ විට හදවත් රෝග ඇති වෙනවා….

එ විතරක් නොවෙයි තමන්ගේ නිවස තුළ වැසිකිලි වල පිහිටා ඇත්නම් වගේම වාහනය නවත්වන්නේ වැසිකිලි වල මතනම් එවන් නිවෙස්වලත් හදවත් රෝගින් දකින්න පුලුවන්…..

ඉඩ කඩ මදි අවස්ථාවකදි මෙවන වැසිකිලි වලක් ඉවත් කරන්න අමාරුයි….. නමුත් පිරමීඩ වාස්තු වලින් මෙහි පිහිටීම පිරමීඩ හරහා වෙනත් සුදුසු ස්ථානයකට ගෙනයන්න පුලුවන්….. පීරා වාස්තු වප පවතින විශේෂත්වය එයයි

නිරිත කාමරය අන්සතු නොකරන්න

නිවසේ නිරිත දිශාවේ පිහිටි කාමරයක් කිසිම විදියකින් සේවකයෙකුට තම නෑයෙකුට හෝ බෝඩිම් කරුවෙකුට දෙන්නට එපා

එයට හේතුව පීරා වාස්තු වලට අනුව නිරිත කාමරය තුළ ඉන්නා පුද්ගලයා ටික දිනකින්ම නිවසේ පාලනය නොදැනුවත්වම තමන් අතට ගන්නවා…..

එ කියන්නේ ගෙදර අයට එ පුද්ගලයව ලොකු මානසික පිඩාවක් වෙනවා කියන එකයි….. නෑයෙක් එහෙම ඒ කාමරයේ හිටියොත් තමන් තමන්ගේ නිවසේ බෝඩින් කාරයන් බවට පත්වේවි……

නිරිත කාමරයේ ලමුන් ඉන්නවනම් ඒ ලමයි කියන විදියට දෙමාපියන්ට වැඩ කරන්න වේවි…..

තම තමන්ගේ අත්දැකීම් අනුව ටිකක් සිතා බලන්න.

නිරිත කාමරය තුළ ඉන්න අයව වෙනත් කාමරයකට යවන්න බැරිනම් කරන්න තියෙන හොදම විසදුම තමයි පිරමීඩ තාක්ෂණය හරහා කාමරයේ දිශානතිය වෙනස් කිරීම

විවාහය ප‍්‍රමාද දුවරුන් වයඹට තල්ලු කරන්න

ගොඩක් තරුණියන් විවාහය ප‍්‍රමාදය නිසා හිත් පිඩා විදිනවා….. විවිධ හේතු නිසා මේ ප‍්‍රමාදය වෙන්න පුලුවන්……. නමුත්

පීරා වාස්තු වල මෙයට යොදන්න පුලුවන් සරල පිලියමක් තියෙනවා…… විවාහ වෙන්න බලාපොරොත්තුවන ගැහැණු දරුවන්ව වයඹ දිශාවේ තියෙන කාමරයක නතර කිරිම…..

ගැටලුව මතුවෙන්නේ වයඹ දිශාවේ කාමරයක් නැත්තම් වගේම ගැහැණු දරුවා දැනට ඉන්න කාමරය වෙනස් කරන්න අකමැතිනම් තමයි………

එත් පීරා වාස්තු වල මෙයටත් විසදුමක් තියෙනවා පිරමීඩ තාක්ෂණය හරහා කාමරයේ දිශානතිය වෙනස් කිරීම.

මුදල් නාස්තිය හා නිරිත බෑවුම

තමන් පදිංචි ඉඩමේ නිරිත දිශාව අන් දිශාවන්ට වඩා පහතින් පිහිටීම පීරා වාස්තු වලට අනුව ප‍්‍රබල දෝශ තත්වයක්……

මේ හේතුවෙන් නිවසේ අය හම්බකරන මුදල් අදික ලෙස වැය වීම සිදුවෙනවා….. එ කියන්නේ සල්ලීවලින් ප‍්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා…….

මේ ගැටලුවෙන් මිදෙන්න කරන්න තියෙන දෙය තමයි නිරිත පැත්ත පස් පුරවලා ඔසවන එක…… එහෙමත් නැත්තම් පීරමීඩ යොදලා නිරිතේ ශක්තිය ඔසවන එක

උඩු මහලට දෝශ ගෙනෙන පඩිපෙළ

පඩි පෙළක් නිවස මධ්‍යයට වෙන්න පිහිටා තිබීම වාස්තු වලට අනුව ඉතා අසුබයි. එ විතරක් නොවෙයි . අනිවාර්යයෙන්ම පියගැට පෙළ දක්ෂිණාවර්තව පිහිටා තිබිය යුතුයි.

එසේ නොමැති වුවහොත් ඉහල මාලේ ඉන්න අයට බොහෝ අපල තත්වයන්ට මුහුණ පෑමට සිදුවෙයි….. ඔහුනගේ ආර්ථික අවස්ථා ගිලිහි යයි.

ඒ විතරක්ම නොවෙයි. ඉහල මාලයේ දියණුව රදා පවතින්නේ යොදන පඩි ගණන මතයි.

පඩි ගණන අනිවාර්යයෙන්ම ඔත්තේ විය යුතුයි. පීරා වල මේකට යොදන වචන දෙකක් තමයි ….. පඩි ගනන් කිරිම කල යුත්තේ නගිනවා………. බහිනවා….. නගිනවා………. ලෙසිනුයි………

එ කියන්නේ පඩි අවසන් වෙන්න ඔ්නේ නගිනවා කියන වචනයෙන්…….. නැතිනම් එ නිවසේ ආර්ථිකය බහිනවා……..

පඩිපෙළක දෝශයක් සාමාන්‍ය වාස්තු වලින් ඉවත් කිරිම කොහොමවත් කරන්න බෑ…… එත් පීරා වාස්තු වලින් මෙය ඉතා සරලව කල හැකියි

දකුණ අඩුනම් බිරිද ලෙඩින්

තමන්ගේ නිවසේ වගේම ඉඩමේත් හැඩය ගැන වැඩි අවදානය යොමු කරන්න්. එය ඒ භූමියේ ජිවත් වන අයට ප‍්‍රබල ලෙසම බලපෑම් ඇති කරනවා…….

යම් නිවසක හෝ භූමියක දකුණු දිශාව අයත් වෙන්නේ එ ගෙදර බිරිදටයි…….

ඉතින් ඒ භුමිය හෝ නිවස දකුණු දිශාවෙන් අඩුනම් බිරිදගේ ශරිර සෞඛයට ප‍්‍රබල ලෙසම හානිදායක වෙනවා…….

විවාහ ජිවිතයේ සතුට සැනසුම බිදවැටෙන්නටත් මෙම අඩුව ප‍්‍රධානම හේතුවක්

දොරට කෙලින් බුදු පිලිමය

ගොඩක් අය ප‍්‍රධාන දොරට කෙලින් සිමෙන්ති කණුවක් තියලා එ මත බුදු පිලිමයක් තියනවා…..

සාම්ප‍්‍රධායික වාස්තු විද්‍යාවට අනුවනම් මේ හරහා ප‍්‍රබල දෝස දෙකක් එ නිවසියන්ට ඇති වෙනවා.

මේ හේතුවෙන් ගෘහ මුලිකයාට අසුබ තත්වයක් උදා වෙනවා

ගෙයි මැද වදින්නට පෙර සිතන්න

හොදින් තේරුම් ගන්න…… ගෙයි මැද එනම් බ‍්‍රහම පාදය කියන්නේ වන්දනා කටයුතු උදෙසා වෙන් කරන්න සුදුසු තැනක් වත්…… පාගන්න හොද නෑ කියලා මල් පොච්චි …… කණු වගේ දේවල් තියන්නවත් සුදුසු තැනක් නොවෙයි…..

එකට බොහොම සරල හෙතුවක් තියෙනවා … නිවස පංච භූත තත්වයට අනුව බෙදිමේදි මධ්‍යය අයත් වෙන්නේ ආකාෂ භූතයට ……. ආකාෂ කියන්නේ අවකාශ කියන එකටමයි……

එ හින්දා මධ්‍යය හිස්ව තැබීම වගේම වහලයක් පවා නැතිව තියෙනවනම් ඉතා සුදුසුයි

හීන් නුලෙන් බෙල්ල කපන්න

පීරා වාස්තු වල තවත් ප‍්‍රධානම කොටසක් ව්‍යාපාරික පීරා වාස්තු. එ කියන්නේ ව්‍යාපාරික ස්ථානයක් බල ගන්වන්නේ කොහොමද කියන එක…..

ව්‍යාපාරික පීරා වලදි මුලිකත්වය දෙන්නේ ආයතන ප‍්‍රධානියාට අවශ්‍ය ලෙස ආයතනය පවත්වාගෙන යෑමටත් අවශ්‍ය වර්ධනයන් ලගා කර ගැනීහටත් හැකි ලෙස ආයතනය බල ගැන්වීමයි.

මම සති කිහිපයකට කලින් සිදුවුන සිදුවීමක් හරහා මෙය විග‍්‍රහ කරන්නම්.

ලංකාවේ ප‍්‍රධාන පෙලේ පරිගණක ආයතනයක හිමිකරුවෙකු මා හමුවෙන්න පැමිණියා… ඔහුට තිබුන ප‍්‍රධානම ගැටලුව තමයි. අලුතෙන් පැමිණෙන දක්ෂ සේවකයන් සියල්ලම එක් පැරණි සේවකයෙක්ගේ බලපෑම නිසා ඉවත්ව යෑමයි….. ආයතන ප‍්‍රධානියාට මෙම සේවකයාව ඉවත් කරන්න අවශ්‍ය උනත් ඔහු එ තිරණය ගන්න කැමති වුනේ නෑ…….

ඔහුගේ ස්ථාවරය උනේ මේ සේවකයාම ඉවත්ව යනවානම් හොදයි කියන එක ……

ඉතින් පීරා වාස්තු වලට අනුව මම පුංචි උපදෙසක් දුන්නා.

ඒ සේවකයාගේ තනතුර උසස් කරලා ………………….. ආයතනය තුළ මේන්න මේ දිශාවේ ඔහුගේ අලුත් මේසය ස්ථාන ගත කරන්න කියලා…..

කිව්ව විදියටම ආයත ප‍්‍රධානියා එය කලා……

හරියටම සතියකට පස්සේ එ සේවකයා ඉල්ලා අස්වෙලා වෙන ආයතනයක සේවයට ගියා…………

පීරා වලට අනුව පිට කරන්න ඔනේ හැම දෙයක්ම තැබිය යුතු දිශාවකුත් තියෙනවා.

[/vc_column]

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close