අසම්මත කාමයට තිත තැබු කාමර මාරුව.
මෙම සිදුවීම නොලිවිය යුතුයි කියලා පැත්තකින් තබා තිබු අත්දැකීමක්…
එලෙස හිතන්නට හේතුව වුයේ මේ සිදුවීම වුදෙසා මා ලබා දුන් විසදුම එයට මැදිවු දැරිවිය නොදැන ගත යුතු වීමයි.
දැන් ඇය ඒ ගැටලූවෙන් මිදිලා….
ඇය පුදුම වෙනවා ඇය ගැටලූවෙන් මිදුණු ආකාරය පිලිබදව….
ඒ නිසා මෙය මා ලිවිය යුතුයැයි සිතුවා සමස්ත දෙමාපියන් වෙනුවෙන්….
ආශ්‍රමය හැමවිටම මුල්තැන දෙන්නේ ජිවිතය අරඹන වයසේ අයටයි.
ආශ්රමයට පැමිණෙන අයට මෙය වැටහෙනවා ඇති.
තරුණ පිරිස උදෙසා මග පෙන්වීම වඩා වැදගත් යැයි මා සිතනවා.
……………………………………………………………………………..
එක් මවක් තම දියණිය පිලිබදව නිමිත්තක් බැලීමට ආශ්රමයට පැමිණියා.
ඉහල පවුල් පසුබිමක් තුළ ජිවත් වන දියණිය කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස් පෙළට පිවිසි වසරේම සිසුවියක්…
මා නිමිත්ත දිහා බලාගෙන ටිකක් කල්පනා කරන්නට උනා..
ඒ නිමිත්තේ දියණියගේ සබදතා පිලිබදව මවක් ඉදිරියේ කිව නොහැකි තත්වයකුයි පැවතියේ….
මා එය කිව හැකි ලෙසින් මවට පැවසුවා…..
ඇය පැමිණ තිබු ගැටලූවත් එයමයි.
පාසල් ආදරය අද අමුතු දෙයක් නොවෙයි.
එහෙත් මේ දැරිවිය ආදරය වෙනුවට තෝරාගෙන තිබුනේ වෙනත් මාර්ගයක් ලිංගිකත්වය නැතහොත් කාමය පසුපස දිවීමයි….
ඒ තුළ නැවතීම පිලිබදව ඇයට හැගීමක් නෑ.
මෙය සම්මතය නොවන්නේ එතනින්….
මව අයට කොතරම් අවවාද කලත් පාසලෙන් ගැටලූ නිර්මාණය වෙද්දීත් ඇය මෙය නතර කරන්නට උත්සහ ගත්තේ නෑ…..
මව බොහෝ අසරණ වි සිටියා.
එයට තවත් හේතුවක් වුනේ දරුවාගේ පියා නොමැති වීම….
ඇය සියල්ලම තනිවම දරාගත යුතු වුණා….
මා තේරුම් ගත්තා මවත් දියණියත් එකම තත්වය අත්විදිමින් සිටින බව…
ඇය විවාහ වු දින සිටම ජිවත්වී සිටියේ දැනට සිටින නිවසේමයි….
මා ඇසුවා දියණියගේ කාමරය තියෙන්නේ කුමන දිශාවේද කියලා….
ඇය නිවසේ පිහිටීම ඇද පෙන්නනු ලැබුවා.
මේ කාමයට මුල ඇය සිටින කාමරයේ වරද බව මා තේරුම් ගත්තා.
…………………………………………………
මා පිලියමක් වෙනුවට සැලසුමක් මවට ලබා දුන්නා.
දුව ඒ කාමරයෙන් ඉවත් කිරීම.
නමුත් ඇයව කිසිලෙසකවත් ඉන් ඉවත් කල නොහැකි බව මව පැවසු නිසාම දුව ඒ කාමරයේ සිටිද්දීම ශක්තියක් ලෙස කාමරයේ දිශාගත වීම වෙනස් කරනු ලැබුවා.
දුවට මේ පිලිබදව කිසිදු හැගීමක් පැවතියේ නෑ.
……………………………………………………………….
කාලය කෙමෙන් ගෙවි ගියා. අද වන විට වසරක් ගෙවි ගිහින් ඇය දැන් උසස් පෙළට සුදානම් වෙනවා….
ඇයගේ ජිවිතය බොහෝ සෙයින් වෙනස් වෙලා….
සබදතා තුළ ඇයට වැරදුණු තැන් ඇයම තේරුම් ගෙන මවට පාපොච්චාරණය කරලා…
ඒ වගේම දැනට ඇය යහපත් මාර්ගයේ යනවා….
මව ඇයව වෙනස් කල ආකාරය කියා තිබුණා.
පසුගිය දිනක ඇය ඇගේ කර්මයට පිලියම් යොදන්නට ආශ්රමයට පැමිණි පසු මට මේ සිදුවීම ලිවිය යුතුයැයි සිතුණා.
…………………………………
අපේ ජිවිත සමහර අවස්ථාවන් වලදි කුණාටු වලට අසුවෙනවා.
හැබැයි හරි විදියට රුවල පාලනය කර ගත්තොත් කුණාටු අතරින්ම ගොඩබිමකට යන්නට පුලූවන් වෙනවා.
එත් මෙය තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74