පයිරා වාස්තු

උඩු මහලෙන් අහිමි වු රුකියාව යළි ලැබෙයි ......

වසර කිහිපයකට පෙර එක් පුද්ගලයේ තම නිවසේ වාස්තු පරික්ෂා කර ගැනීම උදෙසා ආශ‍්‍රමයට පැමිණියා.

එය දෙමහල් නිවසක්…………….

ඉතිං මම ඒ නිවසේ පිහිටිමේ දෝස තත්වයන් එකින් එක විග‍්‍රහ කරන්නට වුනා……

ඔහුනගේ උඩු මහලේ ශක්තිය සෘණ අගයකයි පැවතුනේ…..

මම ප‍්‍රධාන නිදන කාමරයේ පිහිටීම ගැන විමසද්දී ඔහු කිව්වා

ඒ අයගේ ප‍්‍රධාන නිදන කාමරය පසුගිය පෙබරවාරි මාසය දක්වාම තිබුනේ පහල තට්ටුවේ එත් ඒ අය පෙබරවාරි මාසයේ තම ප‍්‍රධාන නිදන කාමරය උඩුමහලට රුගෙන ගිය බව…….

මම එක් වනම ඇහුවා පෙබරවාරි මාසයෙන් පස්සේ ඔබේ නිවසේ ආදායම කඩාගෙන වැටුනා නේද කියලා…..

ඔහු පුදුමයෙන් මගේ දිහා බලා සිටියා…

ඔව් පෙබරවාරි මාසයේදි මගේ රස්සාව නැතිවුනා

ඒක තමයි මට දැන් තියෙන ලොකුම ගැටලූව…….

මම ඉක්මනින් මේ ගැටලූව විසදගන්න බොහොම සරල පිලියමක් කිව්වා …..

ඒ වෙන කිසිවක් නොවෙයි යළිත් පහල තට්ටුවේ තමන් එතෙක් හිටපු තැනටම ප‍්‍රධාන නිදන කාමරය රුගෙන එන්න කියන එක…..

……………………………………………..

පොඩි පොඩි වෙනස් කම් වලින් විශාල පිඩාවන් නිර්මාණය කර ගන්නවා වගේම අපිට පොඩි පොඩි වෙනස් කම් වලින්ම එවයින් මිදෙන්නත් පුලූවන්…..

වැදගත් වෙන්නේ ගැටලූව ඇති වෙන තැන හදුනා ගැනීමයි…..

පසු සටහන

ඔහුන් පසුව තම නිවසේ වාස්තු ගැටලූ එකින් එක විසදා ගත්තා.

එහි ප‍්‍රධානම කොටස වුනේ ඉහල මාලය බල ගැන්වීම…..

ඔහුන් එම වෙනස් කම් සිදුකරත් ඒබ ව මට කිව්වේ නෑ.

පසුගිය සතියේ එක් දිනක ඔහු ආශ‍්‍රමයට පැමිණියා………

මම ඔහුගෙන් වාස්තු නිවැරදි කිරීම් කලාදැයි ඇසුවා.

ඔහු ඔව් කිව්වා……

එත් එය මට ගැටලූවක් වුනා .

මොකද තවමත් ඔහුගේ රුකියාව තවමත් ලැබී නැහැ.

මම ඔහුගේ නිවසේ රුකියාවට අදාල දිසා හා උඩුමහල පරික්ෂාවට ලක්කලා.

උඩු මහලේ ශක්තිය දණ බවට පත්වෙලා තිබ්බත් එය රුකියාවක් ලැබිය යුතු මට්ටමට පත්වෙලා තිබ්බේ නෑ…….

රුකියාව ලැබෙන්නනම් උඩු මහලේ අගය අවම ධණ 110 පසුකල යුතු බව මම ඔහුට පැහැදිලි කරලා දුන්නා.

ඉන්පසු ප‍්‍රධානම ගැටලූව උනේ ඔහුන් ඉන්න උඩුමහලේ රුකියාවටම අදාල දිශාවේ තැන් දෙකක් ඉතා අශූභ ලෙස රින අගයන්ගෙන් පෙන්වීමයි.

ඒ එක්කම ඒ තැන් හරහා නිවස තුළට සුළං ධාරාව ගමන් කරන මාර්ගයම අසුබ ලෙසින් පෙන්වනු ලැබුවා.

මම ඔහුගෙන ඒ ස්ථාන පිළිබදව විමසුවා.

ඒ බුදු පහන හා දේව පහන් තියෙන නැන් දෙක….

මම කිව්වා ඒ තැන් වල තිබුණු යම් යම් දේවල් ටිකක් ඉවත් කරන්න කියලා.

ඔහු පසුදාම මේ තැන් පිරිසිදු කලා.

ඉන්පසු එම තැන් වල ශක්තිය බලන විට එවා සුභ බවට පත්වී තිබුණා.

උඩු මහලේ ශක්තිය ධණ 140 බවට පත්වී තිබුණා.

ඔහු දින දෙකකට පස්සේ යළි කථාකරා

ඔහුගේ අහිමි වු රස්සාවම යළි ලැබිලා .

එම වසරේම දෙසැම්බර් 01 ඉදන් යළි ඔහටු රුකියාවට එන්න කියලා.

විශ්වය තේරුම් ගත්තොත්

ගොඩක් දේවල් අපිට දිනන එක පහසුයි.

දීක්ෂා ගුරු

වාස්තු උපදේෂක

කාංචන මනමේන්ද්‍ර

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close