රාවණ වංශිකයෝ

කාෂ්‍යප බුදුන් රාවණ නම් අයෙකුට පැවසු විශ්වයේන් සියලූ ශක්තින් ලබා ගතහැකි මංත‍්‍රය

අභයගිරිය සහ ජේතවනාරාමය නමින් බුදුසමයට අයත් ප‍්‍රධාන පුදබිම් තුනක් බිහිවිය. ඒ අතරේ දාගැබ් තුනක්ද ඉදිවිය. එම දැගැබ් අතරේද ජේතවනාරාමය අතිවිශාල දැවැන්ත ගඩොළු කර්මාන්තයක් ලෙසින් හැඳින්විය හැකිය. ජේතවනාරාමය දාගැබෙහි උස අඩි 400 (මීටර් 110* මෙම දාගැබ අක්කර අටක (8* ප‍්‍රදේශයක ඉදිකර ඇත. මෙම දාගැබ පිළිබඳ සඳහන් කරනවිට මිසරයේ ඉදිකරන ලද ගීසා පිරමීඩ දෙකක පමණක් දෙවැනි වූ උසකින් යුක්ත වූවක් සේ සැලකේ.
පිළිස්සූ ගඩොළු 93,330,000ක් මේ දාගැබ සෑදීම සඳහා මහසෙන් රාජ යුගයේදී යොදාගෙන ඇත. මෙම දාගැබ සාදා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් 28ක් පමණ යටින් ගඩොළින් සාදන ලද පාදමක් මතය. එය මාතෘ පාෂාණය මත බෙඞ් රොක් සාදා ඇත. මේ නිසා මෙම දාගැබ කිසිදු අවස්ථාවක ගිලා බැසීමක් හෝ ඉරි තැළීමක් නැත. අනුරාධපුරයේ ඇති අනෙකුත් දාගැබ්ද සාදා ඇත්තේ එසේය. මහායාන බුද්ධාගමේ බෝධිසත්වයන් පිළිබඳ ඇදහීම හා බෝධිසත්ව වන්දනය ප‍්‍රමුඛස්ථානයක් ගනී. බුදුබව ලැබීමෙන්ම නිවන් දැකීම මහායාන බුදුසමයේ මූලික වූ පරමාර්ථයයි. බුද්ධත්වය ලැබීමට උත්සහ කරන තැනැත්තා බෝධිසත්ව නම් වේ. ථෙරවාදී බුදුසමයෙහිද බුද්ධත්වය ප‍්‍රාර්ථනා කරන තැනත්තා බෝධිසත්ව යන නාමයෙන් හඳුන්වන බව ඉතා ප‍්‍රකටය.

ජේතවනාරාමය හෙළ රාවණ ඉතිහාසයට ඉතා වැදගත් ස්ථානයකි හෙළ භික්ෂුන් ධ්‍යන වැඩු ස්ථානය මෙයයි මහයානික ලෙසින් හංවඩු ගසා හෙළ භික්ෂුන් හෙළ භූමියෙන් එළවා දමා සියලූ දැනුම විනාශ කර දමන්නේද ඒ භූමියේදීමය

මහායානිකයන්ගේ ප‍්‍රධාන ඉගැන්වීම් ඇතුළත් ග‍්‍රන්ථ නවයකි. පිරිසුදු මහායාන අදහස්වලින් පිරිපුන් මෙම ග‍්‍රන්ථ නවය නව – ධර්ම මහායාන සූත‍්‍ර යන නම්වලින් හැඳින්වේ. ‘වේපුල්‍ය සූත‍්‍ර’ යනු මේ සඳහා නමකි.
මෙම ග‍්‍රන්ථ නවය මෙසේය.

1. අෂ්ට සහශ‍්‍රිකා ප‍්‍රඥා පාරමිතා
2. සද්ධර්ම පුණ්ඩරික
3. ලලිත විස්තර
4. ලංකාවතාර සූත‍්‍ර
5. සුවර්ණ පුභාස
6. ගන්ඩ ව්‍යූහ
7. තථාගත ගුහ්‍යක
8. සමාධිරාජ
9 දශභූමීශ්වර

ඉහත සඳහන් කළ එම ග‍්‍රන්ථ නවයෙන් පළමුවෙන්ම සඳහන් කළ ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රයට අයත් වූ ධර්මය රන්පත් හතෙහි ලියා ඇත. මහායාන ධර්මයේ ලේඛන භාෂාව සංස්කෘත භාෂාවයි. සංස්කෘත භාෂාවෙන් ලියා ඇති එම අෂ්ට සහශ‍්‍රිකා ප‍්‍රඥා පාරමිතා සූත‍්‍රයේ කොටසක් මෙම රන්පත් ඉරුවල ලියා ඇත්තේ ලංකාවේ අටවැනි සියවසේ භාවිත වූ සිංහල අකුරුවලින් වීම ඉතා වැදගත්ය. පුස්කොළ පොතක් සේ සකස් කරන ලද මෙම ප‍්‍රඥා පාරමිතා සූත‍්‍ර ග‍්‍රන්ථයේ කොටස ජේතවනාරාමය බණ පොත යනුවෙන් ප‍්‍රකටය.
මහායාන බුද්ධ ධර්මයෙහි ප‍්‍රඥා පාරමිතා යනුවෙන් ශුන්‍යතා ධර්මය මෙන්ම බුදුරජාණන්වහන්සේගේ ධර්මකායද හැඳින්වේ. මහායාන ධර්මයෙහි ත‍්‍රිකාය යන්න සඳහන් වේ. එම ත‍්‍රිකාය මෙසේය.
1. නිර්මාණ කාය
2. සම්භෝග කාය
3. ධර්ම කාය

මෙය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ යුතුව ඇත. එහෙත් ඒ සඳහා මෙය අවස්ථාවක් නොවේ.

ඉදින් අප කියන්නට යන්නේ මහායානිකයන්ගේ ප‍්‍රධාන ග‍්‍රන්ථ නවය නැතහොත් නව – ධර්ම මහායාන සූත‍්‍ර වලට අයත් ලංකාවතාර සූත‍්‍රයෙන් කාෂ්‍යප බුදුන් රාවණ නම් අයෙකුට පැවසු

විශ්වයේන් සියලූ ශක්තින් ලබා ගතහැකි මංත‍්‍රය

තුට්ටේ, තුට්ටේ- වුට්ටේ, වුට්ටේ- පට්ටේ, පට්ටේ-
කට්ටේ, කට්ටේ- අමලෙ, අමලෙ – විමලෙ,විමලෙ- නිමෙ, නිමෙ
හිමෙ,හිමෙ – වමෙ, වමෙ – කලෙ, කලෙ, කලෙ, කලෙ-
අට්ටේ, මට්ටේ – වට්ටේ,තුට්ටේ- ඥෙට්ටේ, ස්පුට්ටේ – කට්ටේ,
කට්ටේ- ලට්ටේ, පට්ටේ- දිමේ, දිමේ – වලෙ, වලෙ – පවේ,පවේ- බන්ධෙ, බන්ධෙ- අඤ්වේ,මඤ්වේ, දුතාරේ, දුතාරේ-
පතාරේ,පතාරේ- අර්ක්කේ, අර්ක්කේ- සර්ක්කේ, සර්ක්කේ –
චකේ‍්‍ර, චකේ‍්‍ර – දිමෙ, දිමෙ – හිමෙ, හිමෙ- ටු ටු ටු ටු – දු දු දු දු
රු රු රු රු – ඵු ඵු ඵු ඵු – ස්වාහා.
පද්මේ, පද්මදේවේ, – හිනේ හිනි හිනේ – වු, වුලේ, වුලූ,
වුලේ – ඵලෙ, ඵුල, ඵුලේ – යුලේ, ඝුලේ, යුල, යුලේ – ඝුලේ,
ඝුල, ඝුලේ – පලේ, පල, පලේ – මුඤ්වේ, මුඤ්වේ, මුඤ්වේ –
විජින්දේ, භින්දේ, භඤ්ජේ, මර්දේ, ප‍්‍රමර්දේ, දිනකරේ – ස්වාහා.

3 1 vote
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x