රාවණ වංශිකයෝ

හෙළ ඉතිහාසය සීගිරියේදී කොන්කී‍්‍රට් කළා

බඹර රජු කතා කරයි

ඞීමන් ආනන්ද කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ හැට හැත්තෑව දශකවල ලංකාවේ පාඨකයන් අමන්දානන්දයට පත් කළ ත‍්‍රාසජනක කතා දහස් ගණනක් ලියූ ගත්කතුවරයකුවය. එහෙත් අප කතා කරන්නට යන්නේ ඒ ඞීමන් ආනන්ද ගැන නොවේය. වරෙක සීගිරියේ ගල උඩ උපවාස කරමින් සීගිරියේ උරුමය රැුකගැනීමට සටන් කළ ඞීමන් ආනන්ද ගැනය. තවත් වරෙක බඹරුන්ට කතා කරමින් බඹරුන්ගේ රජු ලෙස පෙනී සිටි ඞීමන් ආනන්ද පිළිබඳය. එසේත් නැතිනම් මහනුවර නගරය පුරා මෙන්ම කොළඹ කොටුවේ සිට අරලියගහ මන්දිරය ද

ක්වා අඬ බෙරයක් වයමින් දළදා මාලිගාවේ ¥ෂණ පිළිබඳ රටටම මොර දුන් ඞීමන් ආනන්ද පිළිබඳය. එසේම කැවුම් කොකිස් කද මලූ බැඳගෙන කොටි අඩවියට නෑගම් ගියේද ඔහුමය.
සත්‍ය ලෙසම ඞීමන් ආනන්ද යනු කවුරුන්ද කියා සොයා බැලිය යුතුව ඇත. එක් අතකින් ඔහු පාරම්පරික අංගම් ශිල්පියෙකි. එසේම පේරාදෙණිය සරසවියේ උපදේශකවරයෙකි. එහෙත් ඔහු කරළියට පිවිසෙන්නේ සීගිරියේ සිදුකෙරුණු සංරක්ෂණ ව්‍යාපෘතියට එරෙහිව සීගිරියේ ගල උඩ සිදුකළ උපවාසයත් සමගිනි.
‘අවුරුදු කිහිපයක ඉඳලා මම සීගිරිය රැුකගන්න උත්සහ කරනවා. ඒක මගේ දෙයක් නෙවෙයි. ඒක හෙළ ජාතියේ උරුමයක්. රාවණ දැහැන කියලා අතිප‍්‍රබල මන්තරයක් විශ්වයෙන් මට ලැබිලා තියෙනවා. එදා ඉඳලා සීගිරියේ බඹරු මාත් එක්ක කතා කරන්ඩ පටන්ගත්තා. මේ බඹරු මගෙන් දිනපතා ඉල්ලපු දේ තමයි, ‘සීගිරිය කියන්නේ අපේ හෙළ රාජධානිය. ඒක විනාශ වෙමින් යනවා. ඒක රැුක ගන්ඩ’ කියන එක.’ ඞීමන් ආනන්ද තම කතාව අප සමග අරඹන ලද්දේ එලෙසින්ය.
‘ඒ හැර මට දේශපාලනයක්වත් වෙනත් පෞද්ගලික ප‍්‍රශ්නයක්වත් නෑ. සීගිරිය උඩට නැගලා උපවාසයක් කරන්ඩ තීරණය කළේ සීගිරිය ලෝක උරුමයක් වීම හරහාම හෙළ ජාතියේ උරුමයට වැදුණු හෙණය මට බලාඉන්ඩ බැරි වුණ නිසයි. සීගිරිය සංරක්ෂණය කරන්ඩ කියලා ආව ආයතනය එහෙට ඇවිත් සිදුකළේම හෙළ ඉතිහාසය වහලා දාන එක මිසක් වෙනත් දෙයක් නෙවෙයි.’
‘සීගිරියේ විනාශයට බල පෑ පළමු වැනි හෙණය වුණේ සීගිරියේ පිටුපසින් ගල මුදුනට අවශ්‍ය බඩු ගෙන යන්නට සවි කළ කේබල් පද්ධතිය. එයාලා පුරාවිද්‍යා බිමක තියෙන සීගිරිය කියන ස්වභාවික කළුගලට දිගින්දිගටම විදලා යකඩ කණු සවි කළා. මේ ගල විදීම සීගිරියේ පැවැත්මට ප‍්‍රබල තර්ජනයක් වුණා. මේ ඔක්කොම දැන් සිද්ධ වෙලා ඉවරයි. මම සීගිරිය උඩ උපවාස කළේ ඒවා නතර කරවන්න. ඒත් පොලීසියෙන් ඇවිත් මාව බලෙන් අරන් ගිහින් නඩු දැම්මා. ඒත් ඒ නඩුව පස්සෙ සමාදානයකට පත් වුණා. ඇත්තටම සමාදානෙකට පත් වුණා නොවෙයි පත් කෙරෙව්වා. මගේ ළමයි මරණවා කියලා බල කරලා ඒ නඩුව ඉවර කර ගත්තා. මේවට වගකිව යුතු අය ගොඩක් ඉන්නවා.’ (ඞීමන් ආනන්ද මෙහිදී නම් කිහිපයක් සඳහන් කළ අතර මාධ්‍ය සදාචාරය තුළ අප ඒවා පළ කරන්නේ නැත*
‘මහාචාර්ය සෙනරත් පරණවිතාන, රාජ් සෝමදේව කියන්නෙ අපේ අද්විතීය පුරාවිද්‍යා ගවේෂකයන්. එ අය පුරාවිද්‍යා බිම් කණින්නට උපයෝගි කර ගත්තේ කුඩා මේස හැඳි හා කුඩා බුරුසු වගේ ඒවා. සීගිරිය කට්ටියක් කියන විදියට කාශ්‍යප රජුගේ මාලිගය. ඒක කුවේරගේ ආලකමන්දාව, මහා රාවණගේ ලංකා පුරය, මේ මොකක් කිව්වත් ඒ අපේ අද්විතීයීය රාජධානියක්.’

‘ඇත්තටම සීගිරිය කියන්නේ ලෝකයේ දියුණුම නගර සැලසුමක් සහිත රාජධානියක්. මේ ගල උඩ තියෙන මාලිගය විතරක් නොවෙයි, ඒකට අයිති මේ පොළොවේ අඟලක් අඟලක් පාසා අපේ ඉතිහාසය තියෙනවා. පුරාවිද්‍යා භූමිවල කාපට් අතුරන්නේ ඇයි? ඒ විතරක් නොවෙයි, මේක ස්වාභාවික පරිසර පද්ධතියක් සහිත නගර සැලසුමක්. ඒ ගස් වටේට කොන්ක‍්‍රීට් බැමි බඳින්නේ මොකටද? මම ඒකයි පැහැදිලිවම කියන්නේ හෙළ ඉතිහාසය යළි මතු කරගත නොහැකි ලෙස වසා දැමීමේ සැලැස්මක්. ඒ වගේම සීගිරි ගලේ තිබුණු හෙළ අක්ෂර සහිත තැන් කිහිපයක්ම මේ වනවිට වහලා දාලා.’
‘ඒ විතරක් නොවෙයි. ඔය සංවර්ධනය අස්සේම සීගිරි ගල තුළට ඇතුළු වෙන්න පුළුවන් මාර්ග කිහිපයක් මතුකර ගත්තා. කේබල් පද්ධතිය ඉදි කරේ මේ වෙනුවෙන්මයි. රාවණ රජතුමාගේ රත්තරන් ඇඳක් මේ කැණීම්වලදී ලැබුණා. මම ඒවා ඡුායාරූප ගත කළා. ඒක උමගෙන් ගොඩට ගත්තේම හොඳට ආවරණය වෙන්න ඔතලා. ඒ විතරක් නෙමෙයි, වසර දහස් ගාණක් හෙණ නොගහපු සීගිරියට හෙණ ගැහුවේ කොහොමද? ඒ හෙණ ගැහුවා කිව්වෙත් ගල මුදුනට නෙමෙයි, සිංහ පාදයට. සිංහ පාදය තුළින් ඇතුළු වෙන්න පුළුවන් මාර්ගයක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. මේකට හෙණ ගැහුව නම් හෙණයක් ඇවිල්ලා තියෙන්නේ උමං කට හොයාගෙන. මේ උමං මාර්ග සංරක්ෂණය කරනවා වෙනුවට කොන්ක‍්‍රීට් දාලා වැහුවා. මේ තැන් වහන්ඩ නම් හාරන්ඩ ඕනෙ නෑ. අද වෙනකොට මේ සියල්ලෙම ප‍්‍රතිඵල ලැබෙමින් පවතිනවා. දැන් සීගිරියේ ගල පුපුරනවා. කැටපත් පවුරේ, බිතුසිතුවම්වල පතුරු ගැලවෙනවා. ගල විදිනවට විරුද්ධව මම මුලින්ම විරුද්ධ වෙලා උපවාස කළේ ඒ නිසයි.’
‘ඔය ගස් වටා සිමෙන්ති බැමි බැඳලා වහලා දාපු ප‍්‍රදේශය පුරාවිද්‍යාත්මකව ප‍්‍රබල වටිනාකමක් තියෙන ප‍්‍රදේශයක්. ඔය ප‍්‍රදේශය නිසි පුරාවිද්‍යාත්මක ගවේෂණයකට ලක් වෙලා නැහැ. ඔය ප‍්‍රදේශයේ තමයි පැරැුණි රාවණ මාලිගාවත් තියෙන්නේ. සීගිරි බඹරුයි මට ඒක කිව්වේ. ඉතිහාසයෙන් වැහිලා තියෙන එකයි, යළි මතු නොවෙන්න වහලා දාන එකයි කියන්නේ දෙකක්. අපේ මුතුන්මිත්තෝ ඒ අයගේ ඩහදිය යළි මතු නොවෙන්න වහලා දානවට කැමැති නැහැ. කොහොම වුණත් සීගිරියේ කළු බඹරුන්ව සීගිරියෙන් එළවලා දැම්මට වැඩක් වෙන්නෑ. ඒ අය සීගිරිය හොයාගෙන ආයෙත් එනවා. මොකද ඒගොල්ලන්ගේ ආත්මයන් තියෙන්නෙ සීගිරියත් එක්ක’

ඒ ඞීමන් ආනන්ද තමන්ගේ සීගිරි සටන ගැන කියන කතාවය. එසේම සතුන් සමග කතා කිරීම හැමෝටම කළ හැක්කක් නොවේය. එහෙත් ඔහු කියන ලෙසට ඔහුට ඒ හැකියාවද ඇත. පේරාදෙණිය සරසවියේ සිසුන්ට සතුන් හා අනුගත වන අයුරු දේශන පවත්වන්නට තරම් ඔහු එහි දක්ෂයෙකි. තවදුරටත් ඉතිහාසයේ මහා පාවාදීම ඔහු අප හා කතා කළේ මෙලෙසින්ය.
‘ඇත්තටම සීගිරියේ බඹරු අනිත් බඹරුන්ට වඩා වෙනස්. සීගිරියේ කළු බඹරු කියන්නේ අපේ සිවු හෙළයේ මුතුන්මිත්තෝ. ඒ අය තමන්ගේ දිවිහිමියෙන් රැුක ගන්ඩ ඕන තැන් රැුක ගන්ඩ බඹරු විදියට ඉන්නවා. සීගිරියේ විතරක් නොවෙයි, දළදා මාලිගයෙත් මේ විදියටම හිටියා. සීගිරියේ බඹරුන්ව පුච්චලා එළෙව්වා. මාලිගාවේ බඹරුන්ට ගෑස් ගහලා මරලා දැම්මා. අන්තිමට මොකද වුණේ? එහෙම කරලා මාස කීයද ගියේ දළදා මාලිගයට කොටි බෝම්බ තිබ්බා. මේවට විරුද්ධවයි මම අඬබෙර ගගහා නුවර වැව වටේ ගියේ’
‘සීගිරි බඹරු කියන අපේ මුතුන්මිත්තෝ මේ රටට උදව් කරන්න කැමැතියි. මම යුද්ධය තිබ්බ කාලේ බඹරුන් යොදවලා බෝම්බ හොයන ව්‍යාපෘතියක් සැලසුම් කළා. ඒකට යුද හමුදාවේ මැදිහත් වීමෙන් සඟවපු බෝම්බ 16ක් පැය දෙකක් තුළ සොයලා පෙන්නුවා. එය සාර්ථක වුණු නිසා වන්නියට ගෙන යන්නට පුහුණු කරපු බඹරු බළකායක් මගෙන් ඉල්ලූවා. වගකිවයුතු ඉහළ අය හරහායි ඒ ඉල්ලීම ලැබුණේ. (ඞීමන් මහතා නම් කිහිපයක් සඳහන් කරයි* මම අපේ හොඳම ජවසම්පන්න මුතුන්මිත්තන්ට එන්න කියලා ආරාධනා කළා. මුලින් ඒ අය කැමැති වුණේ නෑ. නමුත් අවසානයේ මගේ ඉල්ලීමට රට වෙනුවෙන් බඹරු පැමිණියා. මම ඒ අයව කූඩු කරලා ගෙනියන්ඩ ලෑස්ති කළා. මගේ ආත්මයම විනාශ කළේ එදා…. අදටත් ඒ සිදුවීම මතක් වෙන කොට ඇඬෙනවා…. යළි එකී සිදුවීම සිහිපත් වී (ඔහුගේ දෑසින් කඳුළු ගලන්නට විය. ඒ කඳුළු පිසදමා ඔහු නැවත අප හා කතාබහට එක්විය* එදා ? ඒ සත්තු ඔක්කොටම ගෑස් ගහලා මරලා දැම්මා. (පැමිණි පුද්ගලයාගේ නම සඳහන් කරයි* රාවණ යුගයේ විභීෂණ කරපු පාවාදීමට පස්සේ කරපු ලොකුම පාවාදීම මේකයි. මගේ වචනෙට ආපු මුතුන්මිත්තෝ පිච්චිලා අඟුරු වෙලා ගියා. ඇයි මෙහෙම කළේ? එතැනින් ඒ ව්‍යාපෘතියත් එහෙම්ම ඉවර වුණා. ඇයි මේ අයව ගෙන්නලා මරලා දැම්මේ? මම අහන්නේ මෙන්න මේවා’
‘මම මේ දේවල්වලට විරුද්ධ වීමේ ප‍්‍රතිඵල මගේ ඇඟ පුරාම අදටත් තියෙනවා. ඇඟ පුරා මැහුම් අනූහතක් මේ වනවිට දාලා තියෙනවා. මගේ ඔළු කට්ට හැමතැනම පුපුරලා තියෙන්නේ. මට වෙඩි තිබ්බා. ඒත් මාව මරන්ඩ බැරි වුණා. ඒ මම විශ්වාස කරනවා ඒ මට ලැබුණ රාවණ දැහැන නිසා කියලා. මගේ වගකීම තාම ඉවර නෑ. ඉවර වෙනකන් මාව මරන්ඩ කාටවත් බෑ’
‘සීගිරියේ වහලා දාපු ඉතිහාසය ගැන මම බලධාරින්ට ලියුම් සිය ගණනක් දැම්මා. ඒත් වැඩක් වුණේ නෑ. මම අ`ඩබෙර ගැහුවා. ඒත් වැඩක් වුණේ නෑ. මම රටට ද්‍රෝහියෙක් නොවෙයි. යුද්දේ වෙලාවේ කැවුම් කිරිබත් ගෝනි ගණන් අරගෙන කිළිනොච්චියට ගියේ මමයි. ඒ අපේ ජාතීන්ගේ සහෝදරත්වය වෙනුවෙන්. ඒත් ඒකට මට ලැබුණෙත් දඬුවමක් විතරයි. නුවර මගේ ගෙදරටම කොටි ඇවිත් නියෝග කරා කිළිනොච්චියට එන්ඩ කියලා. මාව ගෙනිහිල්ලා කූඩුවකට දාලා යකඩ දම්වැල් දාලා පාස්සලා සතියක් තියා ගත්තා. එකට හිටපු අයව දවසින් දවස මැරුවා. අන්තිම මොහොතේ රතු කුරුසෙන් ඇවිත් මාව බේර ගත්තා. මම ඒ නිසා ජීවත් වෙනවා’
‘කළු බඹරු කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම අපේ භූමිය ආරක්ෂා කරපු සේනාවන්වල ආත්මයි. ඒ අයට අලින්ව හොඳින් පාලනය කරන්ඩ පුළුවන්. ගම් වදින අලි වෙඩි කාලා මැරෙන එක නවත්තන්ඩ මේ බඹරුන්ට පුළුවන්. බඹරුන් අලි වැටක් විදියට යොදාගන්ඩ පුළුවන් කියන එක ගැන මම අදාළ අංශ දැනුවත් කරා. ඒත් ඔවුන් ඒක අත්හදා බලන්ඩවත් සූදානම් නෑ.
මම කියන්නේ කරන්ඩ බැරි දෙයක් ගැන නොවෙයි. අපේ අතීත මුතුන්මිත්තෝ පරිසරයෙන්මයි පරිසරය පාලනය කළේ. මේකත් එහෙම්මම දෙයක් මිසක් ලොකු දෙයක් නොවෙයි. කෝටි ගණන් අලි වැටවල්වලින් කොමිස් කන අය මේවට අකුල් හෙළනවා’
‘පේරාදෙණියේ සරසවියේ සිසුන්ට මම බඹරුත් එක්ක කතා කරන්න විදිය කියලා දෙනවා. මට මේ වැඬේ කරගන්න බැරි වුණොත් කවුරුන් හෝ මේ දේවල් කරාවි. නුවර මගේ ගෙදර මම පාසලක් පවත්වගෙන යනවා. ඒකෙ කරන්නෙත් සත්තුන්ව අපි හුරු කර ගන්නේ කොහොමද කියලා, කියලා දෙන එක. මේවට අකැමැති පිරිස ගොඩක් ඉන්නවා. මොකද සොබාදහමේ ශක්තිය ඔය හැම ශක්තියටම වඩා වැඩියි. එක පාරක් බඹරුන්ගෙන් වැඩ ගන්න පුළුවන්ද කියන එක ඔප්පු කරලා පෙන්නන්න කියලා නිලධාරින් වගයක් මට අභියෝග කළා. ඒ නුවර ක‍්‍රිකට් තරගයක් තියෙන දවස්වල. පුළුවන් නම් මට ඒක නවත්තලා පෙන්නන්න කිව්වා. ඔයගොල්ලන්ට මතක ඇති තරගයක් පැවැත්වෙන කොට බඹරු ක‍්‍රීඩාංගණයට පහත් වෙලා ක‍්‍රීඩකයෝ විනාඩි ගාණක් බිම දිගා වෙලා හිටපු සිද්ධිය. ඒක මමයි කළේ. මට තරග නවත්තන්න අවශ්‍යතාවක් තිබ්බෙ නැහැ. ඒකයි මම ඒ අයව විනාඩි ගාණකින් යළි ගෙන්නා ගත්තෙ.’
‘සීගිරිය, දළදාව කියන්නේ අපේ උරුමය විතරක් නොවෙයි. සිවු හෙළයන්ගේ ජීවිතය. ඒක විනාශ කරන්ඩ ඉඩ දෙන්ඩ බෑ. මම කෑ ගහන්නේ ඒ වෙනුවෙන් විතරමයි’
ඞීමන් ආනන්ද රටක් එක්ව කළ යුතු දේ තනියෙන් කරන්නට ඉදිරිපත්ව ඇත. ඔහුගේ හෙට දවස තීරණාත්මකය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close