රාවණ වංශිකයෝ

රාවණ පහන දල්වා ජිවිතය එළිය කරගන්න

හෙළයන් ලෙසින් රාවණ දෙවිඳුන් උදෙසා වත්පිළිවෙත් කිරීමත්, හෙළ චින්තනය මත ක‍්‍රියාකිරීමත් හරහා තම බලාපොරොත්තු උපරිම ලෙස ඉටුකර ගත හැකි වෙයි.
රාවණ දෙවිඳුන්ගේ ශක්තිය ප‍්‍රබල ලෙස ගැබ් වී ඇති පිළිමය ලෙසින් සැලකෙන්නේ ”යගු කෞරාණ මණ්ඨක” හෙවත් යක් පෙනුමක් සහිත පිළිමයයි. මෙය ත‍්‍රිමාන ප‍්‍රයෝග සහිතව නිපදවා ඇති ලොව ප‍්‍රථම පිළිමයයි. මෙහි යක් ස්වරූපය තුළින් තම පරපුර හැඟවෙන අතර, ඒ පිළිමය දෙස මඳ වේලාවක් බලා සිටීමෙන් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් රාවණ දෙවිඳුන් දැකගත හැකිවෙයි. (මෙම රූපය අන්තර්ජාලයෙන් ලබාගත හැකිය.
බුදුන් වැඳීමෙන් පසු, මෙම රූපය අබියස දිනපතා පිරිසුදු පැන් බඳුනක් තබන්න. එළඟිතෙල් මිශ‍්‍ර කළ පහනක් ඒ අබියස දල්වන්න. ඉන්පසු,

” ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

යන ස්ත්‍රෝත‍්‍රය හත් වරක් ප‍්‍රකාශ කරන්න. අවසානයේ රාවණ දෙවිඳුන්ට පිං දෙන්න. හැකි අවස්ථාවල දී රාවණ දෙවිඳුන් උදෙසා මී අඹ පූජා කිරීමෙන් තම අපේක්ෂා ඉටු කරගැනීම වේගවත් වෙයි.
රාවණ දෙවිඳුන් වැදීමේ දී යහපත් ධර්මතාවන් පවත්වා ගැනීම අනිවාර්ය වන අතර, දෙවියන් උදෙසා තැබූ පැන් බඳුන පසු දා පානය කිරීමෙන් ශරීරගත රෝගයන් සුවපත් වෙයි. තම පුජාවන් දෙවියන් පිළිගන්නේ නම් එම පැන් ”වැල් මී” රසයට හැරී පැවැතිය යුතුය.

බ‍්‍රහස්පතින්දා උදේ 6.10 රාවණ හෝරාවේ දී උතුරු දිශාව බලා
” ඕං කිලිං සොහරි හරි සුහම්”
යන මන්ත‍්‍රය සිහිකර අරඹන වැඩකටයුතුවලින් ජය හිමිවෙයි.

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x