Arrival of Alien

සියපතේ සැඟවුණු විශ්ව කේතය ...


KANCHANA GEETHA MANAMENDRA·SATURDAY, APRIL 22, 2017·

ආශ‍්‍රමයේ විශේෂිත පුජාවන් සදහා භාවිතා කරන්නේ නෙළුම් මල් පමණයි.

එයට හේතුව එක් එක් දෙවියන් විශේෂිත වු මල් අතර නෙළුමට විශේෂ තැනක් හිමිව තිබීමයි.

දෙවිවරු බෙහොමයක් රූපයට නැගීමේදි නෙළුම ඒ ආසන්නයෙන් හරි යොදන්න උත්සහ දරලා තියෙනවා…

නෙළුම කියන්නේ විශ්ව සංකේතයක්…
ඇයි නෙළුම විශේෂ වෙන්නේ මා දකින්නේ එ තුළ සැගවුණු අරුතක් තියෙනවා….

සමාජය ඇසින් දකින දෙය පමණක් ක‍්‍රීයාවට නගන නිසා නෙළුම පුජාවට භාවිතා කරනවා…

එහි සැගවුණු අරුත කුමක්ද ?

තමන් තුළ නෙළුම පුබුදුවා ගත්තොත් දෙවියන් දකින්නට පුලූවන් කියන එකයි….

අතීත ශිෂ්ඨාචාර ගොඩ නැගු පිටසක්වලයෝ මේ පොළවෙන් පිටව යද්දී අනාගතයේ

තමන් හා සන්නිවේදනය කරන්න අවශ්‍ය අයට ඔහුන්ව සොයාගත හැකි කේත සිතුවම් කරලා ගියා…..

පිරමීඩ වල නෙළුම් අතින් ගත් මිනිසුන් පිරමීඩ නිර්මාණය කල තැනැත්තා ලෙසින් සලකන කුරුළු මිනිසා ඉදිරියේ සිටින රූපය මා දකින්නේ කේතයක් ලෙසිනුයි…

පිරමීඩ තනන්නේ ඔහුනගේ මතයට අනුව දෙවියන්නම් දෙවියන් වෙත යා හැකි මග නෙළුම තුළ තියෙනවා….

අපේ රටෙත් මේ සමානම රූප තියෙනවා….

සීගිරිය කියන්නේ මගේ මතයට අනුව අන්තර් නැවතුමක්…

එහෙනම් අපේ ශිෂ්ඨාචාරයට ගැලපෙන ලෙසින් මෙහිත් දෙවියන් නැතහොත් පිටසක්වලයන් හා එක්විය හැකි මග පිලිබද කේතයක් තබා ගන්නට ඇති….

මොකද්ද මේ කේතය…

නෙළුමේ සොබාවය ටිකක් හිතා බලන්න…

සැගවුණු මුලයක් තුළින් පැන නැගී ඉහලට ගමන් කොට අග්නිය ජලය සමබර කරමින් අවසානයේ විකසිත වෙනවා. එය හරිවට කුණ්ඩලීණිය වගේ….

කුණ්ඩලීණිය අවධි වීම සංකේතවත් වන්නෙත් හිස උඩින් පිපිනෙ නෙළුමකින්…

ජිවආත්මය තුළින් පැන නගින ශක්තිය අගිනිය ජලය සමබර කරමින් කොදුඇට පෙල දිගේ ඉහලට ගමන් කොට හිසට ඉහලින් වු සහස්සර චක‍්‍රය තුළින් පරමාත්මය හා බද්ධ වීම මේ කේතයයි.

කේතය නියමාකාරයෙන් ලිහා ගන්නා පුද්ගලයාට දෙවියන් නැතහොත් පිටසක්වලයන් හා එක්විය හැකි වෙයි.

හැබැයි මම සීගිරියේ ඇදි කේත පසුකාලීනව වෙනස් කර ඇති ආකාරයක් දකිනවා මොකද සමහර සිතුවම් වල නෙළුම පහත් කර අරලිය මල ඉහලට ඔසවා තියෙනවා. එහි අත තබා ඇති ආකාරය තුළින් හස්ථ පිරමීඩය නිර්මාණය වෙනවා.

මා පෙර ලිපියකින් හස්ථ පිරමීඩය ගැන ලියා තිබෙනවා.නෙලුමෙන් පෙන්වු මග සරල කොට තමන් තුළ ඇති ශක්තිය එලියට ගන්නා ආකාරය මෙහි සටහන් කලා විය හැකිය.

මෙහි මා දකින්නේ වෙනත් අදහසක් ගැබ්ව ඇති බවයි.

පිටසක්වලයින්ගෙන් මිදි භෞතික සංවර්ධනය උදෙසා පුද්ගල පිරමීඩය නිර්මාණය කිරීම….

මෙය ටිකක් ගැඹුරු අදහසක්..

නමුත් මා පුද්ගල පිරමීඩය කියන එක අත්දැකීමෙන් විස්වාස කරන සත්‍යයක්….

නැතහොත් නෙළුම පුජාකරමින් දෙවියන්ගේ ආශිර්වාදය සෙවිය හැකිය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 4 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x