Arrival of Alien

අටපට්ටමේ සැගවුණු පිරමීඩ තාක්ෂණය


KANCHANA GEETHA MANAMENDRA·WEDNESDAY, MAY 10, 2017·

වෙසක් කාලය ලංවෙත්ම දරුවන්ගේ හිත් වලට මතක් වෙන්නේ කුඩූ හදන්න ඔනේ කියන එක…

වෙසක් කුඩුවේ හරය පිලිබදව ඔනේ තරම් ගැඹුරු බුද්ධ දර්ශණය හා බැදුණු කරුණු කාරණා පවතිනවා….

නමුත් මා කියන්න උත්සහ කරන්නේ එවැන්නක් නොවෙයි…..

අපේ පැරන්නෝ අපේ පැරණි තාක්ෂණික ක‍්‍රම සියල්ලම වෙනත් දේවල් තුළ සගවමින් අනාගතයට උරුම කර දුන්නා….

අටපට්ටම තුළිණුත් මෙසේ උරුම කරදුන් තාක්‍ෂණයක් පවතිණවා…

එය තමයි පිරමීඩ තාක්‍ෂණයේ මුලික හරය….
……………………………………………………..
ලෝකයට පිරමීඩ උරුම වුනේ හෙළයන්ගෙන් කියලා කිව්වම බොහෝ අය අහන දෙයක් තමයි ඇයි එහෙනම් ඒ තාක්‍ෂණය අපිට නැත්තේ කියන එක…

අපේ සියලූ තාක්‍ෂණික ක‍්‍රමවේදයන් අපෙන් ගිලිහි ගිය යුගය තුළ අපේ සටන් ක‍්‍රමය මෙන්ම සටන් ඇදුම උඩරට නැටුම් ක‍්‍රමය තුළ සැගවුණා වගේම පිරමීඩයේ මුලික හරය අටපට්ටම තුළ සැගවුණා කිව්වෙත් එහි වරදක් නෑ….

පිරිමීඩයක මුලි සැකැස්ම වනුයේ සමචතුරස‍්‍රයක් මත ගොඩනැගුණු ත‍්‍රීකෝණාකාර පැති හතරක් සහිත ඉදිකිරීමකි….

සමචතුරස‍්‍රය කියන්නේ වාස්තු වල ප‍්‍රබලම බලය….

හොදින් හිතලා බලන්න මෙතන තියෙන්නේ එක මත එක තැබිය හැකි විහිදවන ලද පිරමීඩ දෙකක්….

අට පට්ටම නිර්මාණය වෙන්නේ ත‍්‍රීකෝණ අටකින්…

එම ත‍්‍රීකෝණ අට තුලින් සමචතුරස‍්‍ර හයක් නිර්මාණය කරනු ලබන්නේ..

…………………………………………..

අප පිරමීඩයක් හදාගන්නේ කොහෙමද කියලා හිතුවෙත් එය බොහෝ අයට පරිමාණය පිලිබද ගැටලූ ඇති කරනු ලබනවා.

නමුත් අපේ පැරුන්නෝ ගෙදර ඉන්න පොඩිම එකාටත් මේ තාක්‍ෂණය කියලා දුන්නා. බොහොම සරලව…..

අටපට්ටමක් හදන්නේ එකසමාන දිගින් යුතුව ගන්න ත‍්‍රීකෝණ වලින් එසේ ගන්න ත‍්‍රීකෝණ හතර සමචතුරස‍්‍රාකාර පාදමක් එන ලෙස ගැටගසනවා. එතනින් පස්සේ ඒ ත‍්‍රීකෝණ හතරේ මුදුන් එකට ලංකරලා ගැට ගැසුවම නියමා කාරයේ පිරමීඩයක් නිර්මාණය වෙනවා….

මෙහි පවතින විශේෂය තමයි එය කොතරම් කුඩා වුවත් විශාල වුවත් පරිමාණය පිලිබදව ගැටලූවක් ඇති නොවීම…..

අපේ සංස්කෘතිය තුළ මේ වගේ සැගවුණු කාරණා බොහෝ තියෙනවා…

දකින දේ තුළ නොනැවති එහි අභ්‍යන්තරය දකිනවනම් එවා පේන්න පටන්ගන්නවා….

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x